Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #fake

හෝමාගම බාල වයස්කාර දැරිය දූෂණයට සම්බන්ධ සිසුන් අත්අඩංගුවට ගත්තා ද?

False
False

හෝමාගම මූලස්ථාන පොලිසිය විසින් මීට දින කිහිපයකට නිකුත් කරන ලද නිවේදනයට අනුව, 15 හැවිරිදි බාලවයස්කාර පාසල් දැරියක සමූහ දූෂණයට ලක් කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් හත් දෙනෙකු අත්අඩංගුවට ගත් සිදුවීමක් පිළිබඳ පුවත් වාර්තා විය.

by Anonymous |

අප්‍රේල් 7, 2025

මෙම සැකකරුවන් අතර වින්දිතයාගේ පෙම්වතා යැයි කියන පාසල් සිසුවා සහ තවත් පාසල් සිසුන් හය දෙනෙකු ඇතුළත් වූ අතර ඒ පිළිබඳ සමාජ මාධ්‍ය තුළ විශාල කතාබහක් ඇති වූයේ සැකකරුවන් සියළු දෙනාම පාසල් සිසුන් වූ බැවිනි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් බොහෝ සමාජ මාධ්‍ය පරිශීලකයින් විවිධ අදහස් පළ කර තිබූ අතර ඒත් සමඟම අදාළ සැකකාර පාසල් සිසුන්ගේ ඡායාරූප  සහ එම දැරියගේ ඡායාරුපයක් යැයි දැක්වෙන ආකාරයේ ඡායාරූප සමඟ එම  පළ කිරීම් කර තිබෙන ආකාරය FactSeeker නිරීක්ෂණය කළේය.

නමුත් බැලූ බැල්මට එම ඡායාරූපයේ සිටින පුද්ගලයින් සියළු දෙනාගේ මුහුණු එක හා සමාන බව නිරීක්ෂණය කළ හැකි අතර එම පුද්ගලයින් සුදු පැහැති නිළ ඇදුමට කළු පැහැති බඳ පටි පැළද සිටී. ශ්‍රී ලංකාවේ රජයේ පාසල් නිල ඇඳුමට කළු පැහැති බඳ පටි නොපළඳින බැවින් මෙම ඡායාරූප අදාළ සැකකරුවන්ගේ සත්‍ය ඡායාරූප ද යන්න සැක මතු විය.

එසේම අනෙක් ඡායාරූපයේ ද සුදු පැහැති ගවුමකින් සැරසී සිටින දැරියක් වටා මිනිසුන් එක්‍ රැස්  වී සිටින ආකාරය නිරූපණය කරයි. එම ඡායාරූපයේ සිටින කිසිවෙකුත් ඇස් සබඳතා පවත්වාගෙනෙ නොසිටින ආකාරයෙන් එය සාමාන්‍ය මිනිස් හැසිරීම්වලට වඩා වෙනස් බව පැහැදිලි කරයි.

ඒ අනුව මෙම ඡායාරූප නිවැරදි සහ සත්‍ය ඡායාරූප ද යන්න වැඩිදුර සොයා බැලීමේදී ප්‍රධාන ධාරාවේ කිසිදු මාධ්‍යයක මෙම සිදුවීමට අදාළ සැකකරුවන්ගේ හෝ වින්දිත දැරියගේ ඡායාරූප කිසිවක් පළ කර නැති බව තහවුරු විය. මේ අනුව අදාළ ඡායාරූප AI මෙවලම් භාවිතයෙන් සකසන ලද ඒවා ද යන්න නිරීක්ෂණය කිරිම සඳහා Sightengine වෙබ් අඩවිය සහ තවත් මෙවලම් යොදාගනිමින් FactSeeker විසින් කරුණු නිරීක්ෂණය කළේය.

එහිදී ලැබූ ප්‍රතිඵල අනුව මෙම ඡායාරූප කෘත්‍රීම බුද්ධිය යොදාගනිමින් නිර්මාණය කරනලද ඒවා බවට 90%කට වඩා වැඩි ප්‍රතිශතයකින් තහවුරු කර ගැනීමට හැකි විය.

මෙම පළ කිරීම් සම්බන්ධයෙන් පරිශීලකයින්ගේ අදහස් දැක්වීම් (Comments) නිරීක්ෂණය කිරීමේදී ඇතැම් පුද්ගලයින් මෙම ඡායාරූප සිදුවීමට අදාළ සත්‍ය පුද්ගලයින්ගේ බව විශ්වාස කිරීමට පෙළඹී තිබෙන බව පැහැදිලි විය.

නමුත් FactSeeker තහවුරු කරන්නේ ඉහත ඡායාරූප කිසිවක් හෝමාගම පාසල් දැරිය දූෂණය හා සම්බන්ධ සත්‍ය ඡායාරූප නොවන බවත් ඒවා AI භාවිතයෙන් සකසන ලද ඒවා බවත් ය.

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

කා.වි.දෙ. නිල වෙබ් අඩවියේ දෙරණ නාලිකාවේ විකාශන දර්ශන ඇතුළත් බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 9, 2025

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

අලුත් ආදායම් ක්‍රමයක් පිළිබඳ කුමාර් සංගක්කාර කරන ප්‍රවර්ධන වීඩියෝව AI නිර්මාණයක්.

ඔක්තෝබර් 23, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection