නිවසේ සිට ආදායමක් උපයා ගැනීමට රජයෙන් රැකියා අවස්ථා ලබාදී තිබෙනවාද?
සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි සහායක සහායිකාවන් බදවා ගන්නා බව සඳහන් කරමින් රාජ්‍ය ලාංඡනය සහිත ලිපියක් සමාජ මාධ්‍ය ඔස්සේ සීග්‍රෙයන් හුවාමරු වෙමින් පවතී.
by Anonymous |
අප්‍රේල් 26, 2024
බැලූ බැල්මට රජය මගින් නිකුත් කර ඇති ලිපියක් ලෙසින් මෙය දකින්නට ඇති අතර බොහෝ පිරිසක් මේ සඳහා ප්‍රතිචාර දක්වා තිබෙන බැවින් මෙහි සත්‍ය අසත්‍යතාව පිළිබඳව factseeker සොයා බැලීය.
රාජ්‍ය ලාංඡනය සම්බන්ධ මෙම ලිපිය දෙස සැලකිල්ලෙන් බැලුවිට එය සංස්කරණය කර ඇති බව පැහැදිලි විය. FotoForensics , Forensically මගින් ඒ පිළිබඳ සොයා බැලීමේදී ද එය තහවුරු විය. මෙහි වයස් සීමාවන් සහ දුරකතන අංක ඒ ආකාරයෙන් සඳහන් කර තිබේ.
එමෙන්ම රජය යම්කිසි නිවේදනයක් නිකුත් කරන්නේ නම්, එය නිකුත් කරන ආයතනය හෝ අමාත්‍යාංශය , දිනය , තොරතුරු ලබාගත හැකි දුරකතන අංක ආදී තොරතුරු සහිතව නිවේදන නිකුත්කරන අතර මෙහි ඒ කිසිවක් සඳහන් නොවන බව පැහැදිලි වෙයි.
මේ ආකාරයට රැකියා අවස්ථා ලබා දෙන බවට රජය විසින් නිවේදනය කර ඇත්දැයි රජයේ ප්‍රධාන ප්‍රවත් මුලාශ්‍ර සොයා බැලු අතර කැබිනට් නිවේදන සහ අති විශේෂ ගැසට් නිවේදන පරීක්ෂා කර බැලූවද එවැනි නිවේදනයක් නිකුත් කර නොතිබුණි.
වැඩිදුරටත් තහවුරු කරගැනීම සඳහා මේ පිළිබඳව ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙන් සහ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් විමසීමේදී එවැනි රැකියා වැඩසටහනක් ක්‍රියාත්මක නොවන බව සඳහන් කළේය.
ඒ අනුව සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි සහායක සහායිකාවන් බදවා ගන්නා බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවාමරු වන රාජ්‍ය ලාංඡනය සහිත ලිපිය ව්‍යාජ එකක් බව factseeker තහවුරු කරයි.