Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න

මෙරට තේ නිශ්පාදනයක් වෙනුවෙන් නොබෙල් ත්‍යාගයක් හිමි වී නොමැත

Misleading
Misleading

මෙරට තේ නිශ්පාදනයක් වෙනුවෙන් නොබෙල් ත්‍යාගය හිමිවූ බවට කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා විසින් සිදුකරන ප්‍රකාශයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බව නිරීක්ෂණය විය

by Anonymous |

සැප්තැම්බර් 30, 2025

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති විසින් ශ්‍රී ලංකාවේ තේ සදහා නොබෙල් ත්‍යාගය හිමිවූ බවට සදහන් කරන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බව FactSeeker ට නිරීක්ෂණය විය.

පසුගියදා පැවති කෘත්‍රිම බුද්ධිය හා එම තාක්ෂණය මූලික කරගත් NATIONAL AI EXPO ප්‍රදර්ශනයට සහභාගී වූ අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙම අදහස පළ කර තිබුණි.
” අපිට නොබෙල් ප්‍රයිස් එක ලැබුණා ජපානයේ තිබුණු එක්ෂිබිෂන් එකේදී. ලංකාවේ තේ කිලෝ 1ක් ඩොලර් අටසිය හැට ගාණකට ගියා.ඒක ලංකාවේ මුදලින් දෙලක්ෂ හැත්තපන්දාහක් විතර. මං හිතන්නේ ඒක ගිනස් වාර්තාවක් පිහිටෙවුවා.” යනුවෙන් ඔහු එහිදී සදහන් කළේය.
https://www.facebook.com/reel/1369250131224879
මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය පරිශීලකයන් විසින් බොහෝ අදහස් දක්වා තිබූ බැවින් මෙම ප්‍රකාශය පිළිබදව FactSeeker විමර්ශනයක් සිදු කළේය. ඒ අනුව මේ සම්බන්ධයෙන් වන නිල පළකිරීම් පිළිබදව සොයා බැලීය. New Vithanakande Tea Factory ආයතනයට ඔවුන්ගේ තේ නිෂ්පාදනය සදහා ඇගයීමක් හිමිවී ඇති අතර එය ගිනස් වාර්තා අතරට එක්වී ඇත. ලොව මෙතෙක් අලෙවි වූ මිල අධිකම තේ වර්ගය නිෂ්පාදනය කිරීම වෙනුවෙන් ඔවුන්ට මෙම ලෝක වාර්තාව හිමිවී තිබුණි.

ජපානයේ පැවති වෙන්දේසියකදී නව විතානකන්දේ තේ කර්මාන්ත ශාලාව විසින් නිෂ්පාදනය කළ Ceylon Black Tea (FFExSp), එනම් ‘ෆයින්නස්ට් ෆ්ලෝවරි එක්ස්ට්‍රා ස්පෙෂල්’ (Finest Flowery Extra Special) ලෙස හැඳින්වෙන ඉතාම උසස් තත්ත්වයේ කළු තේ වර්ගයක කිලෝග්‍රෑම් 01 ක ප්‍රමාණයක් ජපන් යෙන් 125,000 එනම් ඩොලර් 845 (එය දළ වශයෙන් රුපියල් 252,500 කට සමාන වේ) ක වාර්තාගත මිලකට අලෙවි වී තිබුණි.ඒ අනුව ඔවුන්ට එම වාර්තාව හිමිවිය.

Most Expensive Tea: New Guinness Record for Ceylon Tea

SL tea factory sets Guinness record for world’s most expensive tea

නොබෙල් ත්‍යාගය පිරිනමන්නේ මානව වර්ගයාගේ ශ්‍රේෂ්ඨතම ප්‍රයෝජනය උදෙසා විශිෂ්ට දායකත්වය ලබාදුන් පුද්ගලයන්ට හා සංවිධානවලටය. එවැනි වූ සම්බන්ධයක් අදාළ සිදුවීම සම්බන්ධව වන පළකිරීම් වල නොමැති බව ද අනාවරණය විය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පසුව සුනිල් හදුන්නෙත්ති අමාත්‍යවරයා පැහැදිළි කිරීමක් කර ඇති බව ද මේ පිළිබදව කළ විමර්ෂණයෙන් පසුව අනාවරණය විය.
https://www.facebook.com/share/v/1BPc1fn21x/

 

Latest updates

#AI

18 වංගුවේදී බස් රථයක් මතට ගලක් කඩා වැටී 08 දෙනෙකු මියගිය බවට පැතිරෙන පුවත සම්පූර්ණයෙන්ම ව්‍යාජයි

ජූනි 15, 2026

#AI

මහා පරිමාණයේ අයිස් කැට වැස්සක් දැක්වෙන වීඩියෝව AI මඟින් නිර්මාණය කරන ලද ව්‍යාජ එකකි

මැයි 28, 2026

#fake

උතුරේ වෙසක් උත්සව තහනම් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ව්‍යාජ පුවත

මැයි 27, 2026

#false

ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් 10,000 ක නව මුදල් නෝට්ටුවක් නිකුත් කළා ද?

මැයි 18, 2026

Related Content

18 වංගුවේදී බස් රථයක් මතට ගලක් කඩා වැටී 08 දෙනෙකු මියගිය බවට පැතිරෙන පුවත සම්පූර්ණයෙන්ම ව්‍යාජයි

ජූනි 15, 2026

මහා පරිමාණයේ අයිස් කැට වැස්සක් දැක්වෙන වීඩියෝව AI මඟින් නිර්මාණය කරන ලද ව්‍යාජ එකකි

මැයි 28, 2026

උතුරේ වෙසක් උත්සව තහනම් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ව්‍යාජ පුවත

මැයි 27, 2026

ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් 10,000 ක නව මුදල් නෝට්ටුවක් නිකුත් කළා ද?

මැයි 18, 2026

රතුගල ආදිවාසි නව නායකයා සරසවි සිසුවෙක් නෙවෙයි

මැයි 14, 2026

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection