Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #misleading

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම් මැද සංසරණය වන නොමග යවන වීඩියෝ

Misleading
Misleading

ඉරානය ඊශ්‍රායලය වෙත එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයෙන් පසුව සමාජ මාධ්‍යවල ඒ හා සම්බන්ධ යයි දක්වමින් බොහෝ වීඩියෝ සහ ප්‍රවෘත්ති වාර්තා හුවමාරු වන අන්දම FactSeekerට නිරීක්ෂණය විය.

by Anonymous |

ඔක්තෝබර් 4, 2024

මෙසේ හුවමාරු වන වීඩියෝ සහ ඒ සමග ඇති ප්‍රවෘත්ති වාර්තා බොහොමයක් නොමග යවනසුලු බව Factseeker  හඳුනාගන්නා ලදී.

මෙම වීඩියෝව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පැන යන දරශනයක් ලෙස දක්වා ඇති  අතර ‘නෙතන්යාහු පැන යාමේ මොහොත’ නමින් එය සංසරණය වෙයි.

කෙසේ වෙතත්, මෙම වීඩියෝව පටිගත කර ඇත්තේ, බෙන්ජමින් නෙතන්යාහු 2021 දෙසැම්බර් 14 වන දින පැවැති ඊශ්‍රායල් මැතිවරණයකදී සිය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා දිව යන අවස්ථාවකදී ය. එ් වන විට ඔහු ඊශ්‍රායලයේ විපක්ෂ නායකවරයා ව සිටියේය.

එම සබැඳිය මෙතැනින් –

https://www.hidabroot.org/article/1162572

ඒ අතර, ඊශ්‍රායලයේ අගනුවර වන ටෙල් අවිව් වෙත මිසයිල ප්‍රහාරයක් එල්ල වූ බව දැක්වෙන වීඩියෝවක් සීග්‍රයෙන් හුවමාරු වෙමින් පවතී. Factseeker එය නිරීක්ෂණය කළ අතර  එය මිනිසුන් රහිත ඩ්‍රෝන යානයක් රුසියාවේ මොස්කව්හි දී පුපුරා යාමේ සිදුවීමක් වන අතර එය 2023 දී ජාත්‍යන්තර මාධ්‍ය විසින් වාර්තා කරන ලද අනතුරකි.

එම සබැඳිය මෙතැනින්:

https://www.bbc.com/news/av/world-europe-66353931

මෙවැනි නොමගයවනසුලු වීඩියෝ බොහොමයක් මේ වන විට X සහ Facebook  සමාජ මාධ්‍ය වේදිකාවල බහුලව හුවමාරු වෙමින් පවතී.

ඒ අනුව, ඉහත වීඩියෝ සියල්ල පැරණි බවත්, ඒවා මහජනයා නොමග යැවීම සඳහා හුවමාරු කර ගෙන ඇති බවත් තහවුරු Factseeker  කරයි.

Latest updates

#misleading

මෙට්‍රෝ බස් රථ බෙදාහැරීමේදී ආණ්ඩුව යාපනයට වෙනස්කම් කරමින් කටයුතු කරන්නේද?

අගෝස්තු 4, 2026

#false

ශිහාන් මිහිරංග පැවිදි වූ බවට හුවමාරු වන ප්‍රචාර අසත්‍යයි

ජූලි 7, 2026

#misleading#AI

වෙනිසියුලා භූමිකම්පාවේ සත්‍යතාව විකෘති කරන AI සහ පැරණි වීඩියෝ

ජූනි 30, 2026

Related Content

මෙට්‍රෝ බස් රථ බෙදාහැරීමේදී ආණ්ඩුව යාපනයට වෙනස්කම් කරමින් කටයුතු කරන්නේද?

අගෝස්තු 4, 2026

ආපදාවට ලක්වූ දරුවෙකුගේයැයි දක්වමින් සංසරණය වන වීඩියෝව නිර්මාණාත්මක රංගනයක කොටසකි.

දෙසැම්බර් 18, 2025

දැඩි සුළං හේතුවෙන් කඩා වැටී ඇත්තේ ලිබර්ටි ප්‍රතිමාවේ අනුරුවකි.

දෙසැම්බර් 17, 2025

ශ්‍රී පාදස්ථානය ආශ්‍රිත ප්‍රදේශයේ නායයෑමක් සිදුවී ඇති බවට පළවන වාර්තා සත්‍යයි.

දෙසැම්බර් 2, 2025

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූප නොවැ.21 රැළියේ දී ගත් ඒවා නොවේ.

නොවැම්බර් 24, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection