Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #fake

ගණේමුල්ලේ සංජීව ඝාතන සැකකරුගේ වීඩියෝව AI නිර්මාණයක්

False
False

ගණේමුල්ලේ සංජීව ඝාතන සිද්ධියේ සැකකරු සම්බන්ධයෙන් හුවමාරු වන වීඩියෝවක් කෘත්‍රිම බුද්ධිය යොදාගෙන ව්‍යාජ ලෙස නිර්මාණය කරන ලද වීඩියෝවක් බව FactSeeker තහවුරු කරයි.

by Anonymous |

පෙබරවාරි 20, 2025

සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ලේ සංජීව නමැත්තා බූස්ස බන්ධනාගාරයේ සිට ඊයේ (19) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ගොස් අධිකරණ කටයුතු සිදු වන අවස්ථාවේ නීතීඥවරයෙකු ලෙස සැරසී පැමිණි තුවක්කුකරුවෙකු විසින් වෙඩි තබා ඝාතනය කරන ලදී. මෙම ඝාතනයේ සැකකරු පුත්තලම පාලවිය ප්‍රදේශයේදී ඊයේ (19) සවස අත්අඩංගුවට පත් විය.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන රැගෙන එන අවස්ථාව ලෙස හැඟවෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් පවතියි.

එම වීඩියෝව මෙතැනින්:

https://www.facebook.com/share/1ACmXTSXCJ/

https://www.facebook.com/share/v/184Fu7eSgy/

අත්අඩංගුවට පත් අවස්ථාවේ ඔහු සිනාමුසු මුහුණින්, හමුදා නිලධාරීන් සමග කතාබහ කරන ආකාරය එම වීඩියෝවේ පෙන්නුම් කරයි. කෙසේ වෙතත් මෙම වීඩියෝව පරීක්ෂා කිරීමේදී කිරීමේදී එහි සිටින පුද්ගලයාගේ අසාමාන්‍ය හැසිරීමක් පවතින බව FactSeeker හඳුනාගන්නා ලදී.

එහිදී, අත්අඩංගුවට පත්වන පුද්ගලයා නිලධාරියෙකුගේ අතින් අල්ලා සිටින අවස්ථාවේ අතේ ඇඟිලි අපැහැදිලිව නිරූපණය වීම, සැකකරු වෑන් රථය තුළ හිඳ සිටින අතරතුර පසුබිමේ ඇති ජනේලයෙන් අදාළ වෑන් රථය ධාවනය කරමින් තිබෙන බව නිරූපණය වීම සහ සැකකරුගේ මුහුණේ ඉරියව් සහ භාවයන් එකිනෙකට අසමාන සහ අපැහැදිලි වීම වැනි සැකසහිත අවස්ථා කිහිපයක් හඳුනාගැනීමට හැකි විය.

මේ අනුව අදාළ වීඩියෝව කෘත්‍රිම බුද්ධියෙන් සංස්කරණය කරන ලද නිර්මාණයක් ද යන්න FactSeeker විමසා බැලීය.

Deepware වෙබ් අඩවිය යොදා ගනිමින් අප සිදු කළ විශ්ලේෂණයෙන් තහවුරු වූයේ මෙම වීඩියෝව කෘත්‍රිම බුද්ධිය පාදක කර ගනිමින් නිර්මාණය කරන ලද්දක් බවයි.

ඡායාරූපයක් භාවිත කරමින් ඊට අදාළව වීඩියෝවක් සකසාගත හැකි ආකාරයේ කෘත්‍රිම බුද්ධි මෙවලම් මේ වන විට සුලබය. ඉහත වීඩියෝව නිරීක්ෂණය කිරීමේදී පෙනී යන්නේ ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල පළ කරන ලද පහත ඡායාරූප මූලාශ්‍ර කරගනිමින් එම වීඩියෝව නිර්මාණය කර ඇති බවයි.

ඒ අනුව, ගණේමුල්ලේ සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සැකකරු සම්බන්ධයෙන් හුවමාරු වන වීඩියෝව කෘත්‍රිම බුද්ධිය යොදාගෙන ව්‍යාජ ලෙස නිර්මාණය කරන ලද වීඩියෝවක් බව FactSeeker තහවුරු කරයි.

தமிழ்

|

English

|

Latest updates

#misleading

සිනොපෙක් ශ්‍රී ලංකාවට ආවේ මාලිමා ආණ්ඩුවෙන් ද?

ජූලි 22, 2025

#AI

මුඛයේ ඇස් ඇති ගෙම්බා ගැන ඇත්ත කතාව

ජූලි 17, 2025

#misleading

සීතාවක ප්‍රාදේශීය සභාව සදහා නව සභාපතිවරයකු පත් කර ගත්තා ද?

ජූලි 17, 2025

#PARTIALLYFACTUAL

ආණ්ඩුවේ ඇප නැතුව ණය දෙන බව කී කතාවේ ඇත්ත නැත්ත

ජූලි 14, 2025

Related Content

ශාරුක් ඛාන් බලන්න රුපියල් විසිදහසක ප්‍රවේශ පතක් නිකුත් කළා ද?

ජූලි 7, 2025

පෙර පුහුණුවීම්වල නිරත ශාරුක් ඛාන් ලෙස දැක්වෙන ඡායාරූපය AI නිර්මාණයක්!

ජූලි 7, 2025

සජිත් ප්‍රේමදාස සහ රනිල් වික්‍රමසිංහ වැළඳගැනීමක් දැක්වෙන වීඩියෝව AI නිර්මාණයක්!

ජූලි 1, 2025

දෙහිවල සත්තු වත්තේ දිනුම් ඇදීමක් සිදු වෙනවාද?

ජූනි 25, 2025

ඉරානය අමෙරිකානු B-2 Spirit යානාවක් බිම හෙලූ බව දක්වන ඡායාරූප ව්‍යාජයි

ජූනි 24, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection