Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #misleading

සිනොපෙක් ශ්‍රී ලංකාවට ආවේ මාලිමා ආණ්ඩුවෙන් ද?

False
False

ජාත්‍යන්තර ඛනිජ තෙල් සමාගමක් වන සිනොපෙක් ආයතනය ශ්‍රී ලංකාව සමග ගිවිසුම්ගත වූයේ ජාතික ජන බලවේගය බලයට පත්වූ පසුව බවට පාර්ලිමේන්තු මන්ත්‍රිනී ලක්මාලී හේමචන්ද්‍ර විසින් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් FactSeeker අවධානය යොමුවිය.

by Anonymous |

ජූලි 22, 2025

ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර ඛනිජ තෙල් සමාගමක් වන සිනොපෙක් ආයතනය , ශ්‍රී ලංකාව සමග ගිවිසුම්ගත වූයේ වත්මන් ජාතික ජන බලවේග රජය සමග බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රිනී ලක්මාලි හේමචන්ද්‍ර විසින් පසුගියදා දෙරණ නාලිකාවේ වාද පිටිය දේශපාලන වැඩසටහනට සහභාගී වෙමින් ප්‍රකාශ කළා ය.

එම වැඩසටහන සදහා සහභාගී වූ අනෙකුත් දේශපාලන පක්ෂ නියෝජිතයින් ඇගේ ප්‍රකාශය සාවද්‍ය බව තරයේ ප්‍රකාශ කළේ ය. එය මෙතැනින් – https://www.youtube.com/live/rHSWSAGgBdo?si=T7h43v-jrhdfv5Sy&t=5704

මේ අතරතුර ලක්මාලි හේමචන්ද්‍රගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් සමාජ මාධය හරහා විවිධ අදහස් හුවමාරු වී තිබුණි. මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් විවිධ අදහස් මතු වීම නිසා අපි ඒ පිළිබඳ කරුණු පරීක්ෂා කළෙමු.

චීනයේ ජනාධිපති ෂී ජින් පිං කළ ආරාධනයකට අනුව 2025.01.14 දින ජනාධිපති අනුර කුමාර දිසානායක සිව් දින සංචායරක් සඳහා චීනයට ගියේය. එහිදී දෙරට අතර ගිවිසුම් 15 කට අත්සන් තැබීය.

මෙහිදී සිනොපෙක් ආයතනය සමග ඒකාබද්ධ ලියවිල්ලකට ද අත්සන් තබා තිබුණි. මෙය ඇමරිකානු ඩොලර් බිලියන 3.7 ක ඍජු විදේශ ආයෝජනයක් යටතේ ඉදිකෙරෙන තෙල් පිරිපහදුවකි. හම්බන්තොට ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත මෙම පිරිපහදුව තුළ තෙල් බැරල් ලක්ෂ 02ක ධාරිතාවකින් යුක්ත අතර ඉන් අතිවිශාල ප්‍රමාණයක් අපනයනය කිරීමට සැලසුම් කර ඇත.

https://www.youtube.com/live/e2RZOmHdWFs?si=fkuYBgn7ypjHIa1W&t=263

මේ පිළිබදව එම නිල සංචාරයෙන් පසුව 2025.01.22 දින පැවැත්වූ මාධ්‍ය හමුවේදී අමාත්‍ය විජිත හේරත් මේ පිළිබදව පැහැදිලි කර තිබිණි.

” හම්බන්තොට ඉන්ධන පිරිපහදුවක් ඉදිකිරීම සඳහා වෙච්ච එකඟතා ලියවිල්ලට අපි අත්සන් කරනු ලැබුවා. ඇත්තටම ඒ ව්‍යාපෘතිය ලංකාවට විශාල විදේශ විනිමයක් ලබාදෙන ව්‍යාපෘතියක්. විදේශ ආයෝජනයක්. ඉතින් ඒක මේ මෑත කාලයේ අපිට ලැබෙන විශාලතම මූල්‍ය වටිනාකමක් තියෙන ආයෝජනයක්. ඩොලර් බිලියන 3.7 ක වටිනාකමකින් යුක්ත මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න එය කඩිනම් කිරීම සඳහා වෙච්ච එකඟතා ලියවිල්ලට අපි අත්සන් කරනු ලැබුවා.දැනට මේ පිරිපහදුව ඉදිකිරීමේ කටයුතු පිළිබඳව අවබෝධතා ගිවිසුම් අත්සන් කරලා තියෙනවා. නමුත් එය කඩිනම් කරල ක්‍රියාවට නැගීම සඳහා වෙච්ච එකඟතා ලියවිල්ලකට මේ ගමනෙදි අත්සන් කරා.”

https://www.youtube.com/live/qxlyk1z49es?si=LyrqB4gI6VhJ-5FG&t=1043

මෙයින් පැහැදිලි වන්නේ මෙය අලුතින් අත්සන් තැබීමක් නොවන බවයි. එසේම එහිදී මෙම ව්‍යාපෘතිය සදහා අවශ්‍ය කරන ඉඩම් , ජලය සහ බදු පිළිබදව මසක් ඇතුළත තීරණය කිරීම සදහා මෙහිදී බලාපොරොත්තු වන බවද දක්වා තිබිණි.

එමෙන්ම මේ සම්බන්ධව පළකළ මාධ්‍ය වාර්තාවන්හි දක්වා ඇති කරුණු අනුව ඒ වන විටත් සිනොපෙක් හි අනුබද්ධිත සමාගමක් වන සිනොපෙක් එනර්ජි ලංකා ප්‍රයිවට් ලිමිටඩ් ක්‍රියාත්මක වෙමින් තිබිණ.

https://lankaleader.com/lankaleader/page/10?post_id=12782
https://www.news19.lk/what-is-sinopec-doing/

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අමාත්‍ය විජිත හේරත් දෙරණ නාලිකාවේ 360 වැඩසටහනේදී යොමු කළ ප්‍රශ්නයකදී සිනොපෙක් සමාගම සම්බන්ධයෙන් දැක් වූයේ වෙනත් අදහසකි. එතෙක් පැවැති කිසිම ආණ්ඩුවකට සිනොපෙක් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බවත් නව ආණ්ඩුව පැමිණි වහාම එය ක්‍රියාත්මක කල බව ත් ඔහු පවසන්නේ ය.

www.facebook.com/sinhala.adaderana.lk/videos/967188495307558/?rdid=b94B7klpT5W6iE79#

ඒ අනුව මීට පෙරදී සිනොපෙක් සමාගම සමග ශ්‍රී ලංකා රජය එළැඹ ඇති ගිවිසුම් පිළිබදව FactSeeker සොයා බැලීය.

සිනොපෙක් සමාගම සම්බන්ධයෙන් වන ගිවිසුම සදහා කැබිනට් අනුමැතිය හිමිව ඇත්තේ 2023 මාර්තු මාසයේදීය. ඉන්පසු 2023.05.22 වන දින එවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ගිවිසුම අත්සන් කර ඇත. සිනොපෙක් සමාගමේ ඉන්ධන නිෂ්පාදන හා අලෙවි දෙපාර්තමේන්තුවේ කළමනාකරණ අධ්‍යක්ෂකවරයා සහ එවක විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශයේ ලේකම් එම්.පී.ඩී.යූ.කේ. මාපාපතිරණ මෙම ගිවිසුම සදහා අත්සන් තබා ඇත. රට තුළ ඛණිජ තෙල් නිෂ්පාදන ගබඩා කිරීම , බෙදා හැරීම සහ විකිණීමට අවස්ථාව ලබා දෙමින් වසර 20 ක් සදහා මෙහිදී ගිවිසුම් ගතවී ඇත. එමෙන්ම ඒ වන විට රට තුළ පැවති ඉන්ධන පිරවුම්හල් 150ක් සිනොපෙක් නාමය යටතේ ස්ථාපිත කිරීමටත් එයට අමතරව නව පිරවුම්හල් 50 ක් ස්ථාපිත කිරීමටත් එකඟත්වය පළ කර ඇත. බලපත්‍ර නිකුත් කිරීමෙන් දින 45ක් ඇතුළත සිනොපෙක් සමාගම සහ ඊට අනුබද්ධිත ආයතන මෙරට සිය ව්‍යාපෘතිය ආරම්භ කිරීමට එකගතාව පළකර ඇත.

https://www.youtube.com/live/NM_eTLhOeV8?si=BhVhhaaEvLa7fDnT&t=200

මේ පිළිබදව තවදුරටත් කරුණු සොයා බැලීමේදී සිනොපෙක් එනර්ජි ලංකා ප්‍රයිවට් ලිමිටඩ් සමාගමේ නිල වෙබ් අඩවිය නිරික්ෂණය කර බැලීය. එහි දැක්වෙන ආකාරයට සිනොපෙක් සමාගම සහ ශ්‍රී ලංකාව අතර ඉතිහාසය මෙසේය.

2019 වසරේ මාර්තු මාසයේදී සිනොපෙක් සමාගමට HIPG Hambantota Interntional Port Group ) විසින් මුල් වරට තෙල් වෙළදාම් කටයුතු සහ ඔවුන්ගේ ඉන්ධන ටැංකි පර්යන්තය ක්‍රියාත්මක කිරීම සහ නඩත්තු කිරීම සදහා ටෙන්ඩරයක් ප්‍රදානය කර තිබේ. ඒ වෙනුවෙන් Sinopec Fuel Oil Lanka Private Limited (SFOL) යන සමාගම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි සමාගමක් ලෙස ආරම්භ කර ඇත. එහිදී ඝන මීටර් 74 000 කින් යුතු ටැංකි පර්යන්තයක් බදු දී ඇත. මෙයට අමතරව සිනොපෙක් එනර්ජි ලංකා සමාගම 2023 වසරේ ජුනි මාසයේදී සමාගමක් වශයෙන් ලියාපදිංචි වී එම වසරේ ජූලි මාසයේදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි වී ඇත.

නිල වෙබ් අඩවිය –
http://fuel.sinopec.com/fuel/en/lanka/

ශ්‍රී ලංකාව සහ සිනොපෙක් සමාගම සමග ගිවිසුම් ගතවීම 2023 වසරේදී සිදු වී ඇති බව මෙයින් පැහැදිළි වෙයි. එමෙන්ම සිනොපෙක් සමාගමේ අනුබද්ධිත ආයතනයක් වන සිනොපෙක් එනර්ජි ලංකා ප්‍රයිවට් ලිමිටඩ් 2019 වසරේ සිට මෙරට ක්‍රියාත්මක වී ඇත.

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා චීන නිල සංචාරයේදී ඒකාබද්ධ ලියවිල්ලකට අත්සන් තබා ඇත්තේ පැවැති ගිවිසුම ඉදිරියට පවත්වා ගෙන යාම සඳහා වන අතර ඒ අනුව ලක්මාලී හේමචන්ද්‍ර ගේ ප්‍රකාශය සාවද්‍ය බව FactSeeker තහවුරු කරයි.

Latest updates

#misleding

හුවමාරු වන වීඩියෝව මාවතගම කුඹුරක දමා ගිය බිළිඳාගේ නොවෙයි

ජූලි 23, 2025

#AI

මුඛයේ ඇස් ඇති ගෙම්බා ගැන ඇත්ත කතාව

ජූලි 17, 2025

#misleading

සීතාවක ප්‍රාදේශීය සභාව සදහා නව සභාපතිවරයකු පත් කර ගත්තා ද?

ජූලි 17, 2025

#PARTIALLYFACTUAL

ආණ්ඩුවේ ඇප නැතුව ණය දෙන බව කී කතාවේ ඇත්ත නැත්ත

ජූලි 14, 2025

Related Content

සීතාවක ප්‍රාදේශීය සභාව සදහා නව සභාපතිවරයකු පත් කර ගත්තා ද?

ජූලි 17, 2025

මිද්දෙණියේ දරුවා මිය ගියේ රඹුටන් ඇටයක් උගුරේ සිරවීමෙන් නොවේ

ජූලි 9, 2025

ටිල්වින් සිල්වා ආණ්ඩුව විවේචනය කරන වීඩියෝවක් ද?

ජූලි 4, 2025

ඉරානයේ ගුවන් ප්‍රහාර ලෙස නොමග යවන වීඩියෝ හුවමාරු වෙයි

ජූනි 16, 2025

හුවමාරු වන වීඩියෝව අනතුරට ලක් වූ ගුවන් යානයේ සිටි මගියෙකු ගත් දර්ශන නෙවෙයි.

ජූනි 13, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection