Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #misleading

සුනිල් හදුන්නෙත්ති එහෙම කිව්වා ද?

නිදහස් දිනයට සමගාමීව සිදුකරන පැරෂුට් පුහුණුවීමේදී පැරෂුට් භටයින් සිවුදෙනෙකු ඇද වැටීම සම්බන්ධයෙන් ජාතික ජනබලවේගයේ සාමාජික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා සිදුකළ බව කියන ප්‍රකාශයක් සහිත පොස්ටුවක් සමාජ මාධ්‍ය ජාලවල හුවමාරු වෙමින් පවතී.

by Anonymous |

පෙබරවාරි 2, 2024

“අද පැරෂුට් පුහුණුවේදී අනතුරට ලක්වුණේ යුද්දෙන් පස්සේ හමුදාවට බැදුනු අයයි. සැබෑ රණවිරුවෝ දැන් විශ්‍රාමිකයි. ඔවුන් දැන් ඉන්නේ මාළිමා වේදිකාවේ” යනුවෙන් සදහන් කරමින් සුනිල් හදුන්නෙත්ති මහතාගේ ඡායාරූපය ද සමගින් මෙම පෝස්ටුව හුවමාරු වෙමින් පවතී.

මෙම පෝස්ටුව සදහා බොහෝ දෙනා විවිධ අදහස් දක්වමින් හුවමාරු කරගන්නා බැවින් මේ පිළිබඳව Factseeker සොයා බැලීය.

මෙම පොස්ටුවේ සඳහන් වන්නේ මෙය Newshub.lk වෙඩ් අවඩිය විසින් පළ කළ බවකි. මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ වෙබ් පිටු සහ සමාජ මාධ්‍ය පිටු නිරීක්ෂණය කළද එවැන්නක් හමු නොවු අතර සුනිල් හදුන්නෙත්ති මහතාගේ සමාජ මාධ්‍ය පිටුවල ද එවැන්නක් සඳහන් නොවන බව  Factseeker නිරීක්ෂණය කළේ ය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා මෙවැනි අදහසක් ප්‍රකාශ කළේදැයි  ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය අශයෙන් විමසීමේදී ඔහු එවැන්නක් ප්‍රකාශ නොකළ බව හදුන්නෙත්ති මහතාගෙන් තහවුරු කරගනිමින් දැන්වීය.

එමෙන්ම Newshub.lk  වෙබ් අඩවියේ කණ්ඩායමෙන් මේ සම්බන්ධයෙන් විමසීමේදී ඔවුන්ද පැවසුයේ මෙවැනි පුවතක් ඔවුන් පළ නොකළ බවයි.

ඒ අනුව සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන මෙම පොස්ටුව ව්‍යාජ ලෙස සැකසු එකක් බව Factseeker තහවුරු කරයි.

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

ආපදාවට ලක්වූ දරුවෙකුගේයැයි දක්වමින් සංසරණය වන වීඩියෝව නිර්මාණාත්මක රංගනයක කොටසකි.

දෙසැම්බර් 18, 2025

දැඩි සුළං හේතුවෙන් කඩා වැටී ඇත්තේ ලිබර්ටි ප්‍රතිමාවේ අනුරුවකි.

දෙසැම්බර් 17, 2025

ශ්‍රී පාදස්ථානය ආශ්‍රිත ප්‍රදේශයේ නායයෑමක් සිදුවී ඇති බවට පළවන වාර්තා සත්‍යයි.

දෙසැම්බර් 2, 2025

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූප නොවැ.21 රැළියේ දී ගත් ඒවා නොවේ.

නොවැම්බර් 24, 2025

පොලිස් සේවයෙන් විසිදහසක් විශ්‍රාම යන බව චාමර සම්පත් කළ ප්‍රකාශය සාවද්‍යයි.

නොවැම්බර් 24, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection