Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න

එම්.එම්. මොහොමඩ් මුනීර් බුද්ධශාසන නියෝජ්‍ය ඇමති ලෙස දිවුරුම් දුන්නා ද?

False
False

වත්මන් ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය පත්කිරීමෙන් පසුව කළ පළමු අමාත්‍ය මණ්ඩල සංශෝධනයෙන් පසුව නව අමාත්‍යාංශ තුනක් සඳහා කැබිනට් අමාත්‍යවරුන් තිදෙනෙකු සහ නියොජ්‍ය අමාත්‍යවරුන් දසදෙනෙකු ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ පසුගිය 10 වෙනිදා දිවුරුම් දුන්නේය.

by Anonymous |

ඔක්තෝබර් 13, 2025

මෙහිදී බුද්ධශානසන නියෝජ්‍ය අමාත්‍යධුරය සඳහා  මොහොමඩ් මුනීර් මහතා පත්කළ බවට සහදහන් කරමින් විවිධ අර්ථදැක්වීම්ද සහිතව සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන පෝස්ට් කිහිපයක් factseeker නිරීක්ෂණය කළේ ය.

අභිනව බුද්ධශාසන නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් මුනීර් මැතිතුමාට සුබ පැතුම් යනුවෙන් ඔහුගේ ඡායාරූපයක් සහිතව මෙම පෝස්ට් හුවමාරුවී තිබිණ.

factseeker මේ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමේදී මුලින්ම ජනාධිපති කාර්යාලය නිකුත් කළ ලේඛන ,ගැසට් නිවේදනය ඇතුළු  පිළිගත් මාධ්‍ය වාර්තා වෙත අවධානය යොමු කළේ ය.

අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් කරන විට එයට අදාළව සංශෝධනය කරන අමාත්‍යාංශවල අමාත්‍යවරුන් ඉල්ලා අස්වන අතර එය ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරයි. ඒ අනුව අමාත්‍යවරුන් දෙදෙනක් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් හයදෙනෙකු ඉල්ලා අස්වී ඇති බව ගැසට් නිවේදනය මගින් දක්වා ඇත. එසේ වුවද බුද්ධශාසන ආගමික කටයුතු සංස්කෘතික අමාත්‍යවරයා ඉල්ලා අස්වීමක් එහි සඳහන් කර නොතිබිණ.

ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ එම්.එම්. මොහොමඩ් මුනීර් ඉල්ලා අස්වී ඇති  එම ගැසට් නිවේදනයේ සඳහන් කර තිබු අතර ඉන් පසුව නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන්ව තිබුණේ, ඔහු ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් බවයි.

ඒ අනුව ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍යධුර දෙකක් නිර්මාණය වී ඇති අතර එම්.එම්. මොහොමඩ් මුනීර් බුද්ධ ශාසන  නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස  දිවුරුම් දුන් බවක් එහි සඳහන් වී නොතිබිණි.

එමෙන්ම මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශ නිකුත් කළ මාධ්‍ය නිවේදන , රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ මාධ්‍ය නිවේදන, ප්‍රධාන මාධ්‍ය වේදිකා හරහා පළ කළ ප්‍රවෘත්ති නිරීක්ෂණය කළ අතර ඒ කිසිවක බුද්ධ ශාසන නියෝජ්‍ය අමාතවරයකු පත්කර ඇති බවට සඳහන් කර නොතිබිණ.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස  ආචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවිගෙන් මේ සම්බන්ධයෙන් විමසීමේදී අමාත්‍යවරයා සඳහන් කළේ නව සංශෝධනයත් සමග අමාත්‍යාංශයට ආගමික හා සංස්කෘතික කටයුතු විෂය සඳහා නියෝජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙකු සිටින බවයි.

මේ අතර එම්.එම්. මොහොමඩ් මුනීර්  අද (13) දිනයේදී ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය ඇමැති ලෙස මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේදී වැඩභාර ගෙන තිබිණි.

 

ඒ අනුව එම්.එම්. මොහොමඩ් මුනීර් බුද්ධශාසන නියෝජ්‍ය ඇමති ලෙස දිවුරුම් දුන් බවට හුවමාරු වන සමාජ මාධ්‍ය සටහන් අසත්‍ය බව Factseeker තහවුරු කරයි.

Latest updates

#misleading#AI

වෙනිසියුලා භූමිකම්පාවේ සත්‍යතාව විකෘති කරන AI සහ පැරණි වීඩියෝ

ජූනි 30, 2026

#AI

ඉන්දියා A – ශ්‍රී ලංකා A කණ්ඩායම් අතර දරුණු ගැටුමක් ලෙස ප්‍රචාරය වන වීඩියෝව සම්පූර්ණයෙන්ම ව්‍යාජයි

ජූනි 17, 2026

#AI

18 වංගුවේදී බස් රථයක් මතට ගලක් කඩා වැටී 08 දෙනෙකු මියගිය බවට පැතිරෙන පුවත සම්පූර්ණයෙන්ම ව්‍යාජයි

ජූනි 15, 2026

#AI

මහා පරිමාණයේ අයිස් කැට වැස්සක් දැක්වෙන වීඩියෝව AI මඟින් නිර්මාණය කරන ලද ව්‍යාජ එකකි

මැයි 28, 2026

Related Content

වෙනිසියුලා භූමිකම්පාවේ සත්‍යතාව විකෘති කරන AI සහ පැරණි වීඩියෝ

ජූනි 30, 2026

ඉන්දියා A – ශ්‍රී ලංකා A කණ්ඩායම් අතර දරුණු ගැටුමක් ලෙස ප්‍රචාරය වන වීඩියෝව සම්පූර්ණයෙන්ම ව්‍යාජයි

ජූනි 17, 2026

18 වංගුවේදී බස් රථයක් මතට ගලක් කඩා වැටී 08 දෙනෙකු මියගිය බවට පැතිරෙන පුවත සම්පූර්ණයෙන්ම ව්‍යාජයි

ජූනි 15, 2026

මහා පරිමාණයේ අයිස් කැට වැස්සක් දැක්වෙන වීඩියෝව AI මඟින් නිර්මාණය කරන ලද ව්‍යාජ එකකි

මැයි 28, 2026

උතුරේ වෙසක් උත්සව තහනම් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ව්‍යාජ පුවත

මැයි 27, 2026

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection