Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #misleading

විදෙස් සංචාරකයෙකුට පහරදෙන වීඩියෝව පැරණියි

Misleading
Misleading

විදෙස් සංචාරකයෙකුට පහරදෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අතර එය 2024 වසරේ පෙබරවාරි මස වූ සිදුවීමක් බව FactSeeker කරුණු පරීක්ෂාවෙන් අනාවරණය කර ගැනුණි.

by Anonymous |

මැයි 27, 2025

ශ්‍රී ලාංකිකයෙකු විදේශීය සංචාරකයෙකුට පහර දෙන වීඩියෝවක් ආසන්න දින කිහිප‌යේ සමාජ මාධ්‍යවල හුවමාරු ව බව FactSeeker නිරීක්ෂණය කළේය. වැලිගම ප්‍රදේශයේ සර්ෆින් පුහුණුකරුවෙකු මෙම ප්‍රහාරය සිදු කළ බව කියන අතර, සිද්ධිය සිදුවූයේ කවදාද සහ එහි සත්‍යතාව පිළිබඳ තොරතුරු ලබා දෙන ලෙස FactSeeker වෙතින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් FactSeeker එහි කරුණු විමර්ශනය කළේය.

හුවමාරු වන වීඩියෝව විමර්ශනය කිරීමේදී, ප්‍රහාරයට ගොදුරු වූ පුද්ගලයා පිලිපීනයේ ජනප්‍රිය යූ ටියුබ්කරුවෙකු වන ‘The Lost Joey’ නමැත්තෙක් බවත්, ඔහු පසුගිය 24 වන දින ඔහුගේ යූ ටියුබ් නාලිකාවේ එම සිද්ධියේ සම්පූර්ණ වීඩියෝව පළ කර ඇති බවත් නිරීක්ෂණය විය.

මෙම වීඩියෝව ඔහුගේ යූ ටියුබ් නාලිකාවේ පළ කිරීමෙන් පසුව සමාජ මාධ්‍ය පරිශීලකයින් එම සිද්ධියට විවිධ අර්ථකථන ලබාදෙමින් නොමගයවනසුලු ලෙස එහි කොටස් සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා ගන්නා බව අපට නිරීක්ෂණය විය.

කෙසේ වෙතත්, ‘The Lost Joey’ විසින් පළ කරන ලද වීඩියෝව හොඳින් පරීක්ෂා කිරීමේදී, එම සංචාරකයා වැලිගම පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ගොනු කරන දර්ශන ද එහි ඇතුළත් වන බව අනාවරණය කර ගැනීමට හැකි වූ අතර, වීඩියෝවේ පෙනෙන දින දර්ශනය පිරික්සීමේදී, මෙම සිදුවීම 2024 පෙබරවාරි මාසයේදී සිදු වූවක් බව තහවුරු විය.

මෙම අතරවාරයේ, ශ්‍රී ලංකා පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, මෙම සිදුවීම 2024 පෙබරවාරි මාසයේදී සිදු වූ බවත්, ප්‍රහාරයට ලක් වූ සංචාරකයා එදිනම වැලිගම පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ගොනු කර ඇති බවත්ය. මෑතකදී සිදු වූවක් මෙන්, සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝ මගින් ජනතාව නොමඟයවන බවද නිවේදනයේ සඳහන් වේ.

තවද, ශ්‍රී ලංකාවේ සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා මාධ්‍ය හමුවකදී සිද්ධිය පිළිබඳව අදහස් දැක්වීය. සමාජ මාධ්‍ය ඔස්සේ වැරදි ලෙස ප්‍රචාරය වන එවැනි වීඩියෝ හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට සිදුවන බලපෑම පිළිබඳව ඔහු කනස්සල්ල පළ කළේය.

ඒ අනුව, සමාජ මාධ්‍යවල හුවමාරු වන ශ්‍රී ලාංකිකයෙකු විදේශීය සංචාරකයෙකුට පහර දෙන වීඩියෝව පසුගිය වසරේ (2024) වූ සිදුවීමකට අදාළ බවත්, මෑත කාලීන සිදුවීමක් නොවන බවත් FactSeeker තහවුරු කරයි.

Latest updates

#false

ඉන්දීය හමුදාපතිවරයා ඉරාන නෞකාවක තොරතුරු ඊශ්‍රායලය සමඟ බෙදාගත් බවට පැතිර යන අසත්‍ය වීඩියෝව

මාර්තු 12, 2026

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

Related Content

ආපදාවට ලක්වූ දරුවෙකුගේයැයි දක්වමින් සංසරණය වන වීඩියෝව නිර්මාණාත්මක රංගනයක කොටසකි.

දෙසැම්බර් 18, 2025

දැඩි සුළං හේතුවෙන් කඩා වැටී ඇත්තේ ලිබර්ටි ප්‍රතිමාවේ අනුරුවකි.

දෙසැම්බර් 17, 2025

ශ්‍රී පාදස්ථානය ආශ්‍රිත ප්‍රදේශයේ නායයෑමක් සිදුවී ඇති බවට පළවන වාර්තා සත්‍යයි.

දෙසැම්බර් 2, 2025

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූප නොවැ.21 රැළියේ දී ගත් ඒවා නොවේ.

නොවැම්බර් 24, 2025

පොලිස් සේවයෙන් විසිදහසක් විශ්‍රාම යන බව චාමර සම්පත් කළ ප්‍රකාශය සාවද්‍යයි.

නොවැම්බර් 24, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection