Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #misleading

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස අතර හමුවක්?

Misleading
Misleading

ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් සාකච්ඡාවක් පැවැත්වීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස අතර හමුවක් ලෙස දැක්වෙන ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය හරහා වේගයෙන් සංසරණය වෙයි.

by Anonymous |

සැප්තැම්බර් 27, 2024

මෙය හිටපු අමාත්‍ය නවීන් දිසානායක විසින් සිය ෆේස්බුක් ගිණුමේ පළ කර ඇති බව දක්වමින් පෝස්ටු කිහිපයක් සංසරණය වන බව FactSeeker නිරීක්ෂණය කළේ ය.

ජනාධිපතිවරණය පරාජය වීමත් සමග රනිල් වික්‍රමසිංහ පාර්ශවය හා සජිත් ප්‍රේමදාස පාර්ශවය සන්ධාන ගත වී ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කළ යුතු යෝජනා ඉදිරිපත් වී තිබෙන අවස්ථාවක මෙවැනි ඡායාරූපයක් ප්‍රචාරය වීම බොහෝ දෙනාගේ කතා බහට ලක් වී තිබිණි.

ඒ අනුව FactSeeker ඒ පිළිබඳ කළ කරුණු පරීක්ෂාවේදී  අනාවරණය වූයේ, මෙය 2019 සැප්තැම්බර් මස 26 දා  නවීන් දිසානායකගේ ෆේස්බුක් ගිණුම හරහා පළ කර තිබූ පෝස්ටුවක් බවයි.

එම සබැඳිය මෙතැනින් –

https://www.facebook.com/share/Pg6h8rKz68X1WEEg/?mibextid=xfxF2i

මේ පිළිබඳව වැඩිදුර නිරීක්ෂණය කිරීමේදී රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් 2019 සැප්තැම්බර් මස පක්ෂ ජ්‍යේෂ්ඨයින්ගේ හමුවක දී ගනු ලැබූ ඡායාරූපයක් බව හඳුනා ගැනීමට හැකි විය.

එය 2020 ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක තේරීම ආසන්නයේ දිනයක වූ සාකච්ඡාවක් දී ගත් ඡායාරූපයක් බවද වැඩිදුරටත් අනාවරණය විය.

“සජිත් ප්‍රේමදාස කෘත්‍යාධිකාරි හමුවීමට පෙර අරලියගහ මන්දිරයට” යනුවෙන් හිරු වෙබ් අඩවියේ පළ තිබුණේ මේ අයුරින් –  https://shorturl.at/zoyAq

ඒ නුව මෙය 2019 වසරේ අමාත්‍ය නවීන් දිසානායකගේ නිල ෆේස්බුක් පිටුවෙන් මුදා හැරුණු පෝස්ටුවක් වන අතර ජනතාව නොමඟ යැවීමට නැවත හුවමාරු  කිරීමක් බවත් FactSeeker තහවුරු කරයි.

Latest updates

#false

ඊඩ්ල්වයිස් ගුවන්සේවය පසුගියදා මෙරටට පැමිණියේ ඉතිහාසයේ ප්‍රථමවරට නොවෙයි.

නොවැම්බර් 1, 2025

#false

තායි රාජා සහ කණ්ඩුල ඇතුන් තායිලන්තයට රැගෙන යාමේ සූදානමක් නැහැ

ඔක්තෝබර් 29, 2025

#misleading

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා සහ කාන්තාව යන වාර්තා පිළිබද පැහැදිලි කිරීමක්

ඔක්තෝබර් 28, 2025

#fake

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

Related Content

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා සහ කාන්තාව යන වාර්තා පිළිබද පැහැදිලි කිරීමක්

ඔක්තෝබර් 28, 2025

“වර්නොලැක් ” යනු ඖෂධයක් නොව පෝෂණ අතිරේකයකි.

ඔක්තෝබර් 13, 2025

හුවමාරු වන වීඩියෝව ඇල්ල – වැල්ලවාය මාර්ගයේදී අනතුරට ලක්වූ බස් රථයේදී ගත් වීඩියෝවක් නෙවෙයි.

සැප්තැම්බර් 10, 2025

පළමු මාස හයට සංචාරක ඉපැයීම් ඩොලර් බිලියන 1.7 ක් පමණයි

අගෝස්තු 6, 2025

සංසරණය වන තල්මසුන්ගේ වීඩියෝව රුසියානු භූකම්පනයේදී වූවක් නොවේ

අගෝස්තු 1, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection