Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න

ගුරුවරු 9000 මාරු කිරීම දේශපාලන පලිගැනීමක් ද?

False
False

දේශපාලන අභිමතාර්ථ හා පළිගැනීමක් මත ගුරුවරු 9000කට ස්ථාන මාරුවීම් ලබා දෙන බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන පෝස්ටු කිහිපයක් FactSeeker නිරීක්ෂණය කළේ ය.

by Anonymous |

නොවැම්බර් 3, 2024

ඇතැම් පෝස්ටු තුළ ජාතික ජන බලවේගයට විරුද්ධව ඡන්දය දුන් ගුරුවරු 9000 කට මෙම මාරුවීම් හිමිවන බව සඳහන් විය.
https://www.facebook.com/share/p/T1NVL7qrMUcGACjV/
https://www.facebook.com/share/p/g8WTScVXFoFCcXRt/
https://www.facebook.com/share/p/eRCveeodEQFX33Ji/

 

ඒ අනුව FactSeeker මේ පිළිබඳ සොයා බැලීය.

මේ සම්බන්ධව සොයා බැලීමේදී අරුණ පුවත් පත ඔක්තොම්බර් 27 වනදා ප්‍රධාන සිරස්තලය ලෙස මෙය යොදාගෙන තිබුණ අතර වසර 10කට වැඩි ජාතික පාසල් ගුරුවරු සඳහා ස්ථාන මාරු ලබා දෙන බව එහි සඳහන් කර තිබුණි.


ඒ අනුව මේ සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශයේ ගුරු ආයතනාංශයේ අතිරේක ලේකම් අමල් එදිරිසිංහ මහතාගෙන් කළ විමසීමේදී ඔහු සඳහන් කළේ, ගුරුවරුන් විසින් සිය මාරුවීම් සම්බන්ධයෙන් වාර්ෂිකව අයදුම් කරන බවත් මෙවර එවැනි අයදුම්පත් 9000ක් ලැබී ඇති බවත් ය.

අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති ගුරු මාරු මණ්ඩලය විසින් මෙම ස්ථාන මාරු තීරණය කරන අතර එම මාරු මණ්ඩලය සඳහා අමාත්‍යාංශ නිලධාරීන් සහ වෘත්තීය සමිති නියෝජිතයින් ද සිටින බව ඔහු පැවසීය.

නීතිමය තත්ත්වය අනුව එකම පාසලක වසර 10කට වඩා සේවයේ යෙදී සිටීම අනිවාර්ය ස්ථාන මාරුවකට යටත් වන බවත් මේ වන විට අවුරුදු 10 සපිරූ ස්ථාන මාරු අයදුම්පත් 4200 සහ සෙසු අයදුම්පත් විවිධ හේතූන් මත අයදුම් කළ ස්ථාන මාරු ඉල්ලීම් බවත් හෙතෙම සඳහන් කළේ ය.

කෙසේ වෙතත් ගුරු ස්ථාන මාරු සම්බන්ධයෙන් අවසාන තීරණය ගන්නේ ගුරු මාරු මණ්ඩලය විසින් බව අමල් එදිරිසිංහ මහතා වැඩිදුරටත් පැවැසීය.

Factseeker මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් සොයා බැලීමේදී ගුරු මාරු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ 2007/20 දරන චක්‍රලේඛය පදනම් කර ගනිමින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් හමු විය.

එම නිවේදනය මෙතැනින්
https://moe.gov.lk/wp-content/uploads/2020/07/2007-20s.pdf

මේ සම්බන්ධව සති අග අරුණ පුවත්පත වාර්තා කර තිබුණේ මෙතෙක් ක්‍රියාත්මක නොවී තිබුණ මෙම ස්ථාන මාරු ක්‍රමය අනිවාර්ය ලෙසම ක්‍රියාත්මක වන බවයි.

Factseeker තහවුරු කරගත් කරුණු අනුව අරුණ පුවත්පතේ සඳහන් කරන ලද පුවත සත්‍ය නමුත් එහි සඳහන් පරිදි වසර 10 සම්පූර්ණ කරන ලද ගුරුවරු 9000 ක් නොමැති බවත් වසර 10 සම්පූර්ණ කරන ලද සහ වාර්ෂික ස්ථාන මාරු යටතේ ගැනෙන සියලු ස්ථාන මාරු ද මෙම ස්ථාන මාරු 9000 ට අයත් වන බව පැහැදිලි විය.

FactSeeker අනාවරණය කරගත් කරුණු අනුව මෙය හුදෙක් දේශපාලන තීරණයක් නොවන අතර මෙය පවතින ක්‍රියාවලිය සහ නීතිය නිසියාකාරව නියමිත කාලයේ ක්‍රියාත්මක කිරීමක් ලෙස තහවුරු කරගන්නා ලදී.

ඒ අනුව සමාජ මාධ්‍ය තුළ සංසරණය වන පෝස්ටු වල කිසිඳු සත්‍යතාවයක් නැති බව FactSeeker තහවුරු කරයි.

Latest updates

#Factchecked

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වු‌ණේ ධම්මික දසනායකයි

මැයි 14, 2025

#fake

කම්කරු දෙපාර්තමේන්තුව, මෙරට බැංකු සහ වෙළඳ ජාලයන් එක්ව අර්ධකාලීන රැකියා ලබා දෙන බවට පළ වන ප්‍රචාරණ අසත්‍යයි!

මැයි 9, 2025

#fake

ශ්‍රි ලංකාවේ ප්‍රසිද්ධ පුද්ගලයින් යොදාගෙන ව්‍යාජ ලෙස නිර්මාණය කරන ලද වෙළඳ ප්‍රචාරණ වීඩියෝ කිහිපයක්

මැයි 8, 2025

#fake

අති උතුම් “පාප්” පදවිය සඳහා මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වහන්සේ පත්වූ බවට පළ වන පුවත් අසත්‍යයි!

මැයි 7, 2025

Related Content

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වු‌ණේ ධම්මික දසනායකයි

මැයි 14, 2025

කම්කරු දෙපාර්තමේන්තුව, මෙරට බැංකු සහ වෙළඳ ජාලයන් එක්ව අර්ධකාලීන රැකියා ලබා දෙන බවට පළ වන ප්‍රචාරණ අසත්‍යයි!

මැයි 9, 2025

ශ්‍රි ලංකාවේ ප්‍රසිද්ධ පුද්ගලයින් යොදාගෙන ව්‍යාජ ලෙස නිර්මාණය කරන ලද වෙළඳ ප්‍රචාරණ වීඩියෝ කිහිපයක්

මැයි 8, 2025

අති උතුම් “පාප්” පදවිය සඳහා මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වහන්සේ පත්වූ බවට පළ වන පුවත් අසත්‍යයි!

මැයි 7, 2025

පුංචි ආණ්ඩුව නොදින්නොත් ජනාධිපතිවරයාට මුදල් නොදී ඉන්න පුළුවන්ද?

මැයි 2, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection