Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #fake

ජාතික ජන බලවේගයට එරෙහි මඩ ප්‍රචාරවලට දුරකතන අංකයක් ?

False
False

මඩ ප්‍රචාර පිළිබඳ තොරතුරු ලබා දීමට නව දුරකථන අංකයක්” යනුවෙන් සිරස්තලය සහිතව ජාතික ජන බලවේගයේ ලිපි ශිර්ෂය යටතේ නිකුත් කර ඇති ලිපියක් සමාජ මාධ්‍ය හරහා වේගයෙන් හුවමාරු විය.

by Anonymous |

සැප්තැම්බර් 9, 2024

මාධ්‍ය ප්‍රධානීන්ට හා කතුවරුන්ට යොමු කර ඇති මෙම ලිපියට ජාතික ජන බලවේගයේ පක්ෂ සාමාජිකයකුගේ නම, අත්සන ද යොදා තිබේ. කෙසේ වෙතත් මෙහි සත්‍ය අසත්‍යතාව පිළිබඳ සොයා බැලීමට factseeker කටයුතු කළේය.

මාලිමාව ඉලක්ක කර මඩ ප්‍රචාර පතුරවන පුද්ගලයන් පිළිබඳව තොරතුරු, ලිපියේ සඳහන් කර ඇති දුරකතන අංකවලට දැනුම් දෙන ලෙස ඉල්ලමින් දුරකතන අංක ද මෙම ලිපියේ සඳහන් කර ඇත.

මේ දිනවල සමාජ මාධ්‍ය වේදිකාවල එය හුවමාරු වුව ද ලිපියේ සඳහන් කර ඇත්තේ 2022 වර්ෂයේ දිනයකි. විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ ප්‍රධානි විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මෙම ලිපියට අත්සන් තබා ඇති බව සඳහන් කර තිබේ.

මෙම ලිපිය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ මාධ්‍ය සම්බන්ධීකාරකවරයාගෙන් විමසීමේදී  හෙතෙම පැවසුවේ, මෙය සම්පුර්ණයෙන් ම ව්‍යාජ ලෙස සකස් කළ ලිපියක් බවයි. මෙහි සදහන් විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකය ආරම්භ කළේ, 2023 වර්ෂයේ බව ද හෙතෙම අනාවරණය කළේ ය.

ජාතික ජන බලවේගයෙන් එවැනි ලිපියක් නිකුත් නොකළ බව ද මෙය අසත්‍ය ප්‍රචාරයක් බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.

ඒ අනුව “මඩ ප්‍රචාර පිළිබඳ තොරතුරු ලබා දීමට නව දුරකථන අංකයක්” යනුවෙන් හුවමාරු වන ලිපිය අසත්‍ය බව factseeker  තහවුරු කරයි.

Latest updates

#false

හෝර්ටන් තැන්නේ නෙලූ ශාක විනාශ කර නෑ.

ඔක්තෝබර් 9, 2025

#false

සිරිපා වන්දනාවේ යන හස්තියාගේ වීඩියෝව AI නිර්මාණයකි.

ඔක්තෝබර් 9, 2025

#fake

STARLINK සමාගමෙන් ජංගම දුරකථනයක් හදුන්වා දී නොමැත.

ඔක්තෝබර් 7, 2025

uncategorized

මෙරට තේ නිශ්පාදනයක් වෙනුවෙන් නොබෙල් ත්‍යාගයක් හිමි වී නොමැත

සැප්තැම්බර් 30, 2025

Related Content

STARLINK සමාගමෙන් ජංගම දුරකථනයක් හදුන්වා දී නොමැත.

ඔක්තෝබර් 7, 2025

සිනමා නිළි සායි පල්ලවීගේ AI ඡායාරූප පෙළක්

සැප්තැම්බර් 26, 2025

හේමා ප්‍රේමදාස විසින් ජනාධිපතිවරයාට යොමුකළ බව සදහන් ලිපිය ව්‍යාජ වූවකි.

සැප්තැම්බර් 12, 2025

ජෙසිකා රැඩ්ක්ලිෆ්ගේ අනතුර AI නිර්මාණයක්

අගෝස්තු 14, 2025

ජැකී චෑන්ග් මිය ගිය බවට පළ වන පුවත් අසත්‍යයි!

අගෝස්තු 5, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection