Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #fake

Spa Ceylon වෙනත් නිෂ්පාදනයක් ප්‍රවර්ධනය කරන බව සඳහන් ප්‍රචාරය අසත්‍යයි

False
False

Spa Ceylon ආයතනය හරහා රුපියල් 600 කට ලබාගත හැකි බව දැක්වෙන නිෂ්පාදන පෙළක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා පළ වන සටහන් ව්‍යාජ බව Factseeker තහවුරු කරයි.

by Anonymous |

ජූනි 23, 2025

මෙරට ප්‍රමුඛ පෙළේ වෙළෙඳ නාමයක් වන Spa Ceylon ආයතනය වෙනත් නිෂ්පාදනයක ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කර ඇති බව සඳහන් සමාජ මාධ්‍ය සටහනක් FactSeeker නිරීක්ෂණය කළේ ය.

Spa Ceylon ආයතනය වෙනත් වෙළෙඳ සමාගම් හා සම්බන්ධ වී වෙළෙඳපොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන මෙම නව නිෂ්පාදනය සම්බන්ධයෙන් පාරිභෝගික අදහස් කෙසේ දැයි යන්න තොරතුරු රැස් කරන බව මෙම සටහනේ සඳහන් වී තිබිණි.

මෙහි සඳහන් අන්දමට Luxury Beauty Mystery Box යනුවෙන් සඳහන් ඇසුරුමක් රු.600 ක් වැනි සුළු මුදලකට ලබාගත හැකියි. ඒ අයුරින් ලබාගත් පාර්සලයක් හා එහි බිල්පතක් සමඟින් ඡායාරූපයක් ද එම සටහනේ සඳහන් කර ඇත.

ඒ අනුව මෙහි සඳහන් වන පරිදි Spa Ceylon හි යම් ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා ද? යන්න පිළිබඳව Factseeker සොයා බැලීය.

ඒ අනුව Spa Ceylon ආයතනයේ ප්‍රධාන ශාඛාවේ මානව සම්පත් කළමණාකරණ අංශයෙන් කළ විමසීමේදි සඳහන් කළේ, එවැනි කිසිදු ප්‍රවර්ධන වැඩසටහනක් සිදු නොවන බවයි. එමෙන්ම මේ සම්න්ධයෙන් ඔවුන් තම නිල සමාජ මාධ්‍ය පිටු හරහා නිවේදනයක් නිකුත් කර තිබෙන බවද සඳහන් කළේය.

එවැනි ප්‍රවර්ධන වැඩසටහනක් හෝ දීමනා ලබා දීමක් සිදු වන්නේ නම්, ඒ පිළිබඳ ඔවුන්ගේ කාර්ය මණ්ඩලයෙන් හා නිල වෙබ් පිටුවේ පළ කරන බව ද ඔවුන් වැඩිදුරටත් පැවැසීය.

‍ඒ අනුව Spa Ceylon ආයතනය හරහා රුපියල් 600 කට ලබාගත හැකි බව දැක්වෙන නිෂ්පාදන පෙළක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා පළවන සටහන් ව්‍යාජ බව FactSeeker තහවුරු කරයි.

Latest updates

#misleading

සිනොපෙක් ශ්‍රී ලංකාවට ආවේ මාලිමා ආණ්ඩුවෙන් ද?

ජූලි 22, 2025

#AI

මුඛයේ ඇස් ඇති ගෙම්බා ගැන ඇත්ත කතාව

ජූලි 17, 2025

#misleading

සීතාවක ප්‍රාදේශීය සභාව සදහා නව සභාපතිවරයකු පත් කර ගත්තා ද?

ජූලි 17, 2025

#PARTIALLYFACTUAL

ආණ්ඩුවේ ඇප නැතුව ණය දෙන බව කී කතාවේ ඇත්ත නැත්ත

ජූලි 14, 2025

Related Content

ශාරුක් ඛාන් බලන්න රුපියල් විසිදහසක ප්‍රවේශ පතක් නිකුත් කළා ද?

ජූලි 7, 2025

පෙර පුහුණුවීම්වල නිරත ශාරුක් ඛාන් ලෙස දැක්වෙන ඡායාරූපය AI නිර්මාණයක්!

ජූලි 7, 2025

සජිත් ප්‍රේමදාස සහ රනිල් වික්‍රමසිංහ වැළඳගැනීමක් දැක්වෙන වීඩියෝව AI නිර්මාණයක්!

ජූලි 1, 2025

දෙහිවල සත්තු වත්තේ දිනුම් ඇදීමක් සිදු වෙනවාද?

ජූනි 25, 2025

ඉරානය අමෙරිකානු B-2 Spirit යානාවක් බිම හෙලූ බව දක්වන ඡායාරූප ව්‍යාජයි

ජූනි 24, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection