පෝක් සමූද්‍ර සන්ධිය ආසන්නයෙන් හමු වූ ජාන විකෘති වූ ජීවින් ගේ වීඩියෝ AI නිර්මාණ
ඕසෝන් ස්ථරය සිදුරු වීමත් සමග පසුගිය දින කිහිපය තුළ පෝක් සමූද්‍ර සන්ධිය ආසන්නයේ මුහුදු තීරයෙන් ජාන විකෘති වූ ජීවින් හමු වූ බව සඳහන් වීඩියෝ කිහිපයක් සමාජ මාධ්‍යයේ හුවමාරු වෙමින් පවතී.
by Anonymous |
දෙසැම්බර් 26, 2024
මේ දිනවල ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුම් කිහිපයකින් ම මෙම ප්‍රවෘත්තිය හුවමාරු වන අයුරු FactSeeker නිරීක්ෂණය කළේ ය.
එසේම මුහුද ආශ්‍රිතව ජීවත් වන ජනතාව ප්‍රවේසම් වන ලෙස අනතුරු ඇඟවීමක් ද එම ෆේස්බුක් පළකිරීම්වල සඳහන් කර ඇත.
මෙම ජීවියා අඩක් මිනිස් දරුවෙකුට සහ අඩක් මත්ස්‍යයෙකුට සමාන වන බව වීඩියෝව නිරීක්ෂණය කිරීමේදී පෙනී ගිය අතර ඇතැම් පුද්ගලයින් මෙම සත්ත්වයා දියකිඳුරෙක් බවට විශ්වාස කර ඇති බව පළ කර ඇති අදහස්වලින් පැහැදිළි විය. .
ඕසෝන් ස්ථරයේ සිදු වූ විපර්යාසයන් මත මෙවැනි ජීවීන් බිහිවී ඇතිද යන්න පිළිබඳ අන්තර්ජාලය ඔස්සේ වැඩිදුරටත් විමසා බැලීමේදී එවැනි තොරතුරක් සම්බන්ධයෙන් පිළිගත හැකි කිසිදු මූලාශ්‍රයක් හමු නොවීය.
එම නිසා මෙම වීඩියෝව කෘත්‍රීම බුද්ධිය යොදාගනිමින් සිදු කරන ලද නිර්මාණයක් ද යන වග තහවුරු කරගැනීමට FactSeeker කටයුතු කළේ ය.
ඒ අනුව Is it AI? සහ Sightengine යන වෙබ් අඩවි හරහා අදාළ වීඩියෝවල ඡායාරූප ඇතුළත් කරමින් ප්‍රතිඵල නිරීක්ෂණය කිරීමට පියවර ගත්තේ ය. එම වෙබ් අඩවිවල ප්‍රතිඵල අනුව මෙම වීඩියෝ පෙළ කෘත්‍රීම බුද්ධි මෙවලම් උපයෝගී කරගෙන නිර්මාණය කරන ලද ඒවා බවට කරුණු තහවුරු විය.
මේ අනුව පෝක් සමූද්‍ර සන්ධිය ආසන්නයෙන් හමු වූ ජාන විකෘති වූ ජීවින් යැයි සඳහන් වීඩියෝ කෘත්‍රීම බුද්ධිය යොදාගනිමින් නිර්මාණය කරන ලද ව්‍යාජ නිර්මාණයන් බව FactSeeker තහවුරු කරයි.