Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #false

‌කච්චතිව් දූපත් සම්බ්යෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර නව ගිවිසුමක් අත්සන් කළාද?

False
False

පෝක් සමුද්‍ර සන්ධියේ සහ කච්චතිව් දූපත් මායිම් සම්බන්ධයෙන් නව ගිවිසුමක් අත්සන් කර ඇති බව ̒ද හින්දු̕ පුවත්පතේ පළ වූ පුවතක් පිළිබදව බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබිණි.

by Anonymous |

ජූලි 3, 2024

“අවුරුදු පනහකට පෙර; කචතිව්හි ශ්‍රී ලංකාව සමඟ ගිවිසුමක් ”යන ශීර්ෂ පාඨය යටතේ  ̒ද හින්දු̕  පුවත්පතේ වෙබ් අඩවියේ ඉකුත් 28 දා මෙම ප්‍රවෘත්තිය පළ කර තිබිණි.

 

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පෝක් සමුද්‍ර සන්ධිය ආශ්‍රිත මුහුදු තීරයේ දෙරට අතර මායිම සහ ඒ ආශ්‍රිත ගැටළු සම්බන්ධයෙන් පුළුල් එකගතාවකට පැමිණ ඇතැයි නිල ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් එම ප්‍රවෘත්තියේ සදහන් කර තිබිණි.

මෙය බොහෝ දෙනෙකු හුවමාරු කර ගෙන තිබූ නිසා FactSeeker එම ප්‍රවෘත්තිය විමර්ශනය කළ අතර, ශ්‍රී ලංකාව සහ අසල්වැසි රට වන ඉන්දියාව අතර කිසියම් ගිවිසුමක් ඇති කර ගෙන තිබේද? යන්න පිළිබදව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රිගෙන් විමසා සිටියෙමු.

එහිදී ඔහු ප්‍රකාශ කළේ, මෙය මීට වසර 50 කට පෙර ශ්‍රී ලංකා රජයේ ඉහළම මට්ටමින් සහ ද්විපාර්ශවික සාකච්ඡා අවසන් කර ඇති අතර සාකච්ඡා නැවත ආරම්භ කිරීමට කිසිදු හේතුවක් නැති බවයි. එමෙන්ම නැවත එවැනි සූදානමක් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් ලැබී නැති බව ද අලි සබ්‍රි පෙන්වා දුන්නේ ය.

ඒ අනුව, පෝක් සමුද්‍ර සන්ධියේ සහ කච්චතිව් දූපතේ මායිම් සම්බන්ධයෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර නව ගිවිසුම් ඇති කර ගැනීම පිළිබඳ පළවන පුවත් පදනම් විරහිත බව FactSeeker  තහවුරු කරයි.

 

Latest updates

#false

ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් 10,000 ක නව මුදල් නෝට්ටුවක් නිකුත් කළා ද?

මැයි 18, 2026

#false

රතුගල ආදිවාසි නව නායකයා සරසවි සිසුවෙක් නෙවෙයි

මැයි 14, 2026

#false

ඉන්දීය හමුදාපතිවරයා ඉරාන නෞකාවක තොරතුරු ඊශ්‍රායලය සමඟ බෙදාගත් බවට පැතිර යන අසත්‍ය වීඩියෝව

මාර්තු 12, 2026

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

Related Content

ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් 10,000 ක නව මුදල් නෝට්ටුවක් නිකුත් කළා ද?

මැයි 18, 2026

රතුගල ආදිවාසි නව නායකයා සරසවි සිසුවෙක් නෙවෙයි

මැයි 14, 2026

ඉන්දීය හමුදාපතිවරයා ඉරාන නෞකාවක තොරතුරු ඊශ්‍රායලය සමඟ බෙදාගත් බවට පැතිර යන අසත්‍ය වීඩියෝව

මාර්තු 12, 2026

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ජනවාරි 30, 2026

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection