Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #fake

ෆේස්බුක් පරිශීලකයින්ට වට්ස්ඇප් ඔස්සේ එන අවවාදාත්මක පණිවිඩ ව්‍යාජයි

False
False

ෆේස්බුක් පරිශීලකයින් සඳහා අවවාද ලබා දෙමින් "ෆේස්බුක් නිවේදනය!" යන ශීර්ෂයෙන් යුතුව වට්ස්ඇප් පණිවිඩයක් ශීඝ්‍රයෙන් හුවමාරු වෙමින් තිබේ. මෙම නිවේදනය FactSeeker කරුණු පරීක්ෂක කණ්ඩායමේ සාමාජිකයින්ගේ දුරකතනවලට ද ලැබී තිබිණි. එමෙන්ම බොහෝ දෙනෙකු මෙය කරුණු පරීක්ෂා කර දෙන ලෙස කළ ඉල්ලීම නිසා FactSeeker ඒ පිළිබඳ සොයා බැලීය.

by Anonymous |

මැයි 19, 2025

එම නිවේදනය මෙසේ ය.

“ෆේස්බුක් නිවේදනය!

ඔබගේ ෆේස්බුක් ගිණුම සහ පිටුව අපගේ ප්‍රජා ප්‍රමිතීන් උල්ලංඝනය කරන බවට අපට වාර්තා කිහිපයක් ලැබී ඇත. කරුණාකර අපගේ නියමයන්, කොන්දේසි සහ ප්‍රතිපත්ති බැරෑරුම් ලෙස සලකන්න.

අපගේ පරිශීලකයින්ගේ ආරක්ෂාව සඳහා, ඔබගේ ගිණුම ඉදිරි පැය 24 සඳහා ස්වයංක්‍රීයව සහ ස්ථිරවම අගුළු දමනු ලැබේ.

ඉහත තොරතුරු වල කිසියම් දෝෂයක් තිබේ නම්, කරුණාකර අප හා සම්බන්ධ වන්න එවිට අපට එය සමාලෝචනය කර මෙම ගිණුම භාවිතා කිරීම දිගටම කරගෙන යා හැක.

අපගේ සහාය කණ්ඩායම අමතන්න: (සබැඳියක් දැක්වේ.)

දැනුම්දීම ලැබීමෙන් පැය 24ක් ඇතුළත ඔබ ඔබේ තොරතුරු සත්‍යාපනය කළ යුතුය. අපට ප්‍රතිචාරයක් නොලැබුනේ නම්, ඔබේ ගිණුම ස්ථිරවම අක්‍රිය කරනු ලැබේ. මෙම තීරණය අවසාන වන අතර එය වෙනස් කළ නොහැක. ඔබගේ සහයෝගය සහ අවබෝධය සඳහා ස්තූතියි.

ඔබගේ ගිණුම සත්‍යාපනය කිරීමට කරුණාකර මෙම ස්වයංක්‍රීය පණිවිඩය පිළිගන්න.

– ෆේස්බුක් සහාය කණ්ඩායම”

යනුවෙන් එම පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් විය.

මෙම පණිවිඩය ලැබී ඇති වට්ස්ඇප් අංක පිළිබඳ කළ නිරීක්ෂණයේදී ඒවා වියෙට්නාමයේ දුරකථන කේතය (Country Code) වන +84 සහිත අංක බව හදුනාගත හැකි විය. මෙහිදී ‘ෆේස්බුක් සහාය කණ්ඩායම’ ලෙස හඳුන්වාගත් අය විසින් යොමු කර තිබෙන සබැඳිය නිරීක්ෂණය කිරීමේදී, එය කෙටි සබැඳියක් (Short URL) ලෙස සකස් කර තිබීම නිසා අපි එය සත්‍ය සබැඳියක් ද යන්න කරුණු පරීක්ෂා කළෙමු. ව්‍යාජ සබැඳි සත්‍යාපනය කළ හැකි මෙවලම් වන URLVoid සහ Cifas වෙබ්අඩවි ඔස්සේ මෙම සබැඳිය පරීක්ෂාවේදී එය ව්‍යාජ සබැඳියක ලක්ෂණ සහිත බව තහවුරු කර ගැනීමට හැකි විය.

Meta සමාගම විසින් ෆේස්බුක් උදව් මධ්‍යස්ථානයෙහි (Help Center) සැකකටයුතු සබැඳි සම්බන්ධයෙන් පරිශීලකයින් කටයුතු කළ යුතු ආකාරය පෙන්වා දී තිබේ.

එම මාර්ගෝපදේශ සඳහා මෙතැනින් පිවිසෙන්න.

ඒ අනුව, ෆේස්බුක් සහාය කණ්ඩායම ලෙස හඳුන්වා ගනිමින් ප්‍රජා ප්‍රමිතීන්(Community Standards) උල්ලංඝනය කරන බව සඳහන් කරමින් යොමුවන වට්ස්ඇප් පණිවිඩය ව්‍යාජ පණිවුඩයක් වන බවත් මෙටා සහාය කණ්ඩායම ඇමතීමට ලබා දී ඇති සබැඳිය ව්‍යාජ සබැඳියක් බවත් FactSeeker තහවුරු කරයි. එමෙන්ම මෙවැනි වංචනික සබැඳි වෙත පිවිසීමෙන් වළකින ලෙස FactSeeker පරිශීලක ඔබගෙන් ඉල්ලා සිටී.

Latest updates

#false

ඉන්දීය හමුදාපතිවරයා ඉරාන නෞකාවක තොරතුරු ඊශ්‍රායලය සමඟ බෙදාගත් බවට පැතිර යන අසත්‍ය වීඩියෝව

මාර්තු 12, 2026

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

Related Content

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

කා.වි.දෙ. නිල වෙබ් අඩවියේ දෙරණ නාලිකාවේ විකාශන දර්ශන ඇතුළත් බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 9, 2025

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

අලුත් ආදායම් ක්‍රමයක් පිළිබඳ කුමාර් සංගක්කාර කරන ප්‍රවර්ධන වීඩියෝව AI නිර්මාණයක්.

ඔක්තෝබර් 23, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection