Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #fake

STARLINK සමාගමෙන් ජංගම දුරකථනයක් හදුන්වා දී නොමැත.

False
False

STARLINK අන්තර්ජාල සේවාව හරහා ලෝකයේ ඔ්නෑම තැනක සිට සම්බන්ධ වීමට හැකි දුරකථනයක් නිපදවා ඇති බවට පුවතක් සමාජ මාධ්‍ය හරහා සංසරණය වන බව නිරීක්ෂණය විය.

by Anonymous |

ඔක්තෝබර් 7, 2025

ලෝක ප්‍රසිද්ධ තාක්ෂණික සන්නාමයක් වන ස්ටාර්ලින්ක් (STARLINK) සමාගම විසින් නවතම ස්මාර්ට් ජංගම දුරකථනයක් හඳුන්වා දී ඇති බවට පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බව FactSeeker ට නිරීක්ෂණය විය.

මෙහි දැක්වෙන පරිදි එලෝන් මස්ක්ට අයත් ස්ටාර්ලින්ක් සමාගමෙන් මෙම නවතම දුරකථනය නිර්මාණය කර ඇත. ටෙස්ලා පී.අයි නමින් හැදින්වෙන මෙම ජංගම දුරකථනය ඩොලර් 789ක මුදලකට මිලදී ගත හැකි බවත් නොමිලේ ස්ටාර්ලින්ක් අන්තර්ජාල සබඳතාව සමඟින්, පෘථිවියේ ඕනෑම තැනක සිට සම්බන්ධ විය හැකි බවත් එහි සදහන්ය.
එමෙන්ම‍ සිම් කාඩ්පතක් හෝ Wi-Fi අන්තර්ජාල පහසුකම අවශ්‍ය නොවන බවද දක්වා ඇත. තවදුරටත් මෙහි දක්වා ඇති කරුණු අනුව ‌මෙම දුරකථනයෙන් හිමිවන ප්‍රතිලාභ රැසකි. ඒ අතර එය ස්වයංපෝෂිත සන්නිවේදන පද්ධතියකි. Pi OS හරහා ටෙස්ලා මෝටර් රථය පාලනය කළ හැක. AI ඡායාරූපකරණය වැඩි දියුණු කළ හැක. එමෙන්ම SpaceX හරහා සජීවී වීඩියෝ (stream live) පවා මුදාහැරිය හැක.
https://www.facebook.com/share/p/17DRzeaHjG/
https://www.facebook.com/share/p/1CVTrnTEzj/
https://www.facebook.com/share/p/1ZKzoEQjhz/

එමෙන්ම මෙම නිෂ්පාදනය හේතුවෙන් ඇපල් සමාගම කනස්සල්ලට පත්විය යුතු බවට එලෝන් මස්ක් ප්‍රකාශයක්ද සිදුකර ඇති බව මෙම පුවතේ වැඩිදුරටත් සදහන් කර ඇත. Apple සමාගමෙන් නවතම iPhone මාදිලිය හඳුන්වා දෙනු ලැබුවේ පසුගිය සැප්තැම්බර් මාසයේදීය. iPhone 17 Series යනුවෙන් හැදින්වෙන මෙම මාදිලියට සමගාමීව SpaceX සමාගම හරහා මෙම දුරකථනය මුදාහැර ඇති බවටද අදහස් පළකර තිබුණි. සමාජ මාධ්‍ය පරිශීලකයන් විසින් විවිධ අදහස් පළකිරීම හේතුවෙන් මෙහි සත්‍ය අසත්‍යතාවය පිළිබදව FactSeeker සොයා බැලීය.
මේ සම්බන්ධයෙන් එලෝන් මස්ක් යම්කිසි නිල සටහනක් නිකුත් කර ඇත් ද යන්න සොයා බැලීමට ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුම් පරික්ෂා කළ අතර එවැනි කිසිදු සටහනක් නොවීය.
එමෙන්ම මේ සම්බන්ධව Tesla , SpaceX ආදී අදාළ සමාගම්හි නිල වෙබ් පිටුවල හෝ නිල සමාජ මාධ්‍ය ගිණුම් තුළ කිසිදු පළකිරීමක් කර නොමැති බවද අනාවරණය විය. මීට පෙර අවස්ථා කිහිපයකදී ද ඔහු විසින් මේ සම්බන්ධව අදහස් පළ කර ඇති අතර ඒවායේ ද ඔහු සදහන් කර ඇත්තේ එවැනි කිසිදු සූදානමක් හෝ අදහසක් නොමැති බවයි.
https://www.hindustantimes.com/technology/elon-musk-will-launch-his-own-smartphone-brand-if-apple-and-google-101669557038587.html
https://m.economictimes.com/magazines/panache/watch-out-apple-google-elon-musk-will-create-his-own-alternative-smartphone-if-twitter-gets-banned-from-app-stores/articleshow/95790697.cms
https://www.youtube.com/watch?v=IZjIMGskBWU

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන මෙම පුවත සම්බන්ධයෙන් ඇතැම් ජාත්‍යන්තර වෙබ් අඩවි ඔස්සේ පැහැදිළි කිරීම් ද කර තිබුණි.
https://www.snopes.com/fact-check/tesla-pi-phone-starlink/
මේ සමග පළවන ඡායාරූපය නිරීක්ෂණය කිරීමේදී එය AI තාක්ෂණය ඔස්සේ නිර්මාණය කරන ලද්දක් බව පැහැදිළි විය.

ඒ අනුව එලෝන් මස්ක් ට අයත් ස්ටාර්ලින්ක් සමාගම හරහා Tesla Pi යනුවෙන් නවතම ජංගම දුරකථනයක් මුදාහැර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන පුවත් සාවද්‍ය බව FactSeeker තහවුරු කරන ලදී.

Latest updates

#false

ඉන්දීය හමුදාපතිවරයා ඉරාන නෞකාවක තොරතුරු ඊශ්‍රායලය සමඟ බෙදාගත් බවට පැතිර යන අසත්‍ය වීඩියෝව

මාර්තු 12, 2026

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

Related Content

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

කා.වි.දෙ. නිල වෙබ් අඩවියේ දෙරණ නාලිකාවේ විකාශන දර්ශන ඇතුළත් බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 9, 2025

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

අලුත් ආදායම් ක්‍රමයක් පිළිබඳ කුමාර් සංගක්කාර කරන ප්‍රවර්ධන වීඩියෝව AI නිර්මාණයක්.

ඔක්තෝබර් 23, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection