Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #misleading

හුවමාරු වන වීඩියෝව ඇල්ල – වැල්ලවාය මාර්ගයේදී අනතුරට ලක්වූ බස් රථයේදී ගත් වීඩියෝවක් නෙවෙයි.

Misleading
Misleading

පසුගිය දිනක ඇල්ල - වැල්ලවාය මාර්ගයේ සිදුවූ බස්රථ අනතුර සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල මෙන්ම සමාජ මාධ්‍ය වේදිකාවලද බොහෝ පුවත් වාර්තාකර තිබුණි.

by Anonymous |

සැප්තැම්බර් 10, 2025

මේ අතර එම අනතුර සිදුවීමට සුළු මොහොතකට පෙර යැයි සදහන් කරමින් වීඩියෝ පටයක් දෙරණ හා හිරු රූපවාහිනී නාලිකාවන් හි පුවත් විකාශයන් අතරතුර සහ ඒවායේ සමාජ මාධ්‍ය පිටු හරහා උඩුගත කර තිබුණි.

https://www.facebook.com/share/v/16rEw8GNHw/

” ඇල්ල බස් රථ අනතුර සිදුවීමට මොහොතකට පෙර” යනුවෙන් මෙම වීඩියෝව පළ කර තිබුණි.මේ සම්බන්ධයෙන් ඇතැම් පිරිස් එය මීට පෙර අවස්ථාවකදී ගන්නා ලද වීඩියෝවක් බව සදහන් කර තිබීම නිසා FactSeeker මෙම වීඩියෝව කුමක් ද? යන්න පිළිබඳ සොයා බැලීය.

ප්‍රවෘත්ති විකාශයන් හරහා උඩුගත කර තිබූ මෙම වීඩියෝව TikTok සමාජ ජාලයෙන් උපුටාගෙන ඇති බව විමර්ෂණය කිරීමේදී පැහැදිලි විය. ඒ අනුව TikTok සමාජ ජාලය තුළ මෙම වීඩියෝවේ පළකිරීම් පිළිබදව සොයා ගැනීමට හැකිවිය.

https://vt.tiktok.com/ZSAEsdorQ/

“සිහිනමන්දාකිනී Unlimited tours” යන TikTok ගිණුම හරහා මෙම වීඩියෝව උඩුගත කර තිබෙන බව අපට හඳුනා ගැනීමට හැකි විය. එය අප්‍රේල් මස 01 වන දින පළකර ඇති බව ද නිරීක්ෂණ විය. මෙම වීඩියෝ දර්ශනයන් නිරීක්ෂණය කිරීමේදී එහි සිටින පුද්ගලයින්ගේ සහ රූපරාමු වල පැවති සමානකම් හේතුවෙන් එය 04.01 වනදා පලකරන ලද වීඩියෝවම බව හොදින් තහවුරු විය.

අනතුරට ලක් වූ බස් රථය ද “සිහින මන්දාකිනී” යන අන්වර්ත නාමයෙන් හදුන්වයි.

මේ අනුව ඇල්ල වැල්ලවාය මාර්ගයේ 23 කණුව අසලදී සිදුවූ අනතුරට සුළු මොහොතකට පෙර යනුවෙන් සදහන් කරමින් පළකරන ලද වීඩියෝව ඊට පෙර අවස්ථාවකදී ගන්නා ලද්දක් බව FactSeeker තහවුරු කරයි.

 

Latest updates

#fake

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

#misleading

ආපදාවට ලක්වූ දරුවෙකුගේයැයි දක්වමින් සංසරණය වන වීඩියෝව නිර්මාණාත්මක රංගනයක කොටසකි.

දෙසැම්බර් 18, 2025

#misleading

දැඩි සුළං හේතුවෙන් කඩා වැටී ඇත්තේ ලිබර්ටි ප්‍රතිමාවේ අනුරුවකි.

දෙසැම්බර් 17, 2025

#false

ලතා වල්පොල මියගොස් ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 16, 2025

Related Content

ආපදාවට ලක්වූ දරුවෙකුගේයැයි දක්වමින් සංසරණය වන වීඩියෝව නිර්මාණාත්මක රංගනයක කොටසකි.

දෙසැම්බර් 18, 2025

දැඩි සුළං හේතුවෙන් කඩා වැටී ඇත්තේ ලිබර්ටි ප්‍රතිමාවේ අනුරුවකි.

දෙසැම්බර් 17, 2025

ශ්‍රී පාදස්ථානය ආශ්‍රිත ප්‍රදේශයේ නායයෑමක් සිදුවී ඇති බවට පළවන වාර්තා සත්‍යයි.

දෙසැම්බර් 2, 2025

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූප නොවැ.21 රැළියේ දී ගත් ඒවා නොවේ.

නොවැම්බර් 24, 2025

පොලිස් සේවයෙන් විසිදහසක් විශ්‍රාම යන බව චාමර සම්පත් කළ ප්‍රකාශය සාවද්‍යයි.

නොවැම්බර් 24, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection