Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න

අත්භූත සත්ත්වයින් පිළිබඳව පළවන වීඩියෝ ව්‍යාජ නිර්මාණයන් වේ.

False
False

"මාතලේ ලකේගල ප්‍රදේශවාසීන්ට නැවත වතාවක් අත්භූත සත්වයෙකු දැක ගැනීමට අවස්ථාව ලැබි ඇති බව සඳහන් වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් පවතී. මේ සත්වයා මුලින්ම දැක ඇත්තේ මාතලේ පදිංචි ලතීෆ් හනීෆා නම් පුද්ගලයෙක් බවත්‍ එම වීඩියෝවේ සඳහන් වේ.

by Anonymous |

නොවැම්බර් 19, 2024

එම වීඩියෝව https://www.facebook.com/reel/1619900855306829/?mibextid=6AJuK9&s=chYV2B&fs=e

මෙම වීඩියෝවේ බල්ලෙකු සපාකමින් සිටින කළු පැහැති සත්ත්වයා පිළිබඳව FactSeeker අවධානය යොමු විය.  Google Lens හරහා මෙම සත්ත්වයා නිරීක්ෂණය කිරීමේදී වෙනත් රටවල ද සමාජ මාධ්‍යයන්ගේ මෙම වීඩියෝව සංසරණය වනු දැකගත හැකි වුවත්, එවැනි සත්ත්වයෙකු පිළිබඳ කිසිදු පැහැදිළි තොරතුරක්  අන්තර්ජාල වෙබ් අඩවියකින් සොයා ගැනීමට  නොහැකි විය.

කෙසේ නමුත්, මෙම සත්ත්වයා බල්ලෙකු ගොදුරු කරගනිමින් සිටින බව විශ්වාස කරන පරිශීලකයින් සිටින බව ඒ සඳහා පළ කර තිබූ අදහස් අනුව පෙනී ගියේය.

තවදුරටත් මෙම වීඩියෝව නිරීක්ෂණය කිරීමේදී එම කළු පැහැති සත්ත්වයාගේ මුහුණ කිසිදු විටක නිශ්චිතව නිරූපණය නොවෙයි. එම සත්ත්වයාගේ විටෙක පාද දෙකකුත් තවත් විටෙක පාද තුනකුත් ලෙස නිරූපණය වන බවක්  FactSeeker නිරීක්ෂණයේදී පෙනී ගියේය. එසේම අවට සිටින පුද්ගලයින් නිරීක්ෂණය කිරීමමේදී ද පුද්ගලයින්ගේ මුහුණු අපැහැදිළිව තිබීමත් බොඳ වී පහළට ඇදී යන ස්වභාවයකින් තිබීමත් දැකගත හැකි විය.

ඒ අනුව මෙම වීඩියෝව සත්‍ය වීඩියෝවක් නොවන බව තහවුරු කර ගත හැකි අතර එය කෘත්‍රීම බුද්ධි තාක්ෂණය යොදාගෙන නිර්මාණය කර ඇති බව පැහැදිලි වෙයි.

මේ අනුව ලකේගල ප්‍රදේශයේ අත්භූත සත්ත්වයෙකු බල්ලෙකු ගොදුරු කරගන්නා බව  දැක්වෙන වීඩියෝව අසත්‍ය වීඩියෝවක් බව FactSeeker තහවුරු කරයි.

Latest updates

#AI

ඉන්දියා A – ශ්‍රී ලංකා A කණ්ඩායම් අතර දරුණු ගැටුමක් ලෙස ප්‍රචාරය වන වීඩියෝව සම්පූර්ණයෙන්ම ව්‍යාජයි

ජූනි 17, 2026

#AI

18 වංගුවේදී බස් රථයක් මතට ගලක් කඩා වැටී 08 දෙනෙකු මියගිය බවට පැතිරෙන පුවත සම්පූර්ණයෙන්ම ව්‍යාජයි

ජූනි 15, 2026

#AI

මහා පරිමාණයේ අයිස් කැට වැස්සක් දැක්වෙන වීඩියෝව AI මඟින් නිර්මාණය කරන ලද ව්‍යාජ එකකි

මැයි 28, 2026

#fake

උතුරේ වෙසක් උත්සව තහනම් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ව්‍යාජ පුවත

මැයි 27, 2026

Related Content

ඉන්දියා A – ශ්‍රී ලංකා A කණ්ඩායම් අතර දරුණු ගැටුමක් ලෙස ප්‍රචාරය වන වීඩියෝව සම්පූර්ණයෙන්ම ව්‍යාජයි

ජූනි 17, 2026

18 වංගුවේදී බස් රථයක් මතට ගලක් කඩා වැටී 08 දෙනෙකු මියගිය බවට පැතිරෙන පුවත සම්පූර්ණයෙන්ම ව්‍යාජයි

ජූනි 15, 2026

මහා පරිමාණයේ අයිස් කැට වැස්සක් දැක්වෙන වීඩියෝව AI මඟින් නිර්මාණය කරන ලද ව්‍යාජ එකකි

මැයි 28, 2026

උතුරේ වෙසක් උත්සව තහනම් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ව්‍යාජ පුවත

මැයි 27, 2026

ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් 10,000 ක නව මුදල් නෝට්ටුවක් නිකුත් කළා ද?

මැයි 18, 2026

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection