Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න

ගුරුවරු 9000 මාරු කිරීම දේශපාලන පලිගැනීමක් ද?

False
False

දේශපාලන අභිමතාර්ථ හා පළිගැනීමක් මත ගුරුවරු 9000කට ස්ථාන මාරුවීම් ලබා දෙන බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන පෝස්ටු කිහිපයක් FactSeeker නිරීක්ෂණය කළේ ය.

by Anonymous |

නොවැම්බර් 3, 2024

ඇතැම් පෝස්ටු තුළ ජාතික ජන බලවේගයට විරුද්ධව ඡන්දය දුන් ගුරුවරු 9000 කට මෙම මාරුවීම් හිමිවන බව සඳහන් විය.
https://www.facebook.com/share/p/T1NVL7qrMUcGACjV/
https://www.facebook.com/share/p/g8WTScVXFoFCcXRt/
https://www.facebook.com/share/p/eRCveeodEQFX33Ji/

 

ඒ අනුව FactSeeker මේ පිළිබඳ සොයා බැලීය.

මේ සම්බන්ධව සොයා බැලීමේදී අරුණ පුවත් පත ඔක්තොම්බර් 27 වනදා ප්‍රධාන සිරස්තලය ලෙස මෙය යොදාගෙන තිබුණ අතර වසර 10කට වැඩි ජාතික පාසල් ගුරුවරු සඳහා ස්ථාන මාරු ලබා දෙන බව එහි සඳහන් කර තිබුණි.


ඒ අනුව මේ සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශයේ ගුරු ආයතනාංශයේ අතිරේක ලේකම් අමල් එදිරිසිංහ මහතාගෙන් කළ විමසීමේදී ඔහු සඳහන් කළේ, ගුරුවරුන් විසින් සිය මාරුවීම් සම්බන්ධයෙන් වාර්ෂිකව අයදුම් කරන බවත් මෙවර එවැනි අයදුම්පත් 9000ක් ලැබී ඇති බවත් ය.

අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති ගුරු මාරු මණ්ඩලය විසින් මෙම ස්ථාන මාරු තීරණය කරන අතර එම මාරු මණ්ඩලය සඳහා අමාත්‍යාංශ නිලධාරීන් සහ වෘත්තීය සමිති නියෝජිතයින් ද සිටින බව ඔහු පැවසීය.

නීතිමය තත්ත්වය අනුව එකම පාසලක වසර 10කට වඩා සේවයේ යෙදී සිටීම අනිවාර්ය ස්ථාන මාරුවකට යටත් වන බවත් මේ වන විට අවුරුදු 10 සපිරූ ස්ථාන මාරු අයදුම්පත් 4200 සහ සෙසු අයදුම්පත් විවිධ හේතූන් මත අයදුම් කළ ස්ථාන මාරු ඉල්ලීම් බවත් හෙතෙම සඳහන් කළේ ය.

කෙසේ වෙතත් ගුරු ස්ථාන මාරු සම්බන්ධයෙන් අවසාන තීරණය ගන්නේ ගුරු මාරු මණ්ඩලය විසින් බව අමල් එදිරිසිංහ මහතා වැඩිදුරටත් පැවැසීය.

Factseeker මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් සොයා බැලීමේදී ගුරු මාරු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ 2007/20 දරන චක්‍රලේඛය පදනම් කර ගනිමින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් හමු විය.

එම නිවේදනය මෙතැනින්
https://moe.gov.lk/wp-content/uploads/2020/07/2007-20s.pdf

මේ සම්බන්ධව සති අග අරුණ පුවත්පත වාර්තා කර තිබුණේ මෙතෙක් ක්‍රියාත්මක නොවී තිබුණ මෙම ස්ථාන මාරු ක්‍රමය අනිවාර්ය ලෙසම ක්‍රියාත්මක වන බවයි.

Factseeker තහවුරු කරගත් කරුණු අනුව අරුණ පුවත්පතේ සඳහන් කරන ලද පුවත සත්‍ය නමුත් එහි සඳහන් පරිදි වසර 10 සම්පූර්ණ කරන ලද ගුරුවරු 9000 ක් නොමැති බවත් වසර 10 සම්පූර්ණ කරන ලද සහ වාර්ෂික ස්ථාන මාරු යටතේ ගැනෙන සියලු ස්ථාන මාරු ද මෙම ස්ථාන මාරු 9000 ට අයත් වන බව පැහැදිලි විය.

FactSeeker අනාවරණය කරගත් කරුණු අනුව මෙය හුදෙක් දේශපාලන තීරණයක් නොවන අතර මෙය පවතින ක්‍රියාවලිය සහ නීතිය නිසියාකාරව නියමිත කාලයේ ක්‍රියාත්මක කිරීමක් ලෙස තහවුරු කරගන්නා ලදී.

ඒ අනුව සමාජ මාධ්‍ය තුළ සංසරණය වන පෝස්ටු වල කිසිඳු සත්‍යතාවයක් නැති බව FactSeeker තහවුරු කරයි.

Latest updates

#misleading#AI

වෙනිසියුලා භූමිකම්පාවේ සත්‍යතාව විකෘති කරන AI සහ පැරණි වීඩියෝ

ජූනි 30, 2026

#AI

ඉන්දියා A – ශ්‍රී ලංකා A කණ්ඩායම් අතර දරුණු ගැටුමක් ලෙස ප්‍රචාරය වන වීඩියෝව සම්පූර්ණයෙන්ම ව්‍යාජයි

ජූනි 17, 2026

#AI

18 වංගුවේදී බස් රථයක් මතට ගලක් කඩා වැටී 08 දෙනෙකු මියගිය බවට පැතිරෙන පුවත සම්පූර්ණයෙන්ම ව්‍යාජයි

ජූනි 15, 2026

#AI

මහා පරිමාණයේ අයිස් කැට වැස්සක් දැක්වෙන වීඩියෝව AI මඟින් නිර්මාණය කරන ලද ව්‍යාජ එකකි

මැයි 28, 2026

Related Content

වෙනිසියුලා භූමිකම්පාවේ සත්‍යතාව විකෘති කරන AI සහ පැරණි වීඩියෝ

ජූනි 30, 2026

ඉන්දියා A – ශ්‍රී ලංකා A කණ්ඩායම් අතර දරුණු ගැටුමක් ලෙස ප්‍රචාරය වන වීඩියෝව සම්පූර්ණයෙන්ම ව්‍යාජයි

ජූනි 17, 2026

18 වංගුවේදී බස් රථයක් මතට ගලක් කඩා වැටී 08 දෙනෙකු මියගිය බවට පැතිරෙන පුවත සම්පූර්ණයෙන්ම ව්‍යාජයි

ජූනි 15, 2026

මහා පරිමාණයේ අයිස් කැට වැස්සක් දැක්වෙන වීඩියෝව AI මඟින් නිර්මාණය කරන ලද ව්‍යාජ එකකි

මැයි 28, 2026

උතුරේ වෙසක් උත්සව තහනම් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ව්‍යාජ පුවත

මැයි 27, 2026

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection