ශිහාන් මිහිරංග පැවිදි වූ බවට හුවමාරු වන ප්‍රචාර අසත්‍යයි

ජනප්‍රිය ගායන ශිල්පී ශිහාන් මිහිරංග පැවිදි දිවියට ඇතුළත් වී ඇති බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය හරහා පොස්ටුවක් හුවමාරු විය.
by Anonymous |
ජූලි 7, 2026

රූප රාමු දෙකක් එකතු කර නිර්මාණය කර ඇති මෙම පොස්ටුව ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාල තුල වේගයෙන් සංසරණය වන බව Factseeker නිරීක්ෂණය කළේ ය.
• වම් රාමුවේ දැක්වෙන්නේ ශිහාන් මිහිරංග සාමාන්‍ය ඇඳුමෙන් සැරසී සිටින ආකාරයයි.
• දකුණු රාමුවේ දැක්වෙන්නේ ඔහු චීවරය හැඳගත් බෞද්ධ භික්ෂුවකගේ රූපයකි.

ශිහාන් මිහිරංග මෙරට සංගීත ක්ෂේත්රයේ ඉහළ ජනාදරයට පාත්‍ර වී තිබීම නිසා මෙම පෝස්ටුව ඉතාමත් වේගයෙන් සමාජ මාධ්‍ය ජාල පරිශීලකයින්ගේ ආකර්ෂණය ලබා ගෙන ඇති අතර එයට අදහස් පළකිරීම් සහ බෙදා ගැනීම් කර ඇති බව නිරීක්ෂණය විය.
එම නිසා FactSeeker කරුණු පරීක්ෂාවට ලක් කළේය.
FactSeeker අපි ප්‍රථමයෙන්ම ශිහාන් මිහිරංගගේ Facebook ගිණුම පරීක්ෂ කළෙමු.
නිරීක්ෂණය:
මෙහිදී ශිහාන් මිහිරංගගේ නිල Facebook පිටුව අඛණ්ඩව ක්‍රියාකාරීව පවතින බව නිරීක්ෂණය වූ අතර, දෛනිකවද පොදු යාවත්කාලීන කිරීම් වලට භාජනය වෙමින් පවතින බව දැක ගන්නට ලැබිණි.
තව ද මෑත කාලීන බෙදා හරින ලද මාධ්‍ය නිවේදන තවදුරටත් පරීක්ෂා කිරීමෙන් තහවුරු වූයේ ඔහු සංගීත ක්ෂේත්රයේ ක්‍රියාකාරී ගායකයෙකු ලෙස තවමත් ක්‍රියා කරන බවයි.
නිශ්චිත සාක්ෂි:
එමෙන්ම ශිහාන් මිහිරංග ලබන ජූලි 10 වන දින මාතර මහින්ද විජේසේකර ක්‍රීඩාංගනයේ පැවැත්වෙන “මිහිරාවියේ ලැන්ටර්න් කොන්සර්ට් ෆෙස්ටිවල් ” සංගීත ප්‍රසංගය සදහාද ඔහු සහභාගී වීමට නියමිත බව ඔහුගේ නිල ගිණුමේ යාවත්කාලින කිරීම් තුලින් දැක ගත හැකි විය.

මීට අමතරව ඉදිරියේදී පැවැත්වීමට නියමිත තවත් ප්‍රසංගයන් පිලිබදව ඔහුගේ නිල ෆේස්බුක් පිටුව තුලින් රසික රසිකාවියන්ට යාවත්කාලින කිරීම් කර ඇත.
සවිස්තරාත්මක දත්ත සහ ඔහුගේ යාවත්කිරීම් සොයා බැලීම් මත පදනම්ව, ශිහාන් මිහිරංග බෞද්ධ භික්ෂුවක් ලෙස පැවිදි වී ඇති බවට බෙදාහැර තිබූ සමාජ මාධ්‍ය පොස්ටු සහ ඒ ආශ්රිත පුවත් අසත්‍ය බව FactSeeker තහවුරු කරයි.