Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න

ඉලෝන් මස්ක් ප්‍රහාරක ජෙට් යානයක් නිපදවූවා ද?

False
False

ටෙස්ලා සමාගමේ හිමිකරු ඉලෝන් මස්ක් විසින් ජෙට් යානයක් නිර්මාණය කරන බව දැක්වෙන ඡායාරූප කිහිපයක් ශ්‍රී ලංකාවේ මෙන්ම විදෙස් රටවල සමාජ මාධ්‍යයන් හරහා සංසරණය වන බව Fact Seeker නිරීක්ෂණය කළේය.

by Anonymous |

නොවැම්බර් 7, 2024

මෙම ඡායාරූපය බැලූ බැල්මටම SpaceX X1 සංකල්පීය හයිපර්සොනික් ප්‍රහාරක ජෙට් යානය බව නිරූපණය කරයි. නමුත් මෙම ඡායාරූප සත්‍ය ද? යන්න  නිරීක්ෂණය කිරීමට Google Lense හරහා ඊට සමාන සත්‍ය ඡායාරූප පිළිබඳ Factseeker සොයා බැලීමක් කළේ ය.

නමුත් එම ජෙට් යානාවලට සමාන, Tesla හෝ SpaceX සමාගම  විසින් නිපද වූ ජෙට් යානාවල කිසිදු නිල ඡායාරූපයක සාක්ෂියක් අන්තර්ජාලයේ පල වි නොතිබුණි. එසේම  ‘ටෙස්ලා සමාගම විසින් නිපදවූ UFO ප්‍රහාරක ජෙට් යානා’ ලෙස දක්වමින් තවත් එවැනිම ආකාරයේ ඡායාරූප විවිධ විදෙස් මාධ්‍යන් තුළ සංසරණය වන බව Fact Seeker ට සොයා ගැනීමට හැකි විය.

මේ අතරින් කිහිපයක් Sightengine.com හරහා පරීක්ෂා කිරීමේදී ඒවා කෘත්‍රිම බුද්ධිය යොදා ගනිමින් නිර්මාණය කරන ලද බව පැහැදිලි විය.

එසේම ඉලෝන්මස්ක්ගේ මෙම ප්‍රහාරක ජෙට් යානා පිළීබඳ කරුණු සොයා බැලීමේදී  Tesla හෝ SpaceX සමාගම්වල නිල වෙබඩවිවල ඒ සම්බන්ධ නිල ප්‍රවෘත්ති කිසිවක් වාර්තා වී නොමැති බව නිරීක්ෂණය  විය.

එසේම විදේශීය වෙබ් අඩවියක් වන Medium වෙබ් අඩවියේ දැක්වූ ලිපිය අනුව ඉලෝන් මස්ක් UFO ප්‍රහාරක යානය පිළිබඳව සංකල්පයක් හෙළි කර කර තිබෙන බව පැහැදිළි කර තිබේ.

එම ලිපිය මෙතැනින්;   https://fixyourfin.medium.com/elon-musk-unveils-ufo-fighter-jet-that-defies-physics-c3f990079e0e#:~:text=Elon%20Musk%20has%20stunned%20the%20world%20with,the%20mind%2Dblowing%20technology%20behind%20this%20incredible%20aircraft

නමුත් තවමත් ඉලෝන් මස්ක් එවැනි ව්‍යාපෘතියක කටයුතු කරමින් සිටින බව හෝ එවැනි ජෙට් යානයක් නිර්මාණය කර ඇති බවට කිසිදු සඳහනක් එම ලිපියේ ඉදිරිපත් කොට නැත.

තවදුරටත් මේ පිළිබද සොයා බැලිමේදී විදේශීය වෙබ් අඩවියක මේ සම්බන්ධයෙන් කරුණු පරීක්ෂා කරන ලද ලිපියක්  Factseeker ට හමු විය.

එම ලිපිය මෙතැනින්; https://www.slashgear.com/1692227/elon-musk-ufo-fighter-jet-is-it-real/

ඒ ලිපියේ අර්ථදැක්වීම් අනුව මේ වන විට ඉලෝන් මස්ක් ප්‍රහාරක ජෙට් යානයක් නිර්මාණය කරන බවට කිසිඳු සාක්ෂියක්, නිවේදනයක් හෝ කිසිඳු ආකාරයක පිළිගතහැකි වාර්තා කිරීමක් කර නැති බව තහවුරු කරයි.

මේ අනුව ඉලෝන් මස්ක් අයත් ටෙස්ලා සමාගම විසින් කිසිදු ආකාරයක ප්‍රහාරක ජෙට් යානයක් තවමත්  2024 තුළ නිර්මාණය කර ඉදිරිපත් කර නොමැති බවත්, ඒ පිළිබඳ සංකල්පයක් පමණක් කර ඇති හෙළි කර බවත් Fact Seeker තහවුරු කරයි.

දැනට එම ජෙට් යානය යැයි සඳහන් කරමින් සංසරණය වන සියළු ඡායාරූප ව්‍යාජ ලෙස සංස්කරණය කරන හෝ කෘතීම බුද්ධියෙන් නිර්මාණය කරන ලද ඡායාරූප බව ද Fact Seeker තහවුරු කරයි.

Latest updates

#AI

ඉන්දියා A – ශ්‍රී ලංකා A කණ්ඩායම් අතර දරුණු ගැටුමක් ලෙස ප්‍රචාරය වන වීඩියෝව සම්පූර්ණයෙන්ම ව්‍යාජයි

ජූනි 17, 2026

#AI

18 වංගුවේදී බස් රථයක් මතට ගලක් කඩා වැටී 08 දෙනෙකු මියගිය බවට පැතිරෙන පුවත සම්පූර්ණයෙන්ම ව්‍යාජයි

ජූනි 15, 2026

#AI

මහා පරිමාණයේ අයිස් කැට වැස්සක් දැක්වෙන වීඩියෝව AI මඟින් නිර්මාණය කරන ලද ව්‍යාජ එකකි

මැයි 28, 2026

#fake

උතුරේ වෙසක් උත්සව තහනම් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ව්‍යාජ පුවත

මැයි 27, 2026

Related Content

ඉන්දියා A – ශ්‍රී ලංකා A කණ්ඩායම් අතර දරුණු ගැටුමක් ලෙස ප්‍රචාරය වන වීඩියෝව සම්පූර්ණයෙන්ම ව්‍යාජයි

ජූනි 17, 2026

18 වංගුවේදී බස් රථයක් මතට ගලක් කඩා වැටී 08 දෙනෙකු මියගිය බවට පැතිරෙන පුවත සම්පූර්ණයෙන්ම ව්‍යාජයි

ජූනි 15, 2026

මහා පරිමාණයේ අයිස් කැට වැස්සක් දැක්වෙන වීඩියෝව AI මඟින් නිර්මාණය කරන ලද ව්‍යාජ එකකි

මැයි 28, 2026

උතුරේ වෙසක් උත්සව තහනම් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ව්‍යාජ පුවත

මැයි 27, 2026

ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් 10,000 ක නව මුදල් නෝට්ටුවක් නිකුත් කළා ද?

මැයි 18, 2026

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection