Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න

කවුරු ජනාධිපති වුණත් රටේ ලොක්කා පක්ෂ ලේකම් බව ටිල්වින් කිවුවා ද?

False
False

‘ජනාධිපති ලෙස කවුරුන් පත් වුවද රටේ නායකත්වය හිමි වන්නේ පක්ෂ ලේකම්ට බව’ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා විසින් කරන ලදැයි දැක්වෙන ප්‍රකාශයක් ඇතුළත් පෝස්ටුවක් සමාජ මාධ්‍ය හරහා සංසරණය විය.

by Anonymous |

සැප්තැම්බර් 4, 2024

“අනිත් පක්ෂ වගේ නෙවෙයි. අපේ පක්ෂේ වෙනස්. සම්ප්‍රදායක් තියෙනවා. ජනාධිපති කවුරු වුනත් රටේ ලොක්කා පක්ෂ ලේකම්.” යනුවෙන් අදාළ පෝස්ටුවේ සඳහන් කර ඇත.

මේ පිළිබඳව Factseeker කළ සොයා බැලීමේදී අදාළ ප්‍රකාශය 2024.09.02 දින සිරස newsfirst  විසින් පළ කරන ලද සමාජ මාධ්‍ය සටහනක් ලෙස නිර්මාණය කර ඇති බව නිරීක්ෂණය විය.

මෙවන් සමාජ මාධ්‍ය සටහනක් 2024.09.02 හෝ ඊට ආසන්න දිනක newsfirst.lk මාධ්‍ය ජාලයට අයත් කිසිදු සමාජ මාධ්‍ය ගිණුමක හෝ පිටුවක පළ කර නොමැති බව අපට තහවුරු  විය.

ඉන්පසුව මෙහි සත්‍යාසත්‍යතාව තහවුරු කර ගැනීම සඳහා Factseeker ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය අංශයෙන්  විමසුවෙමු. එහිදී ඔවුන් ප්‍රකාශ කළේ, මෙය ව්‍යාජ ලෙස සැකසූ සමාජ මාධ්‍ය සටහනක් බවය. ටිල්වින් සිල්වා විසින් කිසිදු අවස්ථාවක එවැනි ප්‍රකාශ නොකළ බව ද එම මාධ්‍ය අංශය වැඩිදුරටත් අවධාරණය කළේ ය.

ඒ අනුව ටිල්වින් සිල්වා විසින් “අනිත් පක්ෂ වගේ නෙවෙයි. අපේ පක්ෂේ වෙනස්. සම්ප්‍රදායක් තියෙනවා. ජනාධිපති කවුරු වුනත් රටේ ලොක්කා පක්ෂ ලේකම්.” යනුවෙන්  ප්‍රකාශයක් සිදු කර නොමැති අතර newsfirst මාධ්‍ය ජාලය ද එවැනි ප්‍රවෘත්තියක් පළ කර නැති බව FactSeeker තහවුරු කරයි.

Latest updates

#misleading

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප රුපියල් 60 000 කින් වැඩි කළා ද?

අගෝස්තු 19, 2026

#misleading

මෙට්‍රෝ බස් රථ බෙදාහැරීමේදී ආණ්ඩුව යාපනයට වෙනස්කම් කරමින් කටයුතු කරන්නේද?

අගෝස්තු 4, 2026

#false

ශිහාන් මිහිරංග පැවිදි වූ බවට හුවමාරු වන ප්‍රචාර අසත්‍යයි

ජූලි 7, 2026

Related Content

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප රුපියල් 60 000 කින් වැඩි කළා ද?

අගෝස්තු 19, 2026

මෙට්‍රෝ බස් රථ බෙදාහැරීමේදී ආණ්ඩුව යාපනයට වෙනස්කම් කරමින් කටයුතු කරන්නේද?

අගෝස්තු 4, 2026

මීගමුව බන්ධනාගාරයේ රූමත් කාන්තා රැඳවිය වෛද්‍ය ශිෂ්‍යාවක් නෙවෙයි.

ජූලි 15, 2026

ශිහාන් මිහිරංග පැවිදි වූ බවට හුවමාරු වන ප්‍රචාර අසත්‍යයි

ජූලි 7, 2026

වෙනිසියුලා භූමිකම්පාවේ සත්‍යතාව විකෘති කරන AI සහ පැරණි වීඩියෝ

ජූනි 30, 2026

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection