Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #misleading

විදෙස් සංචාරකයෙකුට පහරදෙන වීඩියෝව පැරණියි

Misleading
Misleading

විදෙස් සංචාරකයෙකුට පහරදෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අතර එය 2024 වසරේ පෙබරවාරි මස වූ සිදුවීමක් බව FactSeeker කරුණු පරීක්ෂාවෙන් අනාවරණය කර ගැනුණි.

by Anonymous |

මැයි 27, 2025

ශ්‍රී ලාංකිකයෙකු විදේශීය සංචාරකයෙකුට පහර දෙන වීඩියෝවක් ආසන්න දින කිහිප‌යේ සමාජ මාධ්‍යවල හුවමාරු ව බව FactSeeker නිරීක්ෂණය කළේය. වැලිගම ප්‍රදේශයේ සර්ෆින් පුහුණුකරුවෙකු මෙම ප්‍රහාරය සිදු කළ බව කියන අතර, සිද්ධිය සිදුවූයේ කවදාද සහ එහි සත්‍යතාව පිළිබඳ තොරතුරු ලබා දෙන ලෙස FactSeeker වෙතින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් FactSeeker එහි කරුණු විමර්ශනය කළේය.

හුවමාරු වන වීඩියෝව විමර්ශනය කිරීමේදී, ප්‍රහාරයට ගොදුරු වූ පුද්ගලයා පිලිපීනයේ ජනප්‍රිය යූ ටියුබ්කරුවෙකු වන ‘The Lost Joey’ නමැත්තෙක් බවත්, ඔහු පසුගිය 24 වන දින ඔහුගේ යූ ටියුබ් නාලිකාවේ එම සිද්ධියේ සම්පූර්ණ වීඩියෝව පළ කර ඇති බවත් නිරීක්ෂණය විය.

මෙම වීඩියෝව ඔහුගේ යූ ටියුබ් නාලිකාවේ පළ කිරීමෙන් පසුව සමාජ මාධ්‍ය පරිශීලකයින් එම සිද්ධියට විවිධ අර්ථකථන ලබාදෙමින් නොමගයවනසුලු ලෙස එහි කොටස් සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා ගන්නා බව අපට නිරීක්ෂණය විය.

කෙසේ වෙතත්, ‘The Lost Joey’ විසින් පළ කරන ලද වීඩියෝව හොඳින් පරීක්ෂා කිරීමේදී, එම සංචාරකයා වැලිගම පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ගොනු කරන දර්ශන ද එහි ඇතුළත් වන බව අනාවරණය කර ගැනීමට හැකි වූ අතර, වීඩියෝවේ පෙනෙන දින දර්ශනය පිරික්සීමේදී, මෙම සිදුවීම 2024 පෙබරවාරි මාසයේදී සිදු වූවක් බව තහවුරු විය.

මෙම අතරවාරයේ, ශ්‍රී ලංකා පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, මෙම සිදුවීම 2024 පෙබරවාරි මාසයේදී සිදු වූ බවත්, ප්‍රහාරයට ලක් වූ සංචාරකයා එදිනම වැලිගම පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ගොනු කර ඇති බවත්ය. මෑතකදී සිදු වූවක් මෙන්, සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝ මගින් ජනතාව නොමඟයවන බවද නිවේදනයේ සඳහන් වේ.

තවද, ශ්‍රී ලංකාවේ සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා මාධ්‍ය හමුවකදී සිද්ධිය පිළිබඳව අදහස් දැක්වීය. සමාජ මාධ්‍ය ඔස්සේ වැරදි ලෙස ප්‍රචාරය වන එවැනි වීඩියෝ හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට සිදුවන බලපෑම පිළිබඳව ඔහු කනස්සල්ල පළ කළේය.

ඒ අනුව, සමාජ මාධ්‍යවල හුවමාරු වන ශ්‍රී ලාංකිකයෙකු විදේශීය සංචාරකයෙකුට පහර දෙන වීඩියෝව පසුගිය වසරේ (2024) වූ සිදුවීමකට අදාළ බවත්, මෑත කාලීන සිදුවීමක් නොවන බවත් FactSeeker තහවුරු කරයි.

Latest updates

#false

ඊඩ්ල්වයිස් ගුවන්සේවය පසුගියදා මෙරටට පැමිණියේ ඉතිහාසයේ ප්‍රථමවරට නොවෙයි.

නොවැම්බර් 1, 2025

#false

තායි රාජා සහ කණ්ඩුල ඇතුන් තායිලන්තයට රැගෙන යාමේ සූදානමක් නැහැ

ඔක්තෝබර් 29, 2025

#misleading

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා සහ කාන්තාව යන වාර්තා පිළිබද පැහැදිලි කිරීමක්

ඔක්තෝබර් 28, 2025

#fake

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

Related Content

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා සහ කාන්තාව යන වාර්තා පිළිබද පැහැදිලි කිරීමක්

ඔක්තෝබර් 28, 2025

“වර්නොලැක් ” යනු ඖෂධයක් නොව පෝෂණ අතිරේකයකි.

ඔක්තෝබර් 13, 2025

හුවමාරු වන වීඩියෝව ඇල්ල – වැල්ලවාය මාර්ගයේදී අනතුරට ලක්වූ බස් රථයේදී ගත් වීඩියෝවක් නෙවෙයි.

සැප්තැම්බර් 10, 2025

පළමු මාස හයට සංචාරක ඉපැයීම් ඩොලර් බිලියන 1.7 ක් පමණයි

අගෝස්තු 6, 2025

සංසරණය වන තල්මසුන්ගේ වීඩියෝව රුසියානු භූකම්පනයේදී වූවක් නොවේ

අගෝස්තු 1, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection