Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #AI
  • #fake

සජිත් ප්‍රේමදාස සහ රනිල් වික්‍රමසිංහ වැළඳගැනීමක් දැක්වෙන වීඩියෝව AI නිර්මාණයක්!

False
False

සජිත් ප්‍රේමදාස සහ රනිල් වික්‍රමසිංහ වැළඳගැනීමක් ලෙස දැක්වෙන වීඩියෝව කෘත්‍රිම බුද්ධිය යොදා ගනිමින් සිදු කළ නිර්මාණයක් බව FactSeeker සිදු කළ කරුණු පරීක්ෂාවෙන් තහවුරු විය.

by Anonymous |

ජූලි 1, 2025

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එකිනෙකා වැළඳගන්නා ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතී. ඒ ‘යථාර්ථය තේරුම් ගත්ත යාළු, දැන් ඉතින් ලේසි වෙන් නෑ’ යනුවෙන් සඳහනක් ද සහිතව ය.
එම වීඩියෝව මෙතැනින්.

ඇතැම් සමාජ මාධ්‍ය පරිශීලකයින් මෙය සත්‍ය වීඩියෝවක් බව විශ්වාස කිරීමට පෙළඹී ඇති බව වීඩියෝවේ අදහස් පළ කිරීම් තීරය තුළ අපට නිරීක්ෂණය විය.

නමුත් මෙම වීඩියෝවෙන් ලබාගත් ඡායාරූප කිහිපයක් රූප මූලාශ්‍ර සෙවුම(Reverse Image Search) හරහා පරීක්ෂාවේදී විවිධ පුවත්පත් වෙබ් අඩවි විසින් විවිධ පුවත් සඳහා භාවිත කරන ලද, එම වීඩියෝවට අදාළ ඡායාරූප කිහිපයක් හමු වුවද, එවැනි වැළඳගැනීමක් සහිත අවස්ථාවක වීඩියෝවක් අන්තර්ජාලයෙන් හමු නොවුණි.

එසේම මෙම වීඩියෝව වැඩිදුර පරීක්ෂාවේදී රනිල් වික්‍රමසිංහගේ මුහුණේ ඉරියව් අසාමාන්‍ය ලෙස වෙනස් වන ආකාරය දක්නට ලැබුණු අතර ශරීරය චලනය වීමේදී මුහුණේ පැහැයන්ද අස්වාභාවික ලෙස වෙනස් වන ආකාරය නීරීක්ෂණය කළ හැකි විය.

ඒ අනුව අදාළ වීඩියෝව කෘත්‍රිම බුද්ධිය යොදා ගනිමින් සකසන ලද්දක් ද යන්න පරීක්ෂා කිරීමට FactSeeker කටයුතු කරන ලද අතර එම වීඩියෝවෙන් ලබාගත් රූප කිහිපයක් AI Image Detector මෙවලම් හරහා පරීක්ෂා කිරීමේදී ලැබූ ප්‍රතිඵල අනුව 90% කට වඩා වැඩි ප්‍රතිශතයකින් මෙය AI ඔස්සේ නිර්මාණය කරන ලද්දක් බවට තහවුරු විය.

මේ අනුව FactSeeker සිදු කළ කරුණු පරීක්ෂාවෙන් තහවුරු කරන්නේ, සජිත් ප්‍රේමදාස සහ රනිල් වික්‍රමසිංහ වැළඳගැනීමක් ලෙස දැක්වෙන වීඩියෝව AI නිර්මාණයක් බවයි.

Latest updates

#false

ඊඩ්ල්වයිස් ගුවන්සේවය පසුගියදා මෙරටට පැමිණියේ ඉතිහාසයේ ප්‍රථමවරට නොවෙයි.

නොවැම්බර් 1, 2025

#false

තායි රාජා සහ කණ්ඩුල ඇතුන් තායිලන්තයට රැගෙන යාමේ සූදානමක් නැහැ

ඔක්තෝබර් 29, 2025

#misleading

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා සහ කාන්තාව යන වාර්තා පිළිබද පැහැදිලි කිරීමක්

ඔක්තෝබර් 28, 2025

#fake

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

Related Content

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

අලුත් ආදායම් ක්‍රමයක් පිළිබඳ කුමාර් සංගක්කාර කරන ප්‍රවර්ධන වීඩියෝව AI නිර්මාණයක්.

ඔක්තෝබර් 23, 2025

නව ආදායම් මාර්ගයකින් මුදල් උපයා ගත හැකි බව අගමැතිනි හරිනි ප්‍රකාශ කරන වීඩියෝ සියල්ල අසත්‍යයි!

ඔක්තෝබර් 22, 2025

චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මියගිය බවට සදහන් සමාජ මාධ්‍ය සටහන් අසත්‍යයි

ඔක්තෝබර් 20, 2025

මුජිබර් රහමාන් පැවසූවායැයි සඳහන් ප්‍රකාශය සාවද්‍යයි.

ඔක්තෝබර් 20, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection