Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #misleading

සුනිල් හදුන්නෙත්ති උපුටා දක්වන්නේ ජාතික ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්තියද?

Misleading
Misleading

මැතිවරණ කාලවලදී දේශපලනඥයින්ගේ අදහස් විකෘති කර ප්‍රවෘත්ති පළ කිරීම නිරන්තරයෙන් සිදු වන කාරණයක්. ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පවතින සූදානමත් සමග ඒ තත්ත්වය එන්න එන්නම වැඩි වෙමින් පවතී.

by Anonymous |

ජූනි 21, 2024

මේ අතර  අද (20) ‘දිනමිණ පුවත්පතේ මුල් පිටුවේ ජාතික ජන බලවේයේ ජාතික විධායක සභික සුනිල් හදුන්නෙත්ති කළ ප්‍රකාශයක් පිළිබදව පළ වූ ප්‍රවෘත්තියක් Fact seeker නිරීක්ෂණය කළේ ය.

‘දිනමිණ පුවත්පතේ මුල් පිටුවේ පළ වූ ප්‍රවෘත්තියට අනුව “ආර්ථික අර්බුදයට තියෙන්නේ විසදුම් තුනයි.රාජ්‍ය ආයතන විකුණන්න, සල්ලි අච්චු ගහන්න.පෞද්ගලික තැන්පතු ගන්න” යනුවෙනි.

මෙය සුනිල් හදුන්නෙත්ති කළ ප්‍රකාශයක් ද? යන්න පිළිබදව Fact seeker සොයා බැලීය.

එහිදී ‘දිනමිණ පුවත්පතේ 06 වෙනි පිටුවේ තිබූ එම ප්‍රවෘත්තියේ වැඩි විස්තරවල තිබුණේ, අපිට අනිවාර්යයෙන් සිද්ධ වෙන දේ තමයි, මේ තියෙන රාජ්‍ය ව්‍යාපාර ආයතන දැන් ඔය වෙන්දේසි කරලා වගේ විකුණන්න දාලා තියෙන ඒවා විකුණන්න දාන්න. ඒක එක උත්තරයක්. නැත්නම් සල්ලි අච්චු ගහන්න වෙනවා. ඒ තව උත්තරයක්.බැංකුවල තියෙන තැන්පත්කරුවන්ගේ සල්ලි, ඒවා ගන්න වෙනවා ආණ්ඩුවට වියදම් කරන්න. ඔය උත්තර තුන තමයි මම ඉගෙන ගත්ත දේ” යනුවෙනි.

‘දිනමිණ පුවත්පත මෙය වාර්තා කර තිබුණේ, ජාතික රූපවාහිනියේ විකාශය වූ ප්‍රවෘත්තියක් උපුටා දක්වමින් බව සදහන් කර තිබිණි.

පසුගිය 18 වෙනිදා ජාතික රූපවාහිනී ප්‍රවෘත්ති විකාශයේ එය විකාශය වූයේ මෙලෙසිනි. https://www.youtube.com/live/nJkYeW21K2I?si=K-a8GswfCvLtfG0v

අපි මේ සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ මාධ්‍ය ඒකකයෙන් කළ විමසීමකදී ඔවුන් ප්‍රකාශ කළේ සුනිල් හදුන්නෙත්ති කළ ප්‍රකාශයක් විකෘති කර හුවමාරු වූ වීඩියෝවක් ‘දිනමිණ  පුවත්පතේ පළ කර ඇති බව යි. එසේම මෙය පසුගිය වසරේ නෙත්  FM ගුවන් විදුලි නාලිකාව සමග කළ සම්මුඛ සාකච්ඡාවකින් උපුටා ගන්නා ලද කොටසක් විකෘති කර බව ද මාධ්‍ය ඒකකය අනාවරණය ක‌ළේ ය.

මේ අතර තමාගේ ප්‍රකාශයක කොටසක් උපුටා දක්වමින් නොමග යවන ලෙස පළ කර ඇතැයි සුනිල් හදුන්නෙත්ති විසින් සිය මුහුණු පොතේ හුවමාරු කර ගත් වීඩියෝවක් ද අපිට සොයා ගැනීමට හැකි විය. https://www.facebook.com/share/v/kvcKCL2eL9Ccwb2R/

ඒ අනුව අපි අන්තර්ජාලය ඔස්සේ නෙත්  FM යූ ටියුබ් නාලිකාවට ගොස් සෙවීමේදී මෙය 2023 වසරේ දෙසැම්බර් 21 වෙනි දින සුනිල් හදුන්නෙත්ති සහභාගි වූ නෙත්  FM  Unlimited දේශපාලන සංවාදයෙන් උපුටා ගන්නා ලද බව අනාවරණය විය.

එම දේශපාලන සංවාදය https://youtu.be/9LVu4n2B3-0?si=HpkC1dS2kUTgAjiz

අදාළ සම්මුඛ සාකච්ඡාව පැවැත්වූ දින වකවානුව වන විට රජය විසින් වැට් බදු ප්‍රතිශතය ඉහළ නැංවීමට සූදනම් වෙමින් පැවැතිණි. මෙවන් ආර්ථික අර්බුද පවතින අවස්ථාවක වැට් බදු ප්‍රතිශතය ඉහළ නැංවීම හැර රජයට වෙනත් විකල්ප පවතින්නේ ද? යන්න පිළිබදව නිවේදක විසින් එහිදී ප්‍රශ්නයක් මතු කළේ ය.

මෙහිදී සුනිල්හු හදුන්නෙත්ති විසින් පෙන්වා දෙන්නේ, රජයට පවතින විසදුම නම්,වියදම් කළමණාකරණය කිරීම බවයි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වන සුනිල් හදුන්නෙත්ති මෙසේ ද පවසයි.

“රටේ ආදායම රුපියල් බිලියන 4164 ක් වන විට වියදම රුපියල් බිලියන 11000 ක් වෙනවා. ලබන වසර වන විට (2024) world Bank එක IMF එක ආසියානු සංවර්ධන බැංකුව ඔක්කොම ණය වශයෙන් අපිට ඩොලර් බිලියන 1.5 ක ණය ගෙවන්න වෙනවා. මේවා ගෙවා ගන්න බැරි වුණොත් අපිට අනිවාර්යයෙන් සිද්ධ වෙන දේ තමයි, ඔය තියෙන රාජ්‍ය ව්‍යාපාර ආයතන වෙන්දේසි කරලා වගේ විකුණන්න දාලා තියෙන ඒවා විකුණන්න දාන්න. ඒක එක උත්තරයක්. නැත්නම් සල්ලි අච්චු ගහන්න වෙනවා. ඒ තව උත්තරයක්.බැංකුවල තියෙන තැන්පත්කරුවන්ගේ සල්ලි, ඒවා ගන්න වෙනවා ආණ්ඩුවට වියදම් කරන්න. ඔය උත්තර තුන තමයි මම ඉගෙන ගත්ත දේ” යනුවෙනි

ඒ අනුුව දිණමිණ පුවත්පත හා ජාතික රූපවාහිනිය වාර්තා කර තිබුණේ සුනිල් හදුන්නෙත්ති 2023 වසරේ දෙසැම්බර් 21 වෙනි දින නෙත්  FM  Unlimited දේශපාලන සංවාදයේදී  පළ කළ අදහස්වලින් කොටසක් පමණක් උපුටා දක්වමින් නොමග යවන ලෙස පළ කර ඇති බව  Fact seeker තහවුරු කරයි.

 

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

ආපදාවට ලක්වූ දරුවෙකුගේයැයි දක්වමින් සංසරණය වන වීඩියෝව නිර්මාණාත්මක රංගනයක කොටසකි.

දෙසැම්බර් 18, 2025

දැඩි සුළං හේතුවෙන් කඩා වැටී ඇත්තේ ලිබර්ටි ප්‍රතිමාවේ අනුරුවකි.

දෙසැම්බර් 17, 2025

ශ්‍රී පාදස්ථානය ආශ්‍රිත ප්‍රදේශයේ නායයෑමක් සිදුවී ඇති බවට පළවන වාර්තා සත්‍යයි.

දෙසැම්බර් 2, 2025

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූප නොවැ.21 රැළියේ දී ගත් ඒවා නොවේ.

නොවැම්බර් 24, 2025

පොලිස් සේවයෙන් විසිදහසක් විශ්‍රාම යන බව චාමර සම්පත් කළ ප්‍රකාශය සාවද්‍යයි.

නොවැම්බර් 24, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection