Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න

පෝක් සමූද්‍ර සන්ධිය ආසන්නයෙන් හමු වූ ජාන විකෘති වූ ජීවින් ගේ වීඩියෝ AI නිර්මාණ

False
False

ඕසෝන් ස්ථරය සිදුරු වීමත් සමග පසුගිය දින කිහිපය තුළ පෝක් සමූද්‍ර සන්ධිය ආසන්නයේ මුහුදු තීරයෙන් ජාන විකෘති වූ ජීවින් හමු වූ බව සඳහන් වීඩියෝ කිහිපයක් සමාජ මාධ්‍යයේ හුවමාරු වෙමින් පවතී.

by Anonymous |

දෙසැම්බර් 26, 2024

මේ දිනවල ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුම් කිහිපයකින් ම මෙම ප්‍රවෘත්තිය  හුවමාරු වන අයුරු FactSeeker නිරීක්ෂණය කළේ ය.

එසේම මුහුද ආශ්‍රිතව ජීවත් වන ජනතාව ප්‍රවේසම් වන ලෙස අනතුරු ඇඟවීමක් ද එම ෆේස්බුක් පළකිරීම්වල සඳහන් කර ඇත.

මෙම ජීවියා අඩක් මිනිස් දරුවෙකුට සහ අඩක් මත්ස්‍ය‍යෙකුට සමාන වන බව වීඩියෝව නිරීක්ෂණය කිරීමේදී පෙනී ගිය අතර ඇතැම් පුද්ගලයින් මෙම සත්ත්වයා දියකිඳුරෙක් බවට විශ්වාස කර ඇති බව පළ කර ඇති අදහස්වලින් පැහැදිළි විය.  .

ඕසෝන් ස්ථරයේ සිදු වූ විපර්යාසයන් මත මෙවැනි ජීවීන් බිහිවී ඇතිද යන්න පිළිබඳ අන්තර්ජාලය ඔස්සේ වැඩිදුරටත් විමසා බැලීමේදී එවැනි තොරතුරක් සම්බන්ධයෙන් පිළිගත හැකි කිසිදු  මූලාශ්‍රයක්  හමු නොවීය.

එම නිසා මෙම වීඩියෝව කෘත්‍රීම බුද්ධිය යොදාගනිමින් සිදු කරන ලද නිර්මාණයක් ද යන වග තහවුරු කරගැනීමට  FactSeeker  කටයුතු කළේ ය.

ඒ අනුව Is it AI? සහ Sightengine යන වෙබ් අඩවි හරහා අදාළ වීඩියෝවල ඡායාරූප ඇතුළත් කරමින් ප්‍රතිඵල නිරීක්ෂණය කිරීමට පියවර ගත්තේ ය. එම වෙබ් අඩවිවල ප්‍රතිඵල අනුව මෙම වීඩියෝ පෙළ කෘත්‍රීම බුද්ධි මෙවලම් උපයෝගී කරගෙන නිර්මාණය කරන ලද ඒවා බවට කරුණු තහවුරු විය.

මේ අනුව පෝක් සමූද්‍ර සන්ධිය ආසන්නයෙන් හමු වූ ජාන විකෘති වූ ජීවින් යැයි සඳහන් වීඩියෝ කෘත්‍රීම බුද්ධිය යොදාගනිමින් නිර්මාණය කරන ලද ව්‍යාජ නිර්මාණයන් බව FactSeeker තහවුරු කරයි.

Latest updates

#AI

ඉන්දියා A – ශ්‍රී ලංකා A කණ්ඩායම් අතර දරුණු ගැටුමක් ලෙස ප්‍රචාරය වන වීඩියෝව සම්පූර්ණයෙන්ම ව්‍යාජයි

ජූනි 17, 2026

#AI

18 වංගුවේදී බස් රථයක් මතට ගලක් කඩා වැටී 08 දෙනෙකු මියගිය බවට පැතිරෙන පුවත සම්පූර්ණයෙන්ම ව්‍යාජයි

ජූනි 15, 2026

#AI

මහා පරිමාණයේ අයිස් කැට වැස්සක් දැක්වෙන වීඩියෝව AI මඟින් නිර්මාණය කරන ලද ව්‍යාජ එකකි

මැයි 28, 2026

#fake

උතුරේ වෙසක් උත්සව තහනම් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ව්‍යාජ පුවත

මැයි 27, 2026

Related Content

ඉන්දියා A – ශ්‍රී ලංකා A කණ්ඩායම් අතර දරුණු ගැටුමක් ලෙස ප්‍රචාරය වන වීඩියෝව සම්පූර්ණයෙන්ම ව්‍යාජයි

ජූනි 17, 2026

18 වංගුවේදී බස් රථයක් මතට ගලක් කඩා වැටී 08 දෙනෙකු මියගිය බවට පැතිරෙන පුවත සම්පූර්ණයෙන්ම ව්‍යාජයි

ජූනි 15, 2026

මහා පරිමාණයේ අයිස් කැට වැස්සක් දැක්වෙන වීඩියෝව AI මඟින් නිර්මාණය කරන ලද ව්‍යාජ එකකි

මැයි 28, 2026

උතුරේ වෙසක් උත්සව තහනම් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ව්‍යාජ පුවත

මැයි 27, 2026

ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් 10,000 ක නව මුදල් නෝට්ටුවක් නිකුත් කළා ද?

මැයි 18, 2026

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection