Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #misleading

ශ්‍රී ලංකාවට BRICS සාමාජිකත්වය ලැබුණාද?

Misleading
Misleading

ශ්‍රී ලංකාව BRICS කණ්ඩායමට එකතු කරගැනීමට කැමැත්ත පළකරමින් මෙවර BRICS සමුළුවේදී තීන්දුවක් ගෙන ඇති බවට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පසුගිය 04 වැනිදා කොළොන්නාව ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ප්‍රකාශ කළේය.

by Anonymous |

නොවැම්බර් 26, 2024

මේ පිළිබඳව කරුණු සොයාබැලීමට FactSeeker තීරණය කළේය.

ටිල්වින් සිල්වා මහතා සිය කතාවේදී මේ සම්බන්ධයෙන් දක්වන අදහස් පහතින් දැක්වේ.

ඊට අදාළ සබැඳිය පහතින්.

“ඕගොල්ලො දන්නව (අර) ලෝකෙ සංවිධානයක් තියෙනව බ්‍රික්ස් කියල. බ්‍රසීලය, ඉන්දියාව, චීනය, රුසියාව, දකුණු අප්‍රිකාව කියන රටවල් එකතු වෙච්ච බ්‍රික්ස් කියල සංවිධානයක් තියෙනව. ඒකෙ අපි නෑ.

මේ පහුගිය දවස්වල ඒකේ සමුළුවක් තිබ්බ. මීට කලින් කවදාවත් ලංකාවට එන්න කිව්වෙ නෑ. මේ පාර අපට කිව්ව නියෝජිතයෝ එවන්න කියල. ඒකේ නිරීක්ෂණ මට්ටමෙන්. අපි නිලධාරීන් කීපදෙනෙක් යැව්ව විදේශ අමාත්‍යංශයෙන්.

ඒගොල්ලො (දැන්) තීන්දුවක් ගත්තලු (මොකක්ද) ඉදිරියේදී ලංකාවත් බ්‍රික්ස් කණ්ඩායමට එකතු කර ගන්න ඒගොල්ලො කැමතියි කියල.”

මෙම ප්‍රකාශය මගින් කියැවෙන්නේ ශ්‍රී ලංකාවට BRICS සාමාජිකත්වය ලබාදීමට BRICS සමුළුවේදී එකඟතාවයක් පළ වූ බවයි. එහි සත්‍යාසත්‍යතාව තහවුරු කරගැනීම සඳහා මේ සම්බන්ධයෙන් පළ වී ඇති පුවත් වාර්තා හා නිල නිවේදන අපි පරීක්ෂා කළෙමු.

ශ්‍රී ලංකාව BRICS සංවිධානයට ප්‍රවේශ වීමට අදාළ කරුණු විමර්ශනය කර සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා නිලධාරි කමිටුවක් පත් කිරීමට 2024-01-24 දින පැවති පසුගිය රජයේ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබේ.

ඒ අනුව පත් කරන ලද නිලධාරි කමිටුව විසින් ශ්‍රී ලංකාව BRICS සංවිධානයට මෙන්ම ඒ යටතේ ස්ථාපිත කිරීමට නියමිත නව සංවර්ධන බැංකුවට ප්‍රවේශ වීමේ වාසි සහ අවාසි පරීක්ෂා කර කමිටුවේ වාර්තාව ඉදිරිපත් කර ඇති බවත්, ඒ සඳහා සහභාගී වූ සියලු පාර්ශ්වයන් විසින් BRICS සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීම සම්බන්ධයෙන් ධනාත්මකව ප්‍රතිචාර දක්වා තිබූ බවත් අදාළ අමාත්‍ය මණ්ඩල තීරණයේ දැක්වේ.

ඒ අනුව, අදාළ රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාපටිපාටි අනුගමනය කරමින් ශ්‍රී ලංකාව BRICS සංවිධානයේ සහ ඒ යටතේ පිහිටුවීමට නියමිත නව සංවර්ධන බැංකුවේ සාමාජිකත්වය සඳහා අයදුම් කිරීම පිණිස එවකට විදේශ කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව පැවති රජයේ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

ඊට අදාළ කැබිනට් තීරණය පිළිබඳ මාධ්‍ය ප්‍රකාශය පහතින්.
https://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=16&Itemid=49&lang=si&dID=12814

ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් නිකුත් කළ මාධ්‍ය නිවේදන වලින් දක්වා තිබුණේ 2024 ඔක්තෝබර් 7 වැනි දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද පරිදි, ශ්‍රී ලංකාව BRICS සංවිධානයේ සහ නව සංවර්ධන බැංකුවේ(NDB) සාමාජිකත්වය සඳහා ඉල්ලුම් කර ඇති බවයි.

ඊට අදාළව BRICS සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීම සඳහා වන ශ්‍රී ලංකාවේ අභිප්‍රාය, විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්, BRICS සංවිධානයේ සාමාජික රටවල් නියෝජනය කරන විදේශ අමාත්‍යවරුන්ට ලිපි මගින් දන්වා තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මේ සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින්ට ලිඛිතව දන්වා ඇත.

2024 ඔක්තෝබර් 22 වැනි දින සිට 24 වැනි දින තෙක් රුසියාවේ කසාන් නුවර පැවැත්වුණු බ්‍රික්ස් සමුළුවට සහභාගී වූ ශ්‍රී ලංකා නියෝජිත පිරිසට විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන නායකත්වය ලබාදුන් අතර, මෙම සංචාරයේදී, විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන, ජනාධිපති අනුර කුමාර දිසානායක නියෝජනය කරමින් රාජ්‍ය නායක සමුළුව ඇමතීය.

විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන සිදු කළ සම්පූර්ණ ප්‍රකාශය පහතින්.
https://mfa.gov.lk/fsa-brics-kazan/

කසාන් ප්‍රකාශය සම්මත කර ගනිමින් මෙවර BRICS සමුළුව අවසන් වූ අතර, ගෝලීය දකුණේ රාජ්‍යයන් BRICS සංවිධානය කෙරෙහි දක්වන සැලකිය යුතු උනන්දුව පිළිගනිමින්, BRICS සංවිධානයේ ‘හවුල්කාරිත්ව තත්ත්වය (partnership status)’ ක්‍රමානුකූලව දීර්ඝ කිරීමේ ප්‍රයෝජනවත් බව කෙරෙහි විශ්වාසය පළ කොට තිබේ.

BRICS සංවාදය ඇමතූ විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය BRICS සංවිධානය සහ නව සංවර්ධන බැංකුව(NDB) සමග සම්බන්ධ වීමේ ශ්‍රී ලංකාවේ අභිලාෂය නැවත අවධාරණය කර තිබේ.

2024 නොවැම්බර් මස 10 වන දින විදේශ කටයුතු අමාත්‍යාංශය “ශ්‍රී ලංකාව බ්‍රික්ස් සංවිධානය වෙත ඉදිරිපත් කළ සාමාජිකත්ව අයදුම්පත “ප්‍රතික්ෂේප වී ඇති” බව පැවසෙන ඇතැම් දේශීය මාධ්‍ය වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැත” යන ශීර්ෂයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

එම මාධ්‍ය නිවේදනය පහතින්.
https://mfa.gov.lk/no-truth-in-brics/

මෙවර සමුළුවේදී BRICS සාමාජික රටවල් විසින් නව “හවුල්කාර රටවල්(partner countries)” කාණ්ඩයක් අනුමත කරනු ලැබූ බව එහි සඳහන් වේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව එම කාණ්ඩයට ඇතුළත් කර ගැනීමට තීන්දුවක් ගත් බවක් එම මාධ්‍ය නිවේදනයේ නොදැක්වේ.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක් BRICS සංවිධානයේ සාමාජිකත්වය අපේක්‍ෂා කරමින් සිදුකර ඇති ඉල්ලීම් BRICS සංවිධානයේ සාමාජික රටවල් විසින් ඉදිරියේදී සලකා බැලෙනු ඇති බවත්, නව සංවර්ධන බැංකුවට සම්බන්ධ වීමේ ශ්‍රී ලංකාවේ අභිප්‍රාය නව සංවර්ධන බැංකුවේ සභාපතිවරයා විසින් පිළිගනු ලැබූ බවත් එහි සඳහන් කර ඇත.

BRICS සංවිධානයේ සාමාජිකයන් සංඛ්‍යාව 09ක් ලෙස පවත්වාගෙන යාමට ගෙන ඇති තීරණය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාව එම සංවිධානයේ පූර්ණ සාමාජිකයෙකු ලෙස සම්බන්ධ වීම සඳහා යොමු කළ ඉල්ලුම් පත්‍රය පිළිබඳව සලකා බැලීම මේ අවස්ථාවේ සිදු නොවුණු බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පසුගිය ඔක්තෝබර් මස 27 වනද Sunday Times පුවත්පතට ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත්, “හවුල්කාරීත්ව සාමාජික රටක්” ලෙස එක්වීමට ශ්‍රී ලංකාව කරන ඉල්ලීම ඉදිරියේදී සලකා බලනු ඇතැයිද අමාත්‍යවරයා එහිදී පවසා තිබේ.

එම පුවත් වාර්තාවට අදාළ සබැඳිය පහතින්.
https://www.sundaytimes.lk/241027/news/lanka-allowed-to-join-as-partner-member-of-brics-will-join-groups-development-bank-575564.html

මේ සම්බන්ධව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය අවධාරණය කරන්නේ, ශ්‍රී ලංකාව BRICS හා සම්බන්ධ වීමට ඉල්ලුම් කර ඇති බවයි. රුසියානු BRICS සභාපතිත්වය ශ්‍රී ලංකාවේ අභිලාෂය පිළිගන්නා බව එහි දක්වා ඇත. එම අයදුම්පත BRICS විසින් අයදුම් කර ඇති වෙනත් රටවල් ගණනාවක ඉල්ලීම් සමග පූර්ණ උපදේශනයකින් සහ සම්මුතියකින් නියමිත අවස්ථාවේ සලකා බලනු ඇති බව එහි වැඩිදුරටත් දැක්වේ.

එම මාධ්‍ය නිවේදනය පහතින්.

ඒ අනුව මේ වනවිට BRICS පූර්ණ සාමාජිකත්වය දරන හා හවුල්කාරීත්ව තත්ත්වය පිරිනමා ඇති රාජ්‍යයන් පිළිබඳව අපි අවධානය යොමු කළෙමු.

රුසියානු ප්‍රවෘත්ති නියෝජිතායතනයක් වන Tass පුවත් වාර්තාවක් මගින් දක්වා තිබුණේ, කසාන්හි පැවති සමුළුවෙන් පසුව රටවල් 13 කට BRICS “හවුල්කාර තත්ත්වය” ලබා දී ඇති බව ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්ධීර් ජයස්වාල් මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කළ බවයි.

https://tass.com/world/1866399

@‌BRICSinfo X පිටුව උපුටා දක්වමින් සිංගප්පූරුවේ CNA ප්‍රවෘත්ති නාලිකාව පෙන්වා දෙන්නේ අලුතින් එකතු වූ රටවල් 4ක් ද ඇතුළුව BRICS හවුල්කාරීත්ව සාමාජික රටවල් 13 ක් මේ වන විට පිළිගෙන ඇති බවයි.

https://www.channelnewsasia.com/asia/malaysia-indonesia-vietnam-thailand-brics-asean-global-south-russia-china-4699841

එම රටවල් 13 මෙසේය.

🇩🇿 Algeria
🇧🇾 Belarus
🇧🇴 Bolivia
🇨🇺 Cuba
🇮🇩 Indonesia
🇰🇿 Kazakhstan
🇲🇾 Malaysia
🇳🇬 Nigeria
🇹🇭 Thailand
🇹🇷 Turkey
🇺🇬 Uganda
🇺🇿 Uzbekistan
🇻🇳 Vietnam

මේ පිළිබඳව Russia Today පුවත් වාර්තාවක් පහත දැක්වේ.
https://x.com/BRICSinfo/status/1849466665399902354

පහත රටවල් BRICS සංවිධානයේ පූර්ණ සාමාජිකත්වය දරයි.

🇧🇷 Brazil
🇷🇺 Russia
🇮🇳 India
🇨🇳 China
🇿🇦 South Africa
🇦🇪 UAE
🇮🇷 Iran
🇪🇬 Egypt
🇪🇹 Ethiopia

ඒ අනුව, ශ්‍රී ලංකාවට සාමාජිකත්වය ලබාදීමට BRICS සමුළුවේදී එකඟතාවයක් පළ වූ බවට ටිල්වින් සිල්වා සිදු කළ ප්‍රකාශය නොමගයවනසුලු බව FactSeeker සනාථ කරයි.

Latest updates

#fake

ඉරානය අමෙරිකානු B-2 Spirit යානාවක් බිම හෙලූ බව දක්වන ඡායාරූප ව්‍යාජයි

ජූනි 24, 2025

#fake

Spa Ceylon වෙනත් නිෂ්පාදනයක් ප්‍රවර්ධනය කරන බව සඳහන් ප්‍රචාරය අසත්‍යයි

ජූනි 23, 2025

#fake

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම් නවතන ලෙස උද්ඝෝෂණ කරන වීඩියෝව AI නිර්මාණයක්!

ජූනි 20, 2025

#fake

TEMU හි නොමිලේ ඉලෙක්ට්‍රොනික උපාංග ලබාදෙන බවට පළවන පුවත අසත්‍යයි!

ජූනි 20, 2025

Related Content

ඉරානයේ ගුවන් ප්‍රහාර ලෙස නොමග යවන වීඩියෝ හුවමාරු වෙයි

ජූනි 16, 2025

හුවමාරු වන වීඩියෝව අනතුරට ලක් වූ ගුවන් යානයේ සිටි මගියෙකු ගත් දර්ශන නෙවෙයි.

ජූනි 13, 2025

මාලිනියගේ අවමගුල දා නළු නිළියන් සාදයක් පැවත්වූවා ද?

මැයි 28, 2025

විදෙස් සංචාරකයෙකුට පහරදෙන වීඩියෝව පැරණියි

මැයි 27, 2025

සමාජ මාධ්‍ය වල සංසරණය වන දළදා වහන්සේගේ වීඩියෝ අනුරූ පමණි.

අප්‍රේල් 25, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection