Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #FAKE_ACCOUNT

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චන්ග් නමින් ක්‍රියාත්මක වන්නේ ව්‍යාජ ෆේස්බුක් ගිණුමක්

False
False

Factseeker වෙත ලැබුණු ඉල්ලීමකට අනුව, ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් නමින් මෑතක සිට ක්‍රියාත්මක වන සහ එහි ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් සැක මතු කර ඇති ෆේස්බුක් ගිණුමක සත්‍යතාව පිළිබඳව FactSeeker කරුණු විමර්ශනය කළේය.

by Anonymous |

මැයි 20, 2025

තානාපතිනියගේ නමින් ක්‍රියාත්මක වන ෆේස්බුක් ගිණුම පරීක්ෂාවේදී, ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චන්ගේ නිල X අඩවියේ ඇය පළ කරන සටහන් මෙම ෆේස්බුක් පිටුවේ ද ඇතුළත් කර ඇති බව නිරීක්ෂණය විය.

තානාපතිනියගේ නිල X ගිණුම මෙතැනින්.

තවද, ජූලි චන්ග් විසින් පවත්වාගෙන යනු ලබන ෆේස්බුක් ගිණුමට අනුගාමිකයින් 6,000 කට අධික සංඛ්‍යාවක් සිටින අතර, එම අනුගාමිකයන් පිටුවේ බෙදා ගන්නා සෑම සටහනක් සඳහාම කමෙන්ටු පළ කර ඇති බව අපට නිරීක්ෂණය විය.

මෙම ෆේස්බුක් ගිණුම 2022 සැප්තැම්බර් 21 වන දින නිර්මාණය කර ඇති අතර, එම වසරේ ඔක්තෝබර් මාසයේ සිට මෙම පිටුවට ඡායාරූප සහ වීඩියෝ උඩුගත කර ඇති බව නිරීක්ෂණය විය.

අදාළ ෆේස්බුක් ගිණුම පිළිබඳ සත්‍යාපනය කර ගැනීම සඳහා අප ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයේ නිල ෆේස්බුක් පිටුව පරීක්ෂා කළ අතර, ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චන්ග්ගේ නමින් ක්‍රියාත්මක වන ෆේස්බුක් ගිණුම ව්‍යාජ එකක් බව එහි පළ කළ පෝස්ටුවක සඳහන් විය.

තවද, FactSeeker මේ පිළිබඳව අමෙරිකානු තානාපති කාර්යාලයේ මාධ්‍ය නිලධාරි කොරී බිකල්ගෙන් විමසූ විට ඔහු තහවුරු කළේ අදාළ ෆේස්බුක් ගිණුම ව්‍යාජ එකක් බවයි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ මාධ්‍ය නිවේදනය මෙතැනින්.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චන්ග්ගේ නමින් පවත්වාගෙන යන ෆේස්බුක් ගිණුම ව්‍යාජ එකක් බව FactSeeker තහවුරු කරයි. එමෙන්ම වැරදි තොරතුරු පතුරුවා හැරීමේ අවදානම සහිත බැවින් ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුම් මත විශ්වාසය තැබීමෙන් වළකින ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.

Latest updates

#false

ඉන්දීය හමුදාපතිවරයා ඉරාන නෞකාවක තොරතුරු ඊශ්‍රායලය සමඟ බෙදාගත් බවට පැතිර යන අසත්‍ය වීඩියෝව

මාර්තු 12, 2026

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection