Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #fake

TEMU හි නොමිලේ ඉලෙක්ට්‍රොනික උපාංග ලබාදෙන බවට පළවන පුවත අසත්‍යයි!

False
False

මේ වන විට වඩාත් ජනප්‍රිය ඔන්ලයින් භාණ්ඩ අලෙවි වේදිකාවක් වන TEMU ආයතනය නීත්‍යානුකූල නොවන පරිදි භාණ්ඩ ආනයනය කිරීම සම්බන්ධයෙන් දණ්ඩනයට ලක්වී ඇති බව සඳහන් සමාජ මාධ්‍ය පළ කිරීමක් FactSeeker නිරීක්ෂණය කළේ ය.

by Anonymous |

ජූනි 20, 2025

මෙහි සඳහන් වූයේ,  දණ්ඩනයට ලක්වීම නිසා ඔවුන්ගේ ඉලෙක්ට්‍රොනික ගබඩාවන් ඉක්මනින් වසා දැමීමට කටයුතු කරන අතර, එම ගබඩාවල ඇති ඉලෙක්ට්‍රොනික උපාංග අහඹු කොටස් වශයෙන් නොමිලේ ලබා දීමට කටයුතු කර ඇති බවයි. එසේම TEMU ඔන්ලයින් වේදිකාවේ නිල වෙබ් අඩවියේ කෙටි සමීක්ෂණයක් සම්පූර්ණ කර ඇති පුද්ගලයින්ට මෙය ලබා ගත හැකි බවත් ඒ සඳහා අයදුම් කිරීමට සබැඳියක් ද එහි ඇතුළත් කර තිබිණි.

Temu ඔන්ලයින් භාණ්ඩ අලෙවි ආයතනය 2022 වසරේදී ආරම්භ කර ඇති අතර එය වේගයෙන් වර්ධනය ව්‍යාපාරයකි. ප්‍රධාන වශයෙන් චීන සැපයුම්කරුවන්ගෙන් සෘජුවම ලබා ගන්නා  නිෂ්පාදන රාශියක් සහිත PDD හෝල්ඩින්ග්ස් නැමැති ව්‍යාපාරයට අයත් වේදිකාවකි. මේ තුළින්, පාරිභෝගිකයින් නිෂ්පාදකයින් සහ වෙළඳුන් සමඟ සම්බන්ධ කරන අතර, ඉලෙක්ට්‍රොනික උපකරණ, විලාසිතා, ගෘහ භාණ්ඩ සහ රූපලාවන්‍ය නිෂ්පාදන වැනි කාණ්ඩ හරහා පුළුල් පරාසයක භාණ්ඩ සපයනු ලබයි.

කෙසේ නමුත් TEMU ඊ-වාණිජ්‍ය වේදිකාව මෙවැනි නෛතිකමය ගැටළුවකට හසුවී තිබේද? යන්න පිළිබඳව FactSeeker අන්තර්ජාලය හරහා තොරතුරු විමසා බැලූ නමුත් එවැනි සිදුවීමකට අදාළ කිසිදු තොරතුරක් හෝ පිළිගත හැකි මූලාශ්‍රයක් හමුනොවුණි.

මෙම පළකිරීම සිංහල භාෂාවෙන් තිබූ නමුත් එහි අදහස් පළකිරීම් තීරුව නිරීක්ෂණය කිරීමේදී සියළුම අදහස් දැක්වීම් කර ඇත්තේ, විදෙස් පුද්ගලයින්ගේ ගිණුම් ඔස්සේ බව නිරීක්ෂණය කළ හැකි විය.

ඒ අනුව මෙම පළ කිරීම සත්‍ය ද යන්න පිළිබඳ සැක මතු වූ හෙයින්  එහි අන්තර්ගත සබැඳිය සත්‍යද යන්න තහවුරු කර ගැනීම සඳහා URLVoid සහ Easy Demark ඔස්සේ කරුණු පරීක්ෂා කරන ලදී. ලැබූ ප්‍රතිඵල අනුව අදාල සබැඳිය සත්‍ය නොවන බව තහවුරු විය.

 

ඒ අනුව නීත්‍යානුකූල නොවන පරිදි භාණ්ඩ ආනයනය කිරීම සම්බන්ධයෙන් TEMU ඊ-වාණිජ්‍ය වේදිකාව දණ්ඩනයට ලක්වී ඇති බව සඳහන් සමාජ මාධ්‍ය පළ කිරීම, වංචනික සබැඳියක් ප්‍රවර්ධනය කිරීම සඳහා සකස් කරන ලද අසත්‍ය ප්‍රචාරයක්  බව FactSeeker තහවුරු කරයි.

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

කා.වි.දෙ. නිල වෙබ් අඩවියේ දෙරණ නාලිකාවේ විකාශන දර්ශන ඇතුළත් බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 9, 2025

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

අලුත් ආදායම් ක්‍රමයක් පිළිබඳ කුමාර් සංගක්කාර කරන ප්‍රවර්ධන වීඩියෝව AI නිර්මාණයක්.

ඔක්තෝබර් 23, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection