Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #misleading

සිංහලයා පැරදවීමට සජිත්ට ඡන්දය දෙන්නැයි සුමන්තිරන් කිව්වාද?

Misleading
Misleading

“සිංහලයා පැරදවිය හැක්කේ සජිත්ට ඡන්දය දුන්නොත් විතරයි” - සුමන්තිරන් උතුරේ ජනතාවට කියයි සහ “Sinhalese can be defeated only by voting for Sajith” – Sumanthitan යනුවෙන් සිංහල සහ ඉංග්‍රිසි පුවත්පත්වල සඳහන් වු පුවතක් ඇසුරෙන් සකස් කළ පෝස්ට් කිහිපයක් සමාජ මාධ්‍ය තුළ වේගයෙන් හුවමාරු වෙමින් පවතී.

by Anonymous |

සැප්තැම්බර් 9, 2024

මෙවර ජනාධිපතිවරණයේදී ඉළංගෛ තමිළ් අරසුකච්චි පක්ෂය සජිත් ප්‍රේමදාසට සහය පළ කරන බව යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේය.

ඒ සමඟම මෙවැනි පෝස්ට් හුවමාරු වු බැවින් මේ පිළිබඳ සොයා බැලීමට factseeker කටයුතු කළේය.

හුවමාරු වන පොස්ට් මව්බිම සහ CEYLON TODY  පුවත්පත්වල පළවු වාර්තාවක් ලෙස සඳහන් වන බැවින් මේ පිළිබඳ පුවතක් අදාළ පුවත්පත්වල පළවී ඇත්දැයි සොයා බැලුවෙමු.

සුමන්තිරන් මන්ත්‍රීවරයා මේ බව පසුගිය 02 දා මාධ්‍ය හමුවක් පවත්වා සඳහන් කළ අතර  ඒ අනුව 03 දා පුවත්පත්වල මෙය වාර්තාවී ඇති අකාරය factseeker නිරීක්ෂණය කළ අතර ඒවායෙහි මෙවැනි වාර්තාවක් හමු නොවුණි. මව්බිම සහ CEYLON TODY  පුවත්පතවල ද මෙවැනි වාර්තාවක් පළ කර නොතිබිණි.

මෙසේ හුවමාරු වන පෝස්ට්  සම්බන්ධයෙන් factseeker සුමන්තිරන් මන්ත්‍රීවරයාගෙන් විමසීමක් කළෙමු. එහිදී ඔහු පැවසුවේ, 2019 පැවති ජනාධිපතිවරණයට අදාළව පුවත්පත් දෙකක් පළකර තිබු වාර්තාවක් මෙලෙස හුවමාරු වන බවයි. 2019 දී එය සත්‍ය විකෘති කර වාර්තා කර ඇති බවත් තමා කිසිවිටික එවැන්නක් ප්‍රකාශ නොකළ බවද හෙතෙම පැවසීය.

2019 දී පැවති ජනාධිපතිවරණයට අදාළව 2019 නොවැම්බර් 11 දා මඩකලපුවේදී දෙමළ භාෂාවෙන් කළ ප්‍රකාශයක් විකෘති කර මව්බිම සහ CEYLON TODY පුවත්පත් පළ කර තිබූ බවද ඒ වෙනුවෙන් අධිකරණය ක්‍රියාමාර්ග ගෙන තිබෙන බව ද සඳහන් කළේ ය. එය මේ වන විට විභාග වෙමින් පවතින බවද ඔහු ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් තවදුරටත් factseeker සොයා බැලීමේදී අදාළ පුවත් 2019 නොවැම්බර් 13 දා මව්බිම සහ CEYLON TODY පුවත්පත්වල පළ කළ ප්‍රවෘත්ති සොයා ගැනීමට හැකිවිය. එමෙන්ම සුමන්තිරන් මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වෙනුවෙන් යොමු කරන ලද ලිපි ද සොයාගැනීමට හැකිවිය.

 

ඒ අනුව “සිංහලයා පැරදවිය හැක්කේ සජිත්ට ඡන්දය දුන්නොත් විතරයි” –  සුමන්තිරන් උතුරේ ජනතාවට කියයි. “Sinhalese can be defeated only by voting for Sajith” – Sumanthitan යනුවෙන් වට්සැප් සහ සමාජ මාධ්‍යවල හුවමාරුවන ප්‍රකාශ අසත්‍ය බව factseeker තහවුරු කරයි.

Latest updates

#false

ඊඩ්ල්වයිස් ගුවන්සේවය පසුගියදා මෙරටට පැමිණියේ ඉතිහාසයේ ප්‍රථමවරට නොවෙයි.

නොවැම්බර් 1, 2025

#false

තායි රාජා සහ කණ්ඩුල ඇතුන් තායිලන්තයට රැගෙන යාමේ සූදානමක් නැහැ

ඔක්තෝබර් 29, 2025

#misleading

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා සහ කාන්තාව යන වාර්තා පිළිබද පැහැදිලි කිරීමක්

ඔක්තෝබර් 28, 2025

#fake

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

Related Content

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා සහ කාන්තාව යන වාර්තා පිළිබද පැහැදිලි කිරීමක්

ඔක්තෝබර් 28, 2025

“වර්නොලැක් ” යනු ඖෂධයක් නොව පෝෂණ අතිරේකයකි.

ඔක්තෝබර් 13, 2025

හුවමාරු වන වීඩියෝව ඇල්ල – වැල්ලවාය මාර්ගයේදී අනතුරට ලක්වූ බස් රථයේදී ගත් වීඩියෝවක් නෙවෙයි.

සැප්තැම්බර් 10, 2025

පළමු මාස හයට සංචාරක ඉපැයීම් ඩොලර් බිලියන 1.7 ක් පමණයි

අගෝස්තු 6, 2025

සංසරණය වන තල්මසුන්ගේ වීඩියෝව රුසියානු භූකම්පනයේදී වූවක් නොවේ

අගෝස්තු 1, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection