Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #fake

ශ්‍රි ලංකාවේ ප්‍රසිද්ධ පුද්ගලයින් යොදාගෙන ව්‍යාජ ලෙස නිර්මාණය කරන ලද වෙළඳ ප්‍රචාරණ වීඩියෝ කිහිපයක්

False
False

මෙරට ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකු වන කුමාර සංගක්කාර සහ ලසිත් මාලිංග මෙන්ම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පෙනී සිටින Promotion Daraz ප්‍රචාරණ වීඩියෝ AI නිර්මාණ බව FactSeeker තහවුරු කරයි.

by Anonymous |

මැයි 8, 2025

ශ්‍රී ලංකාවේ විශාල විද්‍යුත් වාණිජ්‍ය වෙළඳපලක් වන Darazහි රු.680ක දීමනාවක් යටතේ Samsung Galaxy S24 Ultra වර්ගයේ ජංගම දුරකථන ලබා දෙන බව සඳහන් කරමින්, වීඩියෝ කිහිපයක් සමාජ මාධ්‍යයේ විශාල වශයෙන් හුවමාරු වෙමින් තිබේ.

මෙම වීඪියෝව සඳහා මෙරට ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකු වන කුමාර සංගක්කාර සහ ලසිත් මාලිංග මෙන්ම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පෙනී සිටියි.

මේ පිළිබඳව FactSeeker විසින් පුළුල් විශ්ලේෂණයක් සිදු කරනු ලැබුවේ,  කුමාර සංගක්කාර තම නිල ෆේස්බුක් පිටුවේ පළ කළ පණිවුඩයක් හේතුවෙනි. ඒ ‘DARAZ / Samsung සමඟ සහයෝගයෙන් ඔහු ගැන සඳහන් ඕනෑම වෙළඳ දැන්වීමක් නොසලකා හරින ලෙසත් ඉහත වෙළඳ නාම සමඟ ඔහුට කිසිදු සම්බන්ධයක් නොමැති බවත් හෙතෙම එම පණිවුඩයේ සඳහන් කර ඇත. එමෙන්ම  සහ මෙම වීඩියෝ AI තාක්ෂණයෙන් නිර්මාණය කර ඇති බව ඔහු එහිදී වැඩිදුරටත් අනාවරණය කර ඇත.

කුමාර සංගක්කාරගේ එම වෙළඳ ප්‍රචාරණ වීඩියෝව පළ කර ඇති Promotion Daraz ෆේස්බුක් ගිණුම පරීක්ෂා කිරීමේදී මේ ආකාරයෙන් ම ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මුහුණ සහිත ප්‍රචාරණ වීඩියෝ කිහිපයක් ද පළ කර තිබෙන ආකාරය FactSeeker ට නිරීක්ෂණය විය.

නමුත් මෙය Daraz ආයතනය සතු නිල ෆේස්බුක් පිටුවක් හෝ තහවුරු කරන ලද ගිණුමක් (Verified Account) නොවන බවත් පැහැදිලිවම දැකගත හැකිය. එසේම Daraz හි නිල ෆේස්බුක් පිටුව නිරීක්ෂණය කිරීමේදී,  Promotion Daraz මගින් පළ කර ඇති මෙම දැන්වීම් කිසිවක් නිල ෆේස්බුක් පිටුවේ හුවමාරු වී නොතිබීමෙන්, Promotion Daraz යනු ව්‍යාජ ලෙස නිර්මාණය කරන ලද ෆේස්බුක් පිටුවක් බවට තහවුරු විය.

මේ අනුව අදාළ වෙළඳ ප්‍රචාරණ වීඩියෝ ව්‍යාජ ලෙස සකසන ලද ඒවා ද යන්න සත්‍යාපනය කර ගැනීමට වීඩියෝවලින් ලබාගත් ඡායාරූප භාවිතයෙන්  Google AI Image checker වෙබ් අඩවිය හරහා දත්ත විශ්ලේෂණය කළේය. එහිදී ලැබූ ප්‍රතිඵල අනුව එම ප්‍රචාරණ වීඩියෝ සියල්ලක්ම 90%කට වඩා කෘත්‍රීම බුද්ධිය (AI) යොදාගනිමින් නිර්මාණය කරන ඇති බවට කරුණු සනාථ විය.

මීට අමතරව ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග ගේ නිල ෆේස්බුක් ගිණුම පරීක්ෂා කිරීමේදී Promotion Daraz මඟින් පළ කර ඇති වීඩියෝව නිර්මාණය කිරීමට යොදාගත් සත්‍ය වීඩියෝව සොයා ගැනීමට FactSeeker ට හැකි විය. එය ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ඔහු ලද අත්දැකීම් පිළිබඳ රචිත කිලර් (Killer) නම් කෘතිය පිළිබඳ පළ කර ඇති සජිවී වීඩියෝව යොදාගනිමින් සකස් කර ඇති බව තහවුරු විය.

එම වීඩියෝව මෙතැනින්:  https://www.facebook.com/share/v/1AZ4G5dYwN/

මේ අනුව  Promotion Daraz යනු ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් බවත් ඒ ඔස්සේ  රු.680ක දීමනාවක් යටතේ Samsung Galaxy S24 Ultra වර්ගයේ ජංගම දුරකථන ලබා දෙන බව සඳහන් කරමින් ප්‍රසිද්ධ පුද්ගලයින් යොදාගනිමින් පළ කරන  ප්‍රචාරණ වීඩියෝ සියල්ලක් ම  කෘත්‍රීම බුද්ධිය (AI) ඇසුරෙන් ව්‍යාජ ලෙස නිර්මාණය කරන ලද  වීඩියෝ  බව  FactSeeker තහවුරු කරයි.

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

කා.වි.දෙ. නිල වෙබ් අඩවියේ දෙරණ නාලිකාවේ විකාශන දර්ශන ඇතුළත් බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 9, 2025

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

අලුත් ආදායම් ක්‍රමයක් පිළිබඳ කුමාර් සංගක්කාර කරන ප්‍රවර්ධන වීඩියෝව AI නිර්මාණයක්.

ඔක්තෝබර් 23, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection