Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න

අගමැතිනි හරිනි අමරසූරිය සහ අමාත්‍ය විජිත හේරත්ගේ සමරු මුද්දර

False
False

ජාත්‍යන්තර තැපැල් දිනයට සමගාමීව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ අමාත්‍ය විජිත හේරත්ගේ මුහුණු සහිතව නිකුත් කළ මුද්දර බව දැක්වෙන ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය පුරා සංසරණය වෙමින් පැවතුණි.

by Anonymous |

ඔක්තෝබර් 10, 2024

ඔක්තෝබර් 09 වෙනි දිනට යෙදී තිබූ ජාත්‍යන්තර තැපැල් දිනය නිමිත්තෙන් සමරු මුද්දර තුනක් සහ QR කේතය සහිත මතක සැමරුම් මුද්දර දෙකක් ඊයේ (09)  නිකුත් කළ බවට වන ප්‍රවෘත්ති වාර්තා කර තිබිණි.

එවැනි පෝස්ට් කිහිපයක් මෙතැනින්.

https://www.facebook.com/share/p/gd86jJdpZBA45dht/

https://www.facebook.com/share/p/foT5kdG9mcrZS95Z/

https://www.facebook.com/share/p/Xd1h3WDWA2FER7tX/

මෙම සිදුවීම පිළිබඳ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය කිහිමයකම පුවත් පළ වී තිබුණ ද සමාජ මාධ්‍ය තුළ මෙය මහත් ආන්දෝලනයක් ඇති කළ සිදුවීමක් විය.

මේ පිළිබඳව වැඩිදුර තොරතුරු නිරීක්ෂණය කිරීමේදී අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිල වෙබ් අඩවියේ මේ සම්බන්ධයෙන් ප්‍රවෘත්තියක් පළ කර තිබූ අතර එහි අගමැතිවරිය විසින් මෙම සමරු මුද්දර ලබා ගන්නා අවස්ථාව දැක්වෙන ඡායාරූපයක් ද පළ කර තිබිණි.

එම සබැඳිය –

https://www.pmoffice.gov.lk/news.php?para=UkIvMksvcW4vV09uQXZGOXZsNjkra2dhdXdJUFJ0Nmo4MHExdjVLbU9teGM1MUsxdUFoaDhKbWNtNDdIVUdOM

ආන්දෝලනයට ලක් ව ඇති මෙම සමරු මුද්දර නිකුත් කිරීම සම්බන්ධයෙන් තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනයක් ද නිකුත් කර ඇත.

2024 ලෝක තැපැල් දින සමරු මුද්දරය සහ විශ්ව තැපැල් සංගමයේ 150 වෙනි සංවත්සරය වෙනුවෙන් නිකුත් කරන ලද මුද්දරය සමරු මුද්දර උත්සවයේ ආරාධිතයින් දෙපළට තිළිණ කළ මුද්දර පුද්ගලකාරක මුද්දර කාණ්ඩයටත් , අයත් වන බව එම නිවේදනයේ සඳහන් වෙයි. එමෙන්ම එදිනෙදා තැපැල් කටයුතු සඳහා නිකුත් කරන මුද්දර නිත්‍ය කාණ්ඩයට අයත් වෙයි.

පුද්ගලකාරක මුද්දර ඕනෑම පුද්ගලයෙකුට තමා කැමති රුවක් මුද්‍රණය කර ලබා ගැනීමට හැකියාව පවතින අතර තැපැල් දෙපාර්තමේන්තුව සම්ප්‍රදායක් ලෙස විශේෂ අවස්ථාවන්හිදී පුද්ගලකාරක මුද්දර, සිහිවටන ලෙස ලබා දෙන බව ද එම නිවේදනයේ සඳහන් වෙයි.

එසේම මෙම මුද්දර අගමැතිනි හරිනි අමරසූරියගේ හෝ ඇමැති විජිත හේරත්ගේ ඉල්ලීම පරිදි නිකුත් නොකළ බවත් තැපැල් දෙපාර්තමේන්තුවේ තිළිණයක් ලෙස ඔවුන්ට ප්‍රදානය කළ බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මේ අනුව ඊයේ දිනට යෙදී තිබූ ජාත්‍යන්තර තැපැල් දිනයට සමගාමීව, විශ්ව තැපැල් සංගමයට වසර 150ක් පිරීම නිමිත්තෙන් වත්මන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ අමාත්‍ය විජිත හේරත්ගේ මුහුණු සහිතව සිහිවටන මුද්දර නිකුත් කර ඇති බව FactSeekers  තහවුරු කරයි.

 

Latest updates

#misleading#AI

වෙනිසියුලා භූමිකම්පාවේ සත්‍යතාව විකෘති කරන AI සහ පැරණි වීඩියෝ

ජූනි 30, 2026

#AI

ඉන්දියා A – ශ්‍රී ලංකා A කණ්ඩායම් අතර දරුණු ගැටුමක් ලෙස ප්‍රචාරය වන වීඩියෝව සම්පූර්ණයෙන්ම ව්‍යාජයි

ජූනි 17, 2026

#AI

18 වංගුවේදී බස් රථයක් මතට ගලක් කඩා වැටී 08 දෙනෙකු මියගිය බවට පැතිරෙන පුවත සම්පූර්ණයෙන්ම ව්‍යාජයි

ජූනි 15, 2026

#AI

මහා පරිමාණයේ අයිස් කැට වැස්සක් දැක්වෙන වීඩියෝව AI මඟින් නිර්මාණය කරන ලද ව්‍යාජ එකකි

මැයි 28, 2026

Related Content

වෙනිසියුලා භූමිකම්පාවේ සත්‍යතාව විකෘති කරන AI සහ පැරණි වීඩියෝ

ජූනි 30, 2026

ඉන්දියා A – ශ්‍රී ලංකා A කණ්ඩායම් අතර දරුණු ගැටුමක් ලෙස ප්‍රචාරය වන වීඩියෝව සම්පූර්ණයෙන්ම ව්‍යාජයි

ජූනි 17, 2026

18 වංගුවේදී බස් රථයක් මතට ගලක් කඩා වැටී 08 දෙනෙකු මියගිය බවට පැතිරෙන පුවත සම්පූර්ණයෙන්ම ව්‍යාජයි

ජූනි 15, 2026

මහා පරිමාණයේ අයිස් කැට වැස්සක් දැක්වෙන වීඩියෝව AI මඟින් නිර්මාණය කරන ලද ව්‍යාජ එකකි

මැයි 28, 2026

උතුරේ වෙසක් උත්සව තහනම් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ව්‍යාජ පුවත

මැයි 27, 2026

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection