ඩග්ලස් දේවානන්ද මිය ගිය බව කියන පුවත බොරුවක්
අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා හදිසි රෝගාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වූ බවට tiktok ඔස්සේ පණිවිඩයක් හුවමාරු වන බව Factseeker නිරීක්ෂණය කළේ ය.
by Anonymous |
ජනවාරි 17, 2024
කෙසේ වෙතත්, බෙදා හරින පුවත අසත්‍ය බව Factseeker තහවුරු කරයි.
ඩග්ලස් දේවානන්ද මහතා 1957-11-10 වැනි දින උපත ලබා ඇති අතර මේ වන විට වත්මන් රජයේ ධීවර හා ජලජ සම්පත් අමාත්‍යවරයා ලෙස කටයුතු කරයි.
අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා ඊයේ (16) යාපනේදී ප්රවෘත්ති සාකච්ඡාවක් ද පවත්වා තිබිණි.
ප්රවෘත්ති සාකච්ඡාව මෙතැනින් – https://www.facebook.com/ddevananda/videos/3573551346218028