P/500 පැරසිටමෝල් වර්ගය ශරීරයට අහිතකරද?

පසුගිය කාල සීමාව පුරාම මේ රටේ ඖෂධ සම්බන්ධයෙන් විවිධ සාකච්ඡා ඇති වෙමින් තිබිණි. බාල ඖෂධ ආනයනය කිරීම, ඖෂධ මිල ඉහළ යාම හා ඖෂධ හිඟය මේ කතා බහට ලක් වූ මාතෘකා අතර වුණි.
by Anonymous |
ඔක්තෝබර් 24, 2024

මේ අතරතුර P/500 පැරසිටමෝල් වර්ගය පිළිබඳව සමාජය තැතිගන්වන සුළු අසත්‍ය ප්‍රචාරයක් WhatsApp හරහා මේ දිනවල ශීඝ්‍රයෙන් හුවමාරු වෙමින් පවතී.
හදිසි අනතුරු ඇඟවීමක් ලෙස සඳහන් කරමින් P/500 පැරසිටමෝල් වර්ගය ශරීරයට අහිතකර බැවින් එය භාවිතයට නොගන්නා ලෙස මේ මගින් දැනුම් දී තිබිණි.
මේ පිළිබඳ 2023 වර්ෂයේදී ද ආන්දෝලනාත්මක තොරතුරු රැසක් සමාජ මාධ්‍ය හරහා සංසරණය වූ අතර FactSeekers කණ්ඩායම ඊට අදාළව කරුණු පරීක්ෂා කිරීමක් කළේ ය.
එම ලිපිය කියවීමට පහත සබැඳිය ඔස්සේ පිවිසෙන්න.