Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න

මහ බැංකුවේ අර්ධකාලීන රැකියා අවස්ථා තිබෙන බව සඳහන් පෝස්ටු අසත්‍යයි.

False
False

ශ්‍රී ලංකා මහ බැංකුවේ අර්ධකාලීන රැකියා අවස්ථා ඇති බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය හරහා පෝස්ටු සංසරණය වෙයි.

by Anonymous |

පෙබරවාරි 13, 2025

මෙම පෝස්ටුව සමාජ මාධ්‍ය පුරා බොහෝ දෙනෙකු හුවමාරු කර ගෙන තිබූ නිසා Factseekker මෙහි සත්‍ය අසත්‍යතාව පිළිබඳ ව සොයා බැලීය. මෙම පෝස්ටු සදහා  ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල ලාංජනය ද  යොදාගෙන තිබිණි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අර්ධකාලීන රැකියාවක් වන මෙය නිවසේ සිට දිනකට පැය 2 – 4 ත් අතර කාලයක් සේවය කළ හැකි අතර ඒ සඳහා පැය 02 කට රුපියල් 15 000 ක් ද පැය 04 කට රුපියල් 30 000 අතර වැටුපක් ගෙවන බවත් සඳහන් වේ.

මෙහිදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල ෆේස්බුක් පිටුව පිරික්සීමේදී මේ සම්බන්ධයෙන් පළ කළ නිවේදනයක් හමු විය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල ලාංජනය යොදා ගනිමින්  සංසරණය වන මෙම පෝස්ටුවල කිසිඳු සත්‍යතාවක් නොමැති බව එම නිවේදනයේ සඳහන් කර තිබුණි.

https://www.facebook.com/share/p/19kWs7D8HF/

https://www.facebook.com/share/p/1YbB1bWRYq/

https://www.facebook.com/share/p/15vqtNoiru/

ශ්‍රී ලංකා මහ බැංකුවේ රැකියා ඇබෑර්තු පළ වන්නේ එහි නිල වෙබ් අඩවියේය.

එය මෙතැනින්

https://www.cbsl.gov.lk/si/%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%8F

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිවසේ සිට කළ හැකි අර්ධකාලීන  රැකියා අවස්ථා ඇති බව සදහන් කරමින් සංසරණය වන පෝස්ටුවල කිසිදු සත්‍යතාවක් නොමැති බව FactSeeker තහවුරු කරයි.

Latest updates

#AI

ඉන්දියා A – ශ්‍රී ලංකා A කණ්ඩායම් අතර දරුණු ගැටුමක් ලෙස ප්‍රචාරය වන වීඩියෝව සම්පූර්ණයෙන්ම ව්‍යාජයි

ජූනි 17, 2026

#AI

18 වංගුවේදී බස් රථයක් මතට ගලක් කඩා වැටී 08 දෙනෙකු මියගිය බවට පැතිරෙන පුවත සම්පූර්ණයෙන්ම ව්‍යාජයි

ජූනි 15, 2026

#AI

මහා පරිමාණයේ අයිස් කැට වැස්සක් දැක්වෙන වීඩියෝව AI මඟින් නිර්මාණය කරන ලද ව්‍යාජ එකකි

මැයි 28, 2026

#fake

උතුරේ වෙසක් උත්සව තහනම් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ව්‍යාජ පුවත

මැයි 27, 2026

Related Content

ඉන්දියා A – ශ්‍රී ලංකා A කණ්ඩායම් අතර දරුණු ගැටුමක් ලෙස ප්‍රචාරය වන වීඩියෝව සම්පූර්ණයෙන්ම ව්‍යාජයි

ජූනි 17, 2026

18 වංගුවේදී බස් රථයක් මතට ගලක් කඩා වැටී 08 දෙනෙකු මියගිය බවට පැතිරෙන පුවත සම්පූර්ණයෙන්ම ව්‍යාජයි

ජූනි 15, 2026

මහා පරිමාණයේ අයිස් කැට වැස්සක් දැක්වෙන වීඩියෝව AI මඟින් නිර්මාණය කරන ලද ව්‍යාජ එකකි

මැයි 28, 2026

උතුරේ වෙසක් උත්සව තහනම් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ව්‍යාජ පුවත

මැයි 27, 2026

ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් 10,000 ක නව මුදල් නෝට්ටුවක් නිකුත් කළා ද?

මැයි 18, 2026

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection