Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න

ඊලාම් කොඩිය සමග සිටි තරුණියගේ ඡායාරූපය ලංකාවේදී ගන්නා ලද එකක් නොවේ.

Misleading
Misleading

යුද්ධය හේතුවෙන් මිය ගිය උතුරේ දමිළ පුද්ගලයින් සිහිපත් කිරීම සඳහා සැමරුම් සිදුකරන ආකාරය පිළිබඳව සමාජ මාධ්‍ය වල සංසරණය විය. ඒවායේ යාපනය විශ්වවිද්‍යාලය තුළ සිදුකරන සැමරුම් සමග තරුණියක් විසින් එල්ටීටීඊ සංවිධානයේ කොඩිය ප්‍රදර්ශනය වන ආකාරයෙන් ගන්නා ලද ඡායාරූපයක් ඇතුළත් වී තිබුණි.

by Anonymous |

නොවැම්බර් 28, 2024

ශ්‍රී ලංකාවේ නීතියට අනුව එල්ටීටීඊ සංවිධානය තහනම් ත්‍රස්ත සංවිධානයකි. එම නිසා එල්ටීටීඊ සංවිධානයේ ලාංඡන බැනර් හෝ කොඩි යොදාගනිමින් අනුස්මරණ සැමරුම් සිදු නොකරන ලෙස රජයෙන් ද පවසා තිබුණි.

කෙසේ වුවද උතුරේ සැමරුම් යනුවෙන් මෙම ඡායාරූපය සමාජ මාධ්‍ය තුළ සංසරණය වී තිබුණි.

ඒ අනුව මෙම ඡායාරූපයෙහි සත්‍ය අසත්‍යතාව පිළිබඳ FactSeeker සොයා බලන ලදී.

මෙම ඡායාරූපය පිළිබඳ සොයා බැලීමේදී මෙම ඡායාරූපය උඩුගත කර තිබූ ෆේස්බුක් ගිණුම පරික්ෂා කරන ලදී. අප එම ගිණුම පිරික්සන අවස්ථාවේ එහි කිසිදු දත්තයක් නොතිබුණි.

https://www.facebook.com/profile.php?id=61569366599756

පසුව ඊට අදාලව යාවත්කාලීන කොට සකසනු ලැබූ වෙනත් ගිණුමක් සොයා ගැනීමට හැකිවිය.

https://www.facebook.com/jeanne.ammu

එහි සඳහන් ව තිබූ ආකාරයට ඇගේ පදිංචිය ප්‍රංශයේ බව සඳහන් විය. එසේම ඇගේ Instagram සහ TikTok ගිණුම් ද සොයාගැනීමට හැකිවිය.

https://www.instagram.com/jeanne.ammu/reels/

@ammu_ranjithkumar

මෙම ඡායාරූපය උඩුගත කර තිබුණේ මැයි 20 වනදාය. ඒ අනුව එම කාල වකවානුව ආසන්නයේ ප්‍රංශයේ පැවති එල්ටීටීඊ සැමරුම් උත්සව සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී tamil Guardian වෙබ් පිටුවේ සඳහන් ව තිබූ සැමරුම් උත්සවයක් පිළිබඳ අවධානය යොමු විය. මැයි 18 වනදා මෙය Clichy හි පැවතුන බව එහි සඳහන් විය.

https://www.tamilguardian.com/content/french-tamils-commemorate-tamil-genocide-remembrance-day

ඒ අනුව මෙම උත්සවය පැවතුණු ස්ථානය පිළිබඳ පරික්ෂා කිරීමේදී de la republique සහ de la bataile යන ස්ථාන හඳුනා ගැනීමට හැකිවිය.

https://www.ville-clichy.fr/88-place-de-la-republique-clichy.htm

ඒ අනුව google map ආධාරයෙන් එම ස්ථාන පිරික්සීමේදී මෙම ඡායාරූපය ගෙන තිබූ ස්ථානය පැහැදිලි විය. ඒ අනුව එය මෙම සැමරුමේ අවසානය වන de la bataile හිදී ගෙන තිබූ බව පැහැඳිලි විය.

https://bit.ly/4eNtrPj

ඒ අනුව මෙම ඡායාරූපය ලංකාවේ උතුරු ප්‍රදේශයේ පැවතුණු සැමරුම් අවස්ථාවකදී ගන්නා ලද එකක් නොවන අතර එය ප්‍රංශයේ Clichy හිදී ගන්නා ලද එකක් බව FactSeeker තහවුරු කරගන්නා ලදී.

Latest updates

#AI

මහා පරිමාණයේ අයිස් කැට වැස්සක් දැක්වෙන වීඩියෝව AI මඟින් නිර්මාණය කරන ලද ව්‍යාජ එකකි

මැයි 28, 2026

#fake

උතුරේ වෙසක් උත්සව තහනම් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ව්‍යාජ පුවත

මැයි 27, 2026

#false

ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් 10,000 ක නව මුදල් නෝට්ටුවක් නිකුත් කළා ද?

මැයි 18, 2026

#false

රතුගල ආදිවාසි නව නායකයා සරසවි සිසුවෙක් නෙවෙයි

මැයි 14, 2026

Related Content

මහා පරිමාණයේ අයිස් කැට වැස්සක් දැක්වෙන වීඩියෝව AI මඟින් නිර්මාණය කරන ලද ව්‍යාජ එකකි

මැයි 28, 2026

උතුරේ වෙසක් උත්සව තහනම් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ව්‍යාජ පුවත

මැයි 27, 2026

ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් 10,000 ක නව මුදල් නෝට්ටුවක් නිකුත් කළා ද?

මැයි 18, 2026

රතුගල ආදිවාසි නව නායකයා සරසවි සිසුවෙක් නෙවෙයි

මැයි 14, 2026

ඉන්දීය හමුදාපතිවරයා ඉරාන නෞකාවක තොරතුරු ඊශ්‍රායලය සමඟ බෙදාගත් බවට පැතිර යන අසත්‍ය වීඩියෝව

මාර්තු 12, 2026

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection