Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #misleading

හිරුණිකා රනිල් හා චන්ද්‍රිකා හමු වුණා ද?

Misleading
Misleading

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වන මේ වනවිට සමගි ජන බලවේගය නියෝජනය කරන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සම්බන්ධයෙන් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලවල විවිධ පෝස්ටු හුවමාරු වෙමින් පවතී.

by Anonymous |

මාර්තු 28, 2024

මෙම පෝස්ටු අතර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සිය සැමියා සමග ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී ඇති බවටත්  හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හමු වී ඇති බවටත් සඳහන් කරන ඡායාරූප සහිත පෝස්ට් මෙසේ හුවමාරු වන බව factseeker නිරීක්ෂණය කළේ ය.

මෙම ඡායාරූපවල සත්‍ය අසත්‍යතාව factseeker සොයා බැලීය.

මෙලෙස හුවාමාරු වන පෝස්ට් Google Reverse Image Search හරහා සොයා බැලුවිට මෙම ඡායාරූප 2019 මාර්තු 25 අරලියගහ මන්දිරියේදී පැවැති සාදයකදී ලබාගෙන ඇති බව තහවුරුවිය.

එම කාලසීමාවේදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ අතර රනිල් වික්‍රමසිංහ ඒ වන විට අග්‍රාමාත්‍ය ධුරය හෙබවීය.

එමෙන්ම චන්ද්‍රිකා බණ්ඩාරනායක සමග සිටින ඡායාරූපයද එම සාදයේදීම ගත් ඡායාරූපයක් බවට තහවුරු විය.

සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන මෙම පෝස්ට් සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍රගෙන් factseeker විමසු අතර එහිදී ඇය ද මෙම ඡායාරූප 2019 වර්ෂයේ සාදයකදී ගත් ඒවා බව තහවුරු කළාය. එමෙන්ම මෙම කාලසීමාව තුළදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සාදයකදී හෝ තමාට හවු නොවු බවද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

ඒ අනුව සමාජ මාධ්‍ය තුළ හුවවාරු වන මෙම ඡායාරූප මේ වසරේදී ගත් ඡායාරූප නොව 2019 වසරේදී ගත් ඡායාරූප බව factseeker තහවුරු කරයි.

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

ආපදාවට ලක්වූ දරුවෙකුගේයැයි දක්වමින් සංසරණය වන වීඩියෝව නිර්මාණාත්මක රංගනයක කොටසකි.

දෙසැම්බර් 18, 2025

දැඩි සුළං හේතුවෙන් කඩා වැටී ඇත්තේ ලිබර්ටි ප්‍රතිමාවේ අනුරුවකි.

දෙසැම්බර් 17, 2025

ශ්‍රී පාදස්ථානය ආශ්‍රිත ප්‍රදේශයේ නායයෑමක් සිදුවී ඇති බවට පළවන වාර්තා සත්‍යයි.

දෙසැම්බර් 2, 2025

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූප නොවැ.21 රැළියේ දී ගත් ඒවා නොවේ.

නොවැම්බර් 24, 2025

පොලිස් සේවයෙන් විසිදහසක් විශ්‍රාම යන බව චාමර සම්පත් කළ ප්‍රකාශය සාවද්‍යයි.

නොවැම්බර් 24, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection