Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න

නියෝජ්‍ය ඇමති ටී.බී. සරත් වැසිකිළියක් විවෘත කළ බව කියන සේයාරූ පරණයි.

Misleading
Misleading

නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී.සරත් වැසිකියක් විවෘත කරන අවස්ථාවක් ලෙස සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඡායාරූප පෙළක් හා එම ඡායාරූප භාවිත කරමින් නිර්මාණය කළ උපහාසාත්මක පළකිරීම් FactSeeker අවධානයට යොමු විය.

by Anonymous |

මාර්තු 26, 2025

එම නිසා මෙහි කරුණු පරීක්ෂා කිරීමට FactSeeker කටයුතු කළේය.

මෙම සමාජ මාධ්‍ය පෝස්ටු නිරීක්ෂණය වීමෙන් පසු මෙම සිදුවීම ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වාර්තා කර තිබේද? යන්න අපි පරීක්ෂා කළෙමු.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මේ පිළිබඳව කළ ප්‍රකාශයක් ඊයේ (25) හිරු නාලිකාවේ ප්‍රවෘත්ති විකාශයේ පළ කර තිබෙන වීඩියෝවක් හමු විය.

https://www.facebook.com/share/v/1BDjQEzytZ/

තවද එම ප්‍රකාශය ඊයේ (25) අරුණ පුවත්පත ද වාර්තා කර තිබිණි. ඒ “නියෝජ්‍ය ඇමති වැසිකිළියක් විවෘත කරලා ෆේස්බුක් දාලා ” යනුවෙනි.

ඒ අනුව මෙහි සත්‍යාසත්‍යතාව සොයා බැලීම සඳහා FactSeeker නිවාස නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මාධ්‍ය අංශයෙන් කළ විමසීමේදී පහත මාධ්‍ය නිවේදනය අප වෙත යොමු කළේ ය.

එහි දැක්වුණේ, සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන ඡායාරූප සහ තොරතුරු මීට වසර 5ක පමණ පෙර පොළොන්නරුව ප්‍රදේශයේ ක්‍රියාකාරී තරුණයින් පිරිසක් සමග කළ සමාජ සත්කාරක සේවාවකදී ගත් ඡායාරූප බව යි. ඒ ප්‍රදේශයේ අසරණ පවුලකට වැසිකිළියක් සාදා දෙන ලද අවස්ථාවක් බව ද එම නිවේදනයේ සඳහන් කර තිබිණි.

ඒ සඳහා කිසිදු උත්සවයක් හෝ පවත්වා නැති අතර වසර පහකට පමණ පෙර කළ සමාජ සුභසාධන ක්‍රියාවක් බව එමගින් දැක්විණි.

මෙම කරුණ පරීක්ෂා කිරීම සඳහා FactSeeker  ටී. බී. සරත් නියෝජ්‍ය අමාත්‍යවරයාගේ සමාජ මාධ්‍ය ගිණුම් පරීක්ෂා කළ අතර මෑත කාලීනව භාවිත කරන සමාජ මාධ්‍ය ගිණුම්වල ඒ සම්බන්ධයෙන් කිසිවක් පළ කර නොතිබිණි. නමුත් 2019 මාර්තු 4 දින ඔහුගේ වෙනත් ෆේස්බුක් ගිණුමක එම අවස්ථාව දැක්වෙන පෝස්ටුවක් පළ කර තිබිණි.

https://www.facebook.com/share/p/1BLKNsteY4/

ඒ අනුව, දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් කළ ප්‍රකාශයත් ඒ මත පදනම්ව මාධ්‍ය හරහා පළ කර පුවත් හා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූප පැරණි සිදුවීමකට අයත් ඒවා බව FactSeeker සනාථ කරයි.

 

Latest updates

#fake

ඉරානය අමෙරිකානු B-2 Spirit යානාවක් බිම හෙලූ බව දක්වන ඡායාරූප ව්‍යාජයි

ජූනි 24, 2025

#fake

Spa Ceylon වෙනත් නිෂ්පාදනයක් ප්‍රවර්ධනය කරන බව සඳහන් ප්‍රචාරය අසත්‍යයි

ජූනි 23, 2025

#fake

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම් නවතන ලෙස උද්ඝෝෂණ කරන වීඩියෝව AI නිර්මාණයක්!

ජූනි 20, 2025

#fake

TEMU හි නොමිලේ ඉලෙක්ට්‍රොනික උපාංග ලබාදෙන බවට පළවන පුවත අසත්‍යයි!

ජූනි 20, 2025

Related Content

ඉරානය අමෙරිකානු B-2 Spirit යානාවක් බිම හෙලූ බව දක්වන ඡායාරූප ව්‍යාජයි

ජූනි 24, 2025

Spa Ceylon වෙනත් නිෂ්පාදනයක් ප්‍රවර්ධනය කරන බව සඳහන් ප්‍රචාරය අසත්‍යයි

ජූනි 23, 2025

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම් නවතන ලෙස උද්ඝෝෂණ කරන වීඩියෝව AI නිර්මාණයක්!

ජූනි 20, 2025

TEMU හි නොමිලේ ඉලෙක්ට්‍රොනික උපාංග ලබාදෙන බවට පළවන පුවත අසත්‍යයි!

ජූනි 20, 2025

තල්මසෙකු බේරාගන්නා බව දැක්වෙන AI වීඩියෝ නිර්මාණ කිහිපයක්!

ජූනි 20, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection