Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #fake

සමාජ මාධ්‍ය ජාලවල සංසරණය වන කොරියානු භාෂා විභාග අයදුම්පත බොරු

False
False

කොරියානු භාෂා 2024 වර්ෂයේ විභාගයට අදාළ අයදුම් පත්‍ර කැදවීම මේ වන විට සිදු වෙමින් පවතින අතර විදේශ සේවා නියුක්ති කාර්යංශය නිකුත් කළ බව සඳහන් අයදුම් පත්‍රයක්  සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතී.

by Anonymous |

පෙබරවාරි 26, 2024

“Korean EPS Topic විභාගය – 2024 සඳහා අයදුම්පත් ලබාගැනීමට බලාපොරොත්තු වන අයදුම්කරුවන් සඳහා වන පූර්ව සමීක්ෂණය – විභාග අපේක්ෂිත අයඳුම්කරුවන් මෙම පුර්ව සමීක්ෂනය සඳහා තොරතුරු ලබාදීම අනිවාර්ය වේ.” යනුවෙන් එහි සඳහන් වන අතර විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිල ලාංජනයද ඒ සඳහා යොදා ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් බොහෝ දෙනා උනන්දුවෙන් පසුවන බැවින් මෙම අයදුම්පත්‍රය පිළිබඳව factseeker විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් විමසා බැලීය.

ඒ අනුව  මේ වන විට අන්තර් ජාලය පුරා සංසරණය වන එම අයදුම් පත්‍රය කොරියානු භාෂා විභාගයට කිසිදු සම්බන්ධයක් නොමැති ව්‍යාජ අයදුම් පත්‍රයක් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අවධාරණය කළේය.

එසේම මෙම විභාග අයදුම්පත්‍රය සම්පූර්ණයෙන් ව්‍යාජ එකක් බව කොරියානු HRDK ආයතනය නිල වශයෙන් තහවුරු කළ බව ද එම ව්‍යාජ google form වෙත ඔබගේ තොරතුරු ලබා දීමෙන් වලකින ලෙස ද කාර්යාංශය ඉල්ලා සිටියේය.

2024 කොරියානු විභාගයට පෙනී සිටීමට බලාපොරොත්තු වන අපේක්ෂකයින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවිය වන http://www.slbfe.lk  වෙබ් අඩවියේ පල කර ඇති කොරියානු EPS විභාගය සම්බන්ධ උපදෙස් විස්තර http://(https://www.slbfe.lk/slbfe-announcement/registration-for-korean-language-test-2024-instructions-for-applicants/)

මත පමණක් පදනම්ව කටයුතු කරන්න ලෙස ද කාර්යාංශය ඉල්ලා සිටියි. http://www.slbfe.lk/

හි පමණක් පළ කෙරෙන බව ද කාර්යංශය සඳහන් කළේය.

වැඩි විස්තර 1989 අමතා ලබා ගතහැකි බවද විදේශ සේවා නියුත්ති කාර්යංශයේ මාධ්‍ය අංශයේ ප්‍රධානී මදුශාන් කුලරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මේවනතෙක් විදේශ සේවා නියුක්ති කාර්යංශය කිසිදු google form අයදුම්පත්‍රයක් නිකුත් කර නොමැති බවද මදුශාන් කුලරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ අනුව අන්තර් ජාලය පුරා සංසරණය වන අතර එම අයදුම් පත්‍රය ව්‍යාජ එකක් බව factsekeer තහවුරු කරයි.

එමෙ

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

කා.වි.දෙ. නිල වෙබ් අඩවියේ දෙරණ නාලිකාවේ විකාශන දර්ශන ඇතුළත් බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 9, 2025

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

අලුත් ආදායම් ක්‍රමයක් පිළිබඳ කුමාර් සංගක්කාර කරන ප්‍රවර්ධන වීඩියෝව AI නිර්මාණයක්.

ඔක්තෝබර් 23, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection