Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #misleading

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප රුපියල් 60 000 කින් වැඩි කළා ද?

Misleading
Misleading

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ වැටුප රුපියල් 60 000 කින් වැඩි වී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයක් හේතුවෙන් දේශපාලන ක්ෂේත්‍රය තුළ මහත් කතා බහක් ඇති වී තිබේ.

by Anonymous |

අගෝස්තු 19, 2026

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වැටුප් වැඩි වීමක් සිදු වී නැති බවත් සිදු වී ඇත්තේ ඉන්ධන දීමනාවේ වැඩි වීමක් බවත් හුවමාරු වූ අදහස් පළ කිරීම්වල සඳහන් වී තිබිණි. මේ පිළිබඳව සමාජ මාධ්‍ය හරහා වැඩි වශයෙන් කතා බහට ලක් වී තිබීම නිසා සැබවින්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප වැඩි වූයේද? යන්න පිළිබඳව Factseeker කරුණු පරීක්ෂා කළේ ය.

මෙහිදී රාමනාදන් අර්චුනා මන්ත්‍රීවරයා පාර්ලමේන්තුවේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අපි පළමුවෙන්ම අවධානය යොමු කළෙමු.

2026 අගෝස්තු 06 වෙනිදා පාර්ලිමේන්තුවේදී සිය වැටුප් පත්‍රිකාව පෙන්වමින් අදහස් ප්‍රකාශ කළ අර්චුනා මන්ත්‍රීවරයා, “මේ මාසයේ මගේ වැටුප රුපියල් හාරලක්ෂ අසූහාර දහසක්. මගේ වැටුප රුපියල් 60 000 කින් වැඩි වෙලා තිබෙනවා.මේ ආණ්ඩුව මන්ත්‍රීවරුන්ට වැටුප් වැඩි කළාට සාමාන්‍ය ජනතාවගේ වැටුප් වැඩි කරලා නෑ” යනුවෙනි.

එය මෙතැනින්  – https://www.youtube.com/watch?v=vfSdWyLNJyE

මේ ප්‍රකාශය පාදක කර ගනිමින් සමාජ මාධ්‍ය වේදිකාවල විවිධ පෝස්ටු සීග්‍රයෙන් හුවමාරු විය.

මේ අතර 2026 ජුනි මාසයේ  රුපියල් 179 000 ක් පැවැති තම ඉන්ධන දීමනාව 2026 ජූලි මාසයේදී රුපියල් 244 000 ක් ලෙස වැඩ් වී තිබුණු බව ෆේස්බුක් ගිණුමේ තම වැටුප් පත් දෙකෙහිම ඡායාරූපයක් හුවමාරු කර තිබිණි.

මේ අතර Factseeker මේ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර මහත්මියගෙන් කළ විමසීමකදී ඇය ප්‍රකාශ කළේ, මෙය කිසිසේත්ම මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩිවීමක් නොව පවතින ඉන්ධන මිලට සාපේක්ෂව කළ ඉන්ධන දීමනාවේ ගැලපීමක් බව ය.

මැදපෙරදිග කලාපයේ පවතින යුධමය වාතාවරණය හේතුවෙන් ආර්ථිකයට සිදු වී ඇති බලපෑම සමනය කිරීම සඳහා අමාත්‍යවරුන්ට, නියෝජ්‍ය අමාත්‍යවරුන්ට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ රජයේ නිලධාරීන්ට හිමි වන ඉන්ධන දීමනාව නැවත දැනුම් දෙන තුරු 2026.03.01 දින පැවති ඉන්ධන මිලට අනුව ගණනය කිරීමට රජය තීරණය කර කළේ ය. ඒ සඳහා වන 01/2026 දරණ අයවැය චක්‍රලේඛය 2026.04.02 වෙනි දින මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් නිකුත් කර තිබිණි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මාසිකව ඉන්ධන දීමනාව සම්බන්ධයෙන් මතු වී ඇති සාකච්ඡාව හේතුවෙන් පාර්ලිමේන්තුවේ ගිණුම් අංශය විසින් සකස් කළ වාර්තාවක් කුෂානි රෝහණධීර මහත්මිය විසින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට ලබා දී තිබිණි.

ඒ වාර්තාවට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තමන් නියෝජනය කරන දිස්තික්කයේ සිට පාර්ලිමේන්තුවට පැමිණීමට ඇති දුර ප්‍රමාණය පදනම් කර ගනිමින් මසකට අවශ්‍ය ඉන්ධන සඳහා වැයවන මුදල ලබා දීම 2008.04.01 දා ආරම්භ විය. ඒ අනුව සෑම මාසයකම 01 දා වෙළඳපොලේ පවතින ඩීසල් ලීටරයක අනුමත මිල ගණන් අනුව ඉන්ධන දීමනාව ගෙවීමට පියවර ගෙන තිබිණි.

එහිදී කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකුට මසකට ඩීසල් ලීටර 283.94 ද ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට ඩීසල් ලීටර 355.58 බැගින් ද ආදී වශයෙන් ඉන්ධන ලබා දෙයි. එය දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට දුර අනුව වෙනස් වේ.

ඒ මේ අනුව ය.

2026.04.01 දායින් පසුව මෙරට ඉන්ධන මිල අවස්ථා කිහිපයකදී ඉහළ දැමුව ද ඉහත චක්‍රලේඛය පදනම් කර ගනිමින් වැඩිවන ඉන්ධන මිලට සාපේක්ෂව මන්ත්‍රීවරුන්ට ලබා දෙන ඉන්ධන දීමනාවේ වැඩි වීමක් සිදු නොවුණි.

ඉන්පසු මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යංශය මගින් නිකුත් කළ ඉහත කී 01/2026 දරණ ජාතික අය වැය චක්‍රලේඛය අවලංගු කරමින් 2026.07.01 දින ජාතික අයවැය චක්‍රලේඛ අංක 01/2026 (1) නිකුත් කර ඇත.

ඒ අනුව 2026.07.01 දා සිට පවතින ඉන්ධන මිලට සාපේක්ෂව අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ රාජ්‍ය නිලධාරීන්ට හිමිවන ඉන්ධන දීමනාව ගැලපීමට රජය තීරණය කර ඇත.

Latest updates

#misleading

මෙට්‍රෝ බස් රථ බෙදාහැරීමේදී ආණ්ඩුව යාපනයට වෙනස්කම් කරමින් කටයුතු කරන්නේද?

අගෝස්තු 4, 2026

#false

ශිහාන් මිහිරංග පැවිදි වූ බවට හුවමාරු වන ප්‍රචාර අසත්‍යයි

ජූලි 7, 2026

#misleading#AI

වෙනිසියුලා භූමිකම්පාවේ සත්‍යතාව විකෘති කරන AI සහ පැරණි වීඩියෝ

ජූනි 30, 2026

Related Content

මෙට්‍රෝ බස් රථ බෙදාහැරීමේදී ආණ්ඩුව යාපනයට වෙනස්කම් කරමින් කටයුතු කරන්නේද?

අගෝස්තු 4, 2026

ආපදාවට ලක්වූ දරුවෙකුගේයැයි දක්වමින් සංසරණය වන වීඩියෝව නිර්මාණාත්මක රංගනයක කොටසකි.

දෙසැම්බර් 18, 2025

දැඩි සුළං හේතුවෙන් කඩා වැටී ඇත්තේ ලිබර්ටි ප්‍රතිමාවේ අනුරුවකි.

දෙසැම්බර් 17, 2025

ශ්‍රී පාදස්ථානය ආශ්‍රිත ප්‍රදේශයේ නායයෑමක් සිදුවී ඇති බවට පළවන වාර්තා සත්‍යයි.

දෙසැම්බර් 2, 2025

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූප නොවැ.21 රැළියේ දී ගත් ඒවා නොවේ.

නොවැම්බර් 24, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection