Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #misleading

සුන්බුන් අතර සිරවී සිටින දැරියගේ වීඩියෝව තායිලන්ත භූ කම්පන සිදුවීමට අදාළ නොවේ.

Misleading
Misleading

තායිලන්තය සහ මියෙන්මාරය මූලික කොටගනිමින් පසුගිය සිකුරාදා (28) දින ඇති වූ ප්‍රබල භූ කම්පනය හේතුවෙන් ජීවිත හානි රැසක් සහ දේපල හානි විශාල සංඛ්‍යාවක් සිදු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

by Anonymous |

අප්‍රේල් 2, 2025

එසේම එම ප්‍රදේශවල තවමත් දිවි ගලවා ගැනීමේ කටයුතු සිදු කෙරෙමින් පවතින බැවින් මෙම සිදුවීම සම්බන්ධයෙන් ගෝලිය වශයෙන් මාධ්‍ය අවධානය යොමු වී පවතී.

මෙවැනි තත්ත්වයක් මත සමාජ මාධ්‍යයේ අසත්‍ය තොරතුරු බහුලව පැතිරයාම පිළිබඳ FactSeeker අවධානය යොමු කර සිටින අවස්ථාවක සුන්බුන් අතර සිරවී සිටින දරියකගේ වීඩියෝවක් ෆේස්බුක් සමාජ මාධ්‍ය හරහා සංසරණය වන ආකාරය නිරීක්ෂණය විය.

එම වීඩියෝව මෙතැනින්:

https://www.facebook.com/share/v/195B7Xcj9m/

https://www.facebook.com/share/p/1AN1PdiBQU/

එම වීඩියෝ සංසරණය වන්නේ “භූමිකම්පාවේදී සිදු වූ හදවත කම්පාවන දසුනක්” ලෙස සඳහන් කරමින් ය.

එම වීඩියෝව සංසරණය වීමේදී මෙය මියෙන්මාර භූකම්පනයට අදාළ බව බොහෝ දෙනෙකු විශ්වාස කරන බවක් දක්නට ලැබුණි. නමුත් එක් අදහස් පළ කිරීමක මෙය සිරියානු යුද්ධයට අදාළ සිදුවීමක් බව දක්වා තිබුණි.

 

ඒ අනුව යමින් මෙම වීඩියෝව සම්බන්ධයෙන් වැඩිදුර කරුණු සොයා බැලීමට FactSeeker කටයුතු කළේය.

මෙම වීඩියෝවට අදාළ ඡායාරූප Google Reverse Image හරහා සොයා බැලීමේදී ලැබූ ප්‍රතිඵල අනුව දල වශයෙන් ලෝකයේ විවිධ සිදුවීම් හා සම්බන්ධ කරමින් අවස්ථා දහ දහසකට ආසන්න ප්‍රමාණයක් මෙම වීඩියෝව බෙදාගෙන ඇති බව තහවුරු  විය. එහි මුල් වීඩියෝව “userftdvvrl92i” නම් Tiktok ගිණුම හරහා 2024 ඔක්තෝබර් 24 දින පළ වූවක් බවට  සොයා ගැනීමට හැකි විය.

එම සම්පූර්ණ වීඩියෝව මෙතැනින්: https://www.tiktok.com/@userftdvvrl92i/video/7429798627142356231

මීට අමතරව මෙම වීඩියෝව සම්බන්ධයෙන් විදෙස් කරුණු පරීක්ෂා කිරීමේ වෙබ් අඩවි විසින් පල කරන ලද ලිපි කිහිපයක් සොයා ගැනිමට ද FactSeeker ට හැකි විය.

https://www.indiatoday.in/fact-check/story/fact-check-video-palestinian-child-trapped-under-rubble-israeli-bombing-2624592-2024-10-28

https://www.logicallyfacts.com/en/fact-check/no-this-video-does-not-show-a-palestinian-child-trapped-under-the-rubble

ගාසා තීරයේ ඇති වූ යුද්ධයේ දී සුන්බුන් අතර සිරවී සිටින දැරියකගේ වීඩියෝවක් බවට තොරතුරු හුවමාරු වීම නිසා ඔවුන් මෙම කරුණු පරීක්ෂා කිරීම කර ඇත.ඒ 2024 වසරේදී ය. මෙම දැරිය පලස්තීනයේ ගාසා තීරයේ කඩා වැටුණු නිවසක සුන්බුන් අතර සිරවී සිටින දැරියක් නොවන බවත්, සිරියානු යුද්ධයේ දී සිදු වූ කඩාවැටීමක සුන්බුන් අතර සිරවී සිටින දැරියක් හෝ නොවන බවත් මෙම ලිපිවල සඳහන් වෙයි. එසේම මුල් වීඩියෝවේ සඳහන් පරිදි දැරිය බිත්තියක සිදුරක් දෙස බලා සෙල්ලම් කරමින් සිටින බවත්, එය සිරියාවේ රූගත කිරීමක් බවත් කරුණු පරීක්ෂා කිරීම්වලින් තහවුරු කර ඇත.

එබැවින් මෙම කරුණු පරීක්ෂා කිරීමේ ලිපිවල කරුණු විශ්ලේෂණය අනුව සුන්බුන් අතර සිරවී සිටින දරුවාගේ වීඩියෝව තායිලන්ත, මියෙන්මාර භූකම්පනයට අදාල වීඩියෝවක් හෝ පලස්තීන, සිරියානු යුද්ධයට අදාළ සිදුවීමක් හෝ නොවන බව FactSeeker තහවුරු කරයි.

 

Latest updates

#false

හෝර්ටන් තැන්නේ නෙලූ ශාක විනාශ කර නෑ.

ඔක්තෝබර් 9, 2025

#false

සිරිපා වන්දනාවේ යන හස්තියාගේ වීඩියෝව AI නිර්මාණයකි.

ඔක්තෝබර් 9, 2025

#fake

STARLINK සමාගමෙන් ජංගම දුරකථනයක් හදුන්වා දී නොමැත.

ඔක්තෝබර් 7, 2025

uncategorized

මෙරට තේ නිශ්පාදනයක් වෙනුවෙන් නොබෙල් ත්‍යාගයක් හිමි වී නොමැත

සැප්තැම්බර් 30, 2025

Related Content

හුවමාරු වන වීඩියෝව ඇල්ල – වැල්ලවාය මාර්ගයේදී අනතුරට ලක්වූ බස් රථයේදී ගත් වීඩියෝවක් නෙවෙයි.

සැප්තැම්බර් 10, 2025

පළමු මාස හයට සංචාරක ඉපැයීම් ඩොලර් බිලියන 1.7 ක් පමණයි

අගෝස්තු 6, 2025

සංසරණය වන තල්මසුන්ගේ වීඩියෝව රුසියානු භූකම්පනයේදී වූවක් නොවේ

අගෝස්තු 1, 2025

සිනොපෙක් ශ්‍රී ලංකාවට ආවේ මාලිමා ආණ්ඩුවෙන් ද?

ජූලි 22, 2025

සීතාවක ප්‍රාදේශීය සභාව සදහා නව සභාපතිවරයකු පත් කර ගත්තා ද?

ජූලි 17, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection