Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න

අංගජන් රාමනාදන් රජයේ නිලධාරියෙකුට පහර දුන්නා ද?

Misleading
Misleading

කිසියම් පුද්ගලයෙකු තමා ඉදිරියේ සිටින පුද්ගලයෙකුට කම්මුල් පහරක් එල්ල කරන වීඩියෝවක් සමාජ මාධ්‍ය හරහා හුවමාරු කර ගනිමින් එම පහර දෙන පුද්ගලයා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කරන අංගජන් රාමනාදන් බව සඳහන් කර ඇත.

by Anonymous |

ඔක්තෝබර් 17, 2024

මෙය අංගජන් රාමනාදන් විසින් රජයේ නිලධාරියෙකුට කරන පහර දීමක් බව මැතිවරණ මහ ලේකම් කාර්යාලයට පැමිණිල්ලක් ද ලැබී තිබේ.

මෙය අංගජන් රාමනාදන් කරන පහර දීමක් ද යන්න පිළිබඳව FactSeeker සොයා බැලීය.

FactSeeker ඒ පිළිබඳ නිරීක්ෂණය කිරීමේදී ඒ සම්බන්ධයෙන් වූ වීඩියෝ කිහිපයක් සොයා ගැනීමට හැකි විය.

” ඒ කියන්නේ රාජකීය නිලධාරියෙකුට කම්මුලට ගහන්නද?” ,  “යාපනයේ දූෂිත මන්ත්‍රී අංගජන් රාමනාදන් සිවිල් සේවකයෙකුට මඩ ගහලා” වැනි ශීර්ෂපාඨ සහිතව  වීඩියෝව හුවමාරු වෙමින් පැවතිණි.

එවැනි පළැකිරීම් කිහිපයක් මෙතැනින්.

https://www.facebook.com/MahulchandranChelvarajSpencer/videos/729419982711657

https://www.facebook.com/watch/?ref=search&v=940678707884913&external_log_id=5919a87a-f2a7-46bc-902f-d7329f2329fe&q=Corrupted%20Jaffna%20MP%20Angajan%20Ramanathan%20slapping%20a%20government%20servant

 

ඒ අනුව google reverse image search හරහා මෙම වීඩියෝව විශ්ලේෂණය කිරීමේදී එය ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ Var Nagar ප්‍රදේශයේ සිදු වූ සිදුවීමක වීඩියෝවක් බව තහවුරු කර ගැනීමට හැකි විය.

මෙම වීඩියෝව “Swabimani Shethkari Sangadhana” සංගමයේ තරුණ අංශයේ නායකයා වන මයූර් පෝර්ටෙ (Mayur Porte) විසින් මහාරාෂ්ට්‍ර බැංකුවේ ශාඛා කළමනාකරුට කම්මුල් පහරක් එල්ල කරන වීඩියෝවකි. මේ පිළිබඳ පුවත The Indian Express වෙබ් අඩවියේ ද පළ කර ඇත.

එම ප්‍රවෘත්තිය මෙමෙනින්: https://shorturl.at/jLGwu

එබැවින් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායක සහ පාර්ලිමේන්තු මැතිවරණ අපේක්ෂක අංගජන් රාමනාදන් රජයේ සේවකයෙකුට පහර දුන්නේයැයි ප්‍රකාශ කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන වීඩියෝව ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ සිදුවීමක වීඩියෝවක් බවත් එම වීඩියෝව අංගජන් රාමනාදන් හට කිසිදු ආකාරයක සබඳතාවයක් නොමැති බවත් Factseeker තහවුරු කරයි.

Latest updates

#AI

ඉන්දියා A – ශ්‍රී ලංකා A කණ්ඩායම් අතර දරුණු ගැටුමක් ලෙස ප්‍රචාරය වන වීඩියෝව සම්පූර්ණයෙන්ම ව්‍යාජයි

ජූනි 17, 2026

#AI

18 වංගුවේදී බස් රථයක් මතට ගලක් කඩා වැටී 08 දෙනෙකු මියගිය බවට පැතිරෙන පුවත සම්පූර්ණයෙන්ම ව්‍යාජයි

ජූනි 15, 2026

#AI

මහා පරිමාණයේ අයිස් කැට වැස්සක් දැක්වෙන වීඩියෝව AI මඟින් නිර්මාණය කරන ලද ව්‍යාජ එකකි

මැයි 28, 2026

#fake

උතුරේ වෙසක් උත්සව තහනම් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ව්‍යාජ පුවත

මැයි 27, 2026

Related Content

ඉන්දියා A – ශ්‍රී ලංකා A කණ්ඩායම් අතර දරුණු ගැටුමක් ලෙස ප්‍රචාරය වන වීඩියෝව සම්පූර්ණයෙන්ම ව්‍යාජයි

ජූනි 17, 2026

18 වංගුවේදී බස් රථයක් මතට ගලක් කඩා වැටී 08 දෙනෙකු මියගිය බවට පැතිරෙන පුවත සම්පූර්ණයෙන්ම ව්‍යාජයි

ජූනි 15, 2026

මහා පරිමාණයේ අයිස් කැට වැස්සක් දැක්වෙන වීඩියෝව AI මඟින් නිර්මාණය කරන ලද ව්‍යාජ එකකි

මැයි 28, 2026

උතුරේ වෙසක් උත්සව තහනම් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ව්‍යාජ පුවත

මැයි 27, 2026

ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් 10,000 ක නව මුදල් නෝට්ටුවක් නිකුත් කළා ද?

මැයි 18, 2026

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection