Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #fake

ශ්‍රි ලංකාවේ ප්‍රසිද්ධ පුද්ගලයින් යොදාගෙන ව්‍යාජ ලෙස නිර්මාණය කරන ලද වෙළඳ ප්‍රචාරණ වීඩියෝ කිහිපයක්

False
False

මෙරට ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකු වන කුමාර සංගක්කාර සහ ලසිත් මාලිංග මෙන්ම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පෙනී සිටින Promotion Daraz ප්‍රචාරණ වීඩියෝ AI නිර්මාණ බව FactSeeker තහවුරු කරයි.

by Anonymous |

මැයි 8, 2025

ශ්‍රී ලංකාවේ විශාල විද්‍යුත් වාණිජ්‍ය වෙළඳපලක් වන Darazහි රු.680ක දීමනාවක් යටතේ Samsung Galaxy S24 Ultra වර්ගයේ ජංගම දුරකථන ලබා දෙන බව සඳහන් කරමින්, වීඩියෝ කිහිපයක් සමාජ මාධ්‍යයේ විශාල වශයෙන් හුවමාරු වෙමින් තිබේ.

මෙම වීඪියෝව සඳහා මෙරට ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකු වන කුමාර සංගක්කාර සහ ලසිත් මාලිංග මෙන්ම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පෙනී සිටියි.

මේ පිළිබඳව FactSeeker විසින් පුළුල් විශ්ලේෂණයක් සිදු කරනු ලැබුවේ,  කුමාර සංගක්කාර තම නිල ෆේස්බුක් පිටුවේ පළ කළ පණිවුඩයක් හේතුවෙනි. ඒ ‘DARAZ / Samsung සමඟ සහයෝගයෙන් ඔහු ගැන සඳහන් ඕනෑම වෙළඳ දැන්වීමක් නොසලකා හරින ලෙසත් ඉහත වෙළඳ නාම සමඟ ඔහුට කිසිදු සම්බන්ධයක් නොමැති බවත් හෙතෙම එම පණිවුඩයේ සඳහන් කර ඇත. එමෙන්ම  සහ මෙම වීඩියෝ AI තාක්ෂණයෙන් නිර්මාණය කර ඇති බව ඔහු එහිදී වැඩිදුරටත් අනාවරණය කර ඇත.

කුමාර සංගක්කාරගේ එම වෙළඳ ප්‍රචාරණ වීඩියෝව පළ කර ඇති Promotion Daraz ෆේස්බුක් ගිණුම පරීක්ෂා කිරීමේදී මේ ආකාරයෙන් ම ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මුහුණ සහිත ප්‍රචාරණ වීඩියෝ කිහිපයක් ද පළ කර තිබෙන ආකාරය FactSeeker ට නිරීක්ෂණය විය.

නමුත් මෙය Daraz ආයතනය සතු නිල ෆේස්බුක් පිටුවක් හෝ තහවුරු කරන ලද ගිණුමක් (Verified Account) නොවන බවත් පැහැදිලිවම දැකගත හැකිය. එසේම Daraz හි නිල ෆේස්බුක් පිටුව නිරීක්ෂණය කිරීමේදී,  Promotion Daraz මගින් පළ කර ඇති මෙම දැන්වීම් කිසිවක් නිල ෆේස්බුක් පිටුවේ හුවමාරු වී නොතිබීමෙන්, Promotion Daraz යනු ව්‍යාජ ලෙස නිර්මාණය කරන ලද ෆේස්බුක් පිටුවක් බවට තහවුරු විය.

මේ අනුව අදාළ වෙළඳ ප්‍රචාරණ වීඩියෝ ව්‍යාජ ලෙස සකසන ලද ඒවා ද යන්න සත්‍යාපනය කර ගැනීමට වීඩියෝවලින් ලබාගත් ඡායාරූප භාවිතයෙන්  Google AI Image checker වෙබ් අඩවිය හරහා දත්ත විශ්ලේෂණය කළේය. එහිදී ලැබූ ප්‍රතිඵල අනුව එම ප්‍රචාරණ වීඩියෝ සියල්ලක්ම 90%කට වඩා කෘත්‍රීම බුද්ධිය (AI) යොදාගනිමින් නිර්මාණය කරන ඇති බවට කරුණු සනාථ විය.

මීට අමතරව ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග ගේ නිල ෆේස්බුක් ගිණුම පරීක්ෂා කිරීමේදී Promotion Daraz මඟින් පළ කර ඇති වීඩියෝව නිර්මාණය කිරීමට යොදාගත් සත්‍ය වීඩියෝව සොයා ගැනීමට FactSeeker ට හැකි විය. එය ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ඔහු ලද අත්දැකීම් පිළිබඳ රචිත කිලර් (Killer) නම් කෘතිය පිළිබඳ පළ කර ඇති සජිවී වීඩියෝව යොදාගනිමින් සකස් කර ඇති බව තහවුරු විය.

එම වීඩියෝව මෙතැනින්:  https://www.facebook.com/share/v/1AZ4G5dYwN/

මේ අනුව  Promotion Daraz යනු ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් බවත් ඒ ඔස්සේ  රු.680ක දීමනාවක් යටතේ Samsung Galaxy S24 Ultra වර්ගයේ ජංගම දුරකථන ලබා දෙන බව සඳහන් කරමින් ප්‍රසිද්ධ පුද්ගලයින් යොදාගනිමින් පළ කරන  ප්‍රචාරණ වීඩියෝ සියල්ලක් ම  කෘත්‍රීම බුද්ධිය (AI) ඇසුරෙන් ව්‍යාජ ලෙස නිර්මාණය කරන ලද  වීඩියෝ  බව  FactSeeker තහවුරු කරයි.

Latest updates

#false

ඊඩ්ල්වයිස් ගුවන්සේවය පසුගියදා මෙරටට පැමිණියේ ඉතිහාසයේ ප්‍රථමවරට නොවෙයි.

නොවැම්බර් 1, 2025

#false

තායි රාජා සහ කණ්ඩුල ඇතුන් තායිලන්තයට රැගෙන යාමේ සූදානමක් නැහැ

ඔක්තෝබර් 29, 2025

#misleading

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා සහ කාන්තාව යන වාර්තා පිළිබද පැහැදිලි කිරීමක්

ඔක්තෝබර් 28, 2025

#fake

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

Related Content

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

අලුත් ආදායම් ක්‍රමයක් පිළිබඳ කුමාර් සංගක්කාර කරන ප්‍රවර්ධන වීඩියෝව AI නිර්මාණයක්.

ඔක්තෝබර් 23, 2025

නව ආදායම් මාර්ගයකින් මුදල් උපයා ගත හැකි බව අගමැතිනි හරිනි ප්‍රකාශ කරන වීඩියෝ සියල්ල අසත්‍යයි!

ඔක්තෝබර් 22, 2025

චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මියගිය බවට සදහන් සමාජ මාධ්‍ය සටහන් අසත්‍යයි

ඔක්තෝබර් 20, 2025

මුජිබර් රහමාන් පැවසූවායැයි සඳහන් ප්‍රකාශය සාවද්‍යයි.

ඔක්තෝබර් 20, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection