මෙරට තේ නිශ්පාදනයක් වෙනුවෙන් නොබෙල් ත්‍යාගයක් හිමි වී නොමැත

මෙරට තේ නිශ්පාදනයක් වෙනුවෙන් නොබෙල් ත්‍යාගය හිමිවූ බවට කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා විසින් සිදුකරන ප්‍රකාශයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බව නිරීක්ෂණය විය
by Anonymous |
සැප්තැම්බර් 30, 2025

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති විසින් ශ්‍රී ලංකාවේ තේ සදහා නොබෙල් ත්‍යාගය හිමිවූ බවට සදහන් කරන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බව FactSeeker ට නිරීක්ෂණය විය.
පසුගියදා පැවති කෘත්‍රිම බුද්ධිය හා එම තාක්ෂණය මූලික කරගත් NATIONAL AI EXPO ප්‍රදර්ශනයට සහභාගී වූ අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙම අදහස පළ කර තිබුණි.
” අපිට නොබෙල් ප්‍රයිස් එක ලැබුණා ජපානයේ තිබුණු එක්ෂිබිෂන් එකේදී. ලංකාවේ තේ කිලෝ 1ක් ඩොලර් අටසිය හැට ගාණකට ගියා.ඒක ලංකාවේ මුදලින් දෙලක්ෂ හැත්තපන්දාහක් විතර. මං හිතන්නේ ඒක ගිනස් වාර්තාවක් පිහිටෙවුවා.” යනුවෙන් ඔහු එහිදී සදහන් කළේය.
https://www.facebook.com/reel/1369250131224879
මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය පරිශීලකයන් විසින් බොහෝ අදහස් දක්වා තිබූ බැවින් මෙම ප්‍රකාශය පිළිබදව FactSeeker විමර්ශනයක් සිදු කළේය. ඒ අනුව මේ සම්බන්ධයෙන් වන නිල පළකිරීම් පිළිබදව සොයා බැලීය. New Vithanakande Tea Factory ආයතනයට ඔවුන්ගේ තේ නිෂ්පාදනය සදහා ඇගයීමක් හිමිවී ඇති අතර එය ගිනස් වාර්තා අතරට එක්වී ඇත. ලොව මෙතෙක් අලෙවි වූ මිල අධිකම තේ වර්ගය නිෂ්පාදනය කිරීම වෙනුවෙන් ඔවුන්ට මෙම ලෝක වාර්තාව හිමිවී තිබුණි.
ජපානයේ පැවති වෙන්දේසියකදී නව විතානකන්දේ තේ කර්මාන්ත ශාලාව විසින් නිෂ්පාදනය කළ Ceylon Black Tea (FFExSp), එනම් ‘ෆයින්නස්ට් ෆ්ලෝවරි එක්ස්ට්‍රා ස්පෙෂල්’ (Finest Flowery Extra Special) ලෙස හැඳින්වෙන ඉතාම උසස් තත්ත්වයේ කළු තේ වර්ගයක කිලෝග්‍රෑම් 01 ක ප්‍රමාණයක් ජපන් යෙන් 125,000 එනම් ඩොලර් 845 (එය දළ වශයෙන් රුපියල් 252,500 කට සමාන වේ) ක වාර්තාගත මිලකට අලෙවි වී තිබුණි.ඒ අනුව ඔවුන්ට එම වාර්තාව හිමිවිය.
SL tea factory sets Guinness record for world’s most expensive tea
නොබෙල් ත්‍යාගය පිරිනමන්නේ මානව වර්ගයාගේ ශ්‍රේෂ්ඨතම ප්‍රයෝජනය උදෙසා විශිෂ්ට දායකත්වය ලබාදුන් පුද්ගලයන්ට හා සංවිධානවලටය. එවැනි වූ සම්බන්ධයක් අදාළ සිදුවීම සම්බන්ධව වන පළකිරීම් වල නොමැති බව ද අනාවරණය විය.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පසුව සුනිල් හදුන්නෙත්ති අමාත්‍යවරයා පැහැදිළි කිරීමක් කර ඇති බව ද මේ පිළිබදව කළ විමර්ෂණයෙන් පසුව අනාවරණය විය.
https://www.facebook.com/share/v/1BPc1fn21x/