Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න

නදීක ගුරුගේ ගේ බිරිඳ පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවට සහභාගී වුණේ ඇයි?

Factual
Factual

මෙරට සංගීත අධ්‍යක්ෂකවරයෙකු ගීත රචකයෙකු වන නදීක ගුරුගේ ගේ බිරිඳ මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට සහභාගී වීම සම්බන්ධයෙන් වූ ආන්දෝලනාත්මක පුවත් රාශියක් සමාජ මාධ්‍ය හරහා සංසරණය වන බව FactSeeker නිරීක්ෂණය කළේ ය.

by Anonymous |

ඔක්තෝබර් 28, 2024

“මාලිමා ආණ්ඩුවට බරපතල චෝදනාවක්.සුදුසු නිලධාරීන් සිටියදී නදීකගේ බිරිඳ සමුළුවට යවලා.” , ” NPP වේදිකාවේ ගීත ගැයූ නදීක ගුරුගේ නම් ගායකයාගේ බිරිඳට බ්‍රිතාන්‍ය නියෝජ්‍ය මහකොමසාරිස්වරිය ලෙස කටයුතු කිරීමට තිබෙන සුදුසුකම් මොනවාද?” ආදී වශයෙන් සමාජ මාධ්‍ය සටහන් හුවමාරු වෙමින් තිබිණි.

එවැනි පළකිරීම් කිහිපයක් පහතින්.

https://www.facebook.com/share/p/uxTQXqX9xFg7Y1JE/

https://www.facebook.com/share/p/13BhbfEtLqhhS4ve/

මේ සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඉකුත් 22 දා පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ද අදහස් දකවා තිබිණි. මේ අවස්ථාව වන විට සීමිත අමාත්‍යවරු සංඛ්‍යාවක් සිටින නිසාත් මැතිවරණ කාලයක් නිසාත් ජනාධිපති අනුර කුමාර දිසානායක හෝ අමාත්‍යවරු මෙම සමුළුවට සහභාගී නොවන බව ඔහු එහිදී ප්‍රකාශ කර තිබිණි. ඒ සඳහා බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ සහ විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් සහභාගි වන බව ද ඔහු එහිදී වැඩිදුරටත් සදහන් කළේ ය.

එම සබැඳිය මෙතැනින් – https://www.facebook.com/plugins/video.php?height=314&href=https%3A%2F%2Fwww.facebook.com%2FDepartmentOfGovernmentInformation%2Fvideos%2F1608510343066195%2F&show_text=false&width=560&t=225

නදීක ගුරුගේගේ බිරිඳ මෙම සමුළුවට සහභාගී වීම සම්බන්ධයෙන් Factseeker විදේශ කටයුතු අමාත්‍යංශයෙන් විමසීමක් කළේ ය.

පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවේ මූලිකත්වය බ්‍රිතාන්‍යට හිමි වන බැවින් මෙම සමුළුවට සහභාගී වීමට වඩාත්ම සුදුසු  පිරිස වන්නේ  බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාල  නියෝජිතයින්  බව විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කළේ ය. එම නිසා  ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය වන මනෝරි මල්ලිකාරච්චි මහත්මිය මීට සහභාගී වූ බව විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් අනාවරණය කළේය.

මනෝරි මල්ලිකාරච්චි මහත්මිය බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් ලෙස පත්වී වසර දෙකක් පමණ වන බවත් ඊට පෙර රාජතාන්ත්‍රික නියෝජිතයෙකු ලෙස වසර විස්සකට වැඩි කාලයක් සේවයේ නියුතු අයෙකු බවත් එහිදී අනාවරණය විය. ‍

මීට අමතරව මනෝරි මල්ලිකාරච්චි මහත්මියගේ ලින්ක්ඩින් ගිණුමේ ද ඇගේ වෘත්තීමය තොරතුරු පිළිබඳව සඳහන් කර තිබුණේ මෙලෙසින්,

https://www.linkedin.com/in/manorie-mallikaratchy-9934361a/

ඒ අනුව මනොරි මල්ලිකාරච්චි පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවට සහභාගි වුණේ, බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස්වරිය නිසා බව Factseeker තහවුරු කරයි.

Latest updates

#AI

ඉන්දියා A – ශ්‍රී ලංකා A කණ්ඩායම් අතර දරුණු ගැටුමක් ලෙස ප්‍රචාරය වන වීඩියෝව සම්පූර්ණයෙන්ම ව්‍යාජයි

ජූනි 17, 2026

#AI

18 වංගුවේදී බස් රථයක් මතට ගලක් කඩා වැටී 08 දෙනෙකු මියගිය බවට පැතිරෙන පුවත සම්පූර්ණයෙන්ම ව්‍යාජයි

ජූනි 15, 2026

#AI

මහා පරිමාණයේ අයිස් කැට වැස්සක් දැක්වෙන වීඩියෝව AI මඟින් නිර්මාණය කරන ලද ව්‍යාජ එකකි

මැයි 28, 2026

#fake

උතුරේ වෙසක් උත්සව තහනම් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ව්‍යාජ පුවත

මැයි 27, 2026

Related Content

ඉන්දියා A – ශ්‍රී ලංකා A කණ්ඩායම් අතර දරුණු ගැටුමක් ලෙස ප්‍රචාරය වන වීඩියෝව සම්පූර්ණයෙන්ම ව්‍යාජයි

ජූනි 17, 2026

18 වංගුවේදී බස් රථයක් මතට ගලක් කඩා වැටී 08 දෙනෙකු මියගිය බවට පැතිරෙන පුවත සම්පූර්ණයෙන්ම ව්‍යාජයි

ජූනි 15, 2026

මහා පරිමාණයේ අයිස් කැට වැස්සක් දැක්වෙන වීඩියෝව AI මඟින් නිර්මාණය කරන ලද ව්‍යාජ එකකි

මැයි 28, 2026

උතුරේ වෙසක් උත්සව තහනම් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ව්‍යාජ පුවත

මැයි 27, 2026

ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් 10,000 ක නව මුදල් නෝට්ටුවක් නිකුත් කළා ද?

මැයි 18, 2026

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection