Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #fake

ගණේමුල්ලේ සංජීව ඝාතන සැකකරුගේ වීඩියෝව AI නිර්මාණයක්

False
False

ගණේමුල්ලේ සංජීව ඝාතන සිද්ධියේ සැකකරු සම්බන්ධයෙන් හුවමාරු වන වීඩියෝවක් කෘත්‍රිම බුද්ධිය යොදාගෙන ව්‍යාජ ලෙස නිර්මාණය කරන ලද වීඩියෝවක් බව FactSeeker තහවුරු කරයි.

by Anonymous |

පෙබරවාරි 20, 2025

සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ලේ සංජීව නමැත්තා බූස්ස බන්ධනාගාරයේ සිට ඊයේ (19) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ගොස් අධිකරණ කටයුතු සිදු වන අවස්ථාවේ නීතීඥවරයෙකු ලෙස සැරසී පැමිණි තුවක්කුකරුවෙකු විසින් වෙඩි තබා ඝාතනය කරන ලදී. මෙම ඝාතනයේ සැකකරු පුත්තලම පාලවිය ප්‍රදේශයේදී ඊයේ (19) සවස අත්අඩංගුවට පත් විය.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන රැගෙන එන අවස්ථාව ලෙස හැඟවෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් පවතියි.

එම වීඩියෝව මෙතැනින්:

https://www.facebook.com/share/1ACmXTSXCJ/

https://www.facebook.com/share/v/184Fu7eSgy/

අත්අඩංගුවට පත් අවස්ථාවේ ඔහු සිනාමුසු මුහුණින්, හමුදා නිලධාරීන් සමග කතාබහ කරන ආකාරය එම වීඩියෝවේ පෙන්නුම් කරයි. කෙසේ වෙතත් මෙම වීඩියෝව පරීක්ෂා කිරීමේදී කිරීමේදී එහි සිටින පුද්ගලයාගේ අසාමාන්‍ය හැසිරීමක් පවතින බව FactSeeker හඳුනාගන්නා ලදී.

එහිදී, අත්අඩංගුවට පත්වන පුද්ගලයා නිලධාරියෙකුගේ අතින් අල්ලා සිටින අවස්ථාවේ අතේ ඇඟිලි අපැහැදිලිව නිරූපණය වීම, සැකකරු වෑන් රථය තුළ හිඳ සිටින අතරතුර පසුබිමේ ඇති ජනේලයෙන් අදාළ වෑන් රථය ධාවනය කරමින් තිබෙන බව නිරූපණය වීම සහ සැකකරුගේ මුහුණේ ඉරියව් සහ භාවයන් එකිනෙකට අසමාන සහ අපැහැදිලි වීම වැනි සැකසහිත අවස්ථා කිහිපයක් හඳුනාගැනීමට හැකි විය.

මේ අනුව අදාළ වීඩියෝව කෘත්‍රිම බුද්ධියෙන් සංස්කරණය කරන ලද නිර්මාණයක් ද යන්න FactSeeker විමසා බැලීය.

Deepware වෙබ් අඩවිය යොදා ගනිමින් අප සිදු කළ විශ්ලේෂණයෙන් තහවුරු වූයේ මෙම වීඩියෝව කෘත්‍රිම බුද්ධිය පාදක කර ගනිමින් නිර්මාණය කරන ලද්දක් බවයි.

ඡායාරූපයක් භාවිත කරමින් ඊට අදාළව වීඩියෝවක් සකසාගත හැකි ආකාරයේ කෘත්‍රිම බුද්ධි මෙවලම් මේ වන විට සුලබය. ඉහත වීඩියෝව නිරීක්ෂණය කිරීමේදී පෙනී යන්නේ ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල පළ කරන ලද පහත ඡායාරූප මූලාශ්‍ර කරගනිමින් එම වීඩියෝව නිර්මාණය කර ඇති බවයි.

ඒ අනුව, ගණේමුල්ලේ සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සැකකරු සම්බන්ධයෙන් හුවමාරු වන වීඩියෝව කෘත්‍රිම බුද්ධිය යොදාගෙන ව්‍යාජ ලෙස නිර්මාණය කරන ලද වීඩියෝවක් බව FactSeeker තහවුරු කරයි.

தமிழ்

|

English

|

Latest updates

#false

ඉන්දීය හමුදාපතිවරයා ඉරාන නෞකාවක තොරතුරු ඊශ්‍රායලය සමඟ බෙදාගත් බවට පැතිර යන අසත්‍ය වීඩියෝව

මාර්තු 12, 2026

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

Related Content

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

කා.වි.දෙ. නිල වෙබ් අඩවියේ දෙරණ නාලිකාවේ විකාශන දර්ශන ඇතුළත් බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 9, 2025

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

අලුත් ආදායම් ක්‍රමයක් පිළිබඳ කුමාර් සංගක්කාර කරන ප්‍රවර්ධන වීඩියෝව AI නිර්මාණයක්.

ඔක්තෝබර් 23, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection