Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #misleading

“වර්නොලැක් ” යනු ඖෂධයක් නොව පෝෂණ අතිරේකයකි.

Misleading
Misleading

පිළිකා රෝගය සදහා සුදුසු ඖෂධයක් සොයාගෙන ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පුවත් සංසරණය වන බව FactSeeker නිරීක්ෂණය විය.

by Anonymous |

ඔක්තෝබර් 13, 2025

කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන අණුක ජීව විද්‍යා සහ ජෛව තාක්ෂණ ඒකකය පිළිකා රෝගය සදහා සුදුසු ඖෂධයක් සොයාගෙන ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පුවත් සංසරණය වන බව FactSeeker හට නිරීක්ෂණය විය.

කොළඹ විශ්වවිද්‍යාලය මගින් සොයා ගන්නා ලද මෙම ඖෂධය ලබාගැනීමට ඇමතීම සදහා දුරකථන අංක කිහිපයක්ද ඇතැම් පෝස්ටුහි දක්වා තිබුණි. සමාජ මාධ්‍ය වල පමණක් නොව ප්‍රධාන මාධ්‍යයන් වල පවා මෙම පුවත ඉදිරිපත් කර තිබුණි.

විවිධ ශාකසාරයන් ඇතුළත් කරමින් මෙම ඖෂධය නිපදවා ඇති බවත් මේ හරහා රටට ආදායමක් ගෙන ඒමට බලාපොරොත්තුවෙන් සිටින බවත් ඇතැම් ඒවාහි දක්වා තිබුණි. ඒ අනුව පර්යේෂණ වලින් සාර්ථක වී ඇතැයි පැවසෙන මෙම ඖෂධය සත්‍ය ලෙසින්ම පිළිකා සදහා වන ඖෂධයක්ද ?
යන්න පිළිබදව FactSeeker කරුණු විමර්ශනය කර බැලීය.

මෙම පර්යේෂණ සදහා සම්බන්ධ වූ ආචාර්යවරුන් සහ විශ්වවිද්‍යාලයේ පිරිස් මේ සම්බන්ධයෙන් දක්වා ඇති අදහස් සම්බන්ධයෙන් මූලිකව අවධානය යොමු කළේය. ඒ අනුව සෛල සහ අණුක ජීව විද්‍යාව පිළිබද මහාචාර්ය සමීර ආර් සමරකෝන් විසින් කරන ප්‍රකාශ කිහිපයක් හමුවිය. එම ප්‍රකාශවල සදහන් කරුණු අනුව මෙම ඖෂධය පිළිබදව මෙසේ තොරතුරු අනාවරණය විය.

https://youtu.be/4Lk3RChPvbg?si=Jb_yibW1pnabfeQI

 

“වර්නොලැක්” (Vernolac) නමින් හැදින්වෙන මෙය කොළඹ විශ්ව විද්‍යාලයේ ජෛව රසායන , අණුක ජීව විද්‍යා සහ ජෛව තාක්ෂණ ආයතනය (IBMBB) මගින් නිෂ්පාදනය කරනු ලැබූ පෝෂක ඖෂධයකි. මහාචාර්ය සමීර ආර් සමරකෝන් සහ ඔහුගේ පර්යේෂක කණ්ඩායම මීට අදාල වන පර්යේෂණ සිදුකර ඇත. 2008 වසරේ සිට මෙහි පර්යේෂණ කටයුතු සිදුකර ඇති අතර පර්යේෂණ 17 කට පමණ මෙම පෝෂක ඖෂධය ලක් වී ඇත.මෙය පිළිකා රෝගීන්ට , පිළිකාවන්ගෙන් සුවය ලැබූවන්ට සහ අවධානමට ලක්වී ඇති ඕනෑම අයෙකු‌ට ලබාගත හැකිය.

මෙම පෝෂක ඖෂධයේ අන්තර්ගතය පිළිබදව අප කළ සොයා බැලීම්වලදී අනාවරණය වූ කරුණු අනුව මෙහි ප්‍රධාන ලෙසම ශාක වර්ග 5ක් අඩංගු වේ. ඒවා නම්,

හීන් බෝවිටියා (Vernonia zeylanica)
කළුදුරු (Nigella sativa)
ඉරමුසු (Hemidesmus indicus)
ගැටතුඹ (Leucas zeylanica)
කබරැස්ස (Smilax glabra)

මේවායේ නිස්සාරිත යොදාගනිමින් මෙම නිෂ්පාදනය කර ඇත. පිළිකා සෛලවල ඇති ප්‍රෝටීනවල ක්‍රියාකාරීත්වය පාලනය කරමින් පිළිකා සෛල විනාශ කිරීමට මෙන්ම පිළිකා කඳ සෛල (Cancer stem cells) පාලනය කිරීමට හැකියාව ඇති බව ද පර්යේෂණවලින් තහවුරු වී ඇති බව මහාචාර්යවරයා මේ සම්බන්ධයෙන් කර ඇති සාකච්ඡාවලදී අනාවරණය කර ඇත. එමෙන්ම කිසි ලෙසකින්වත් මෙය ඖෂධයක් ලෙස හැදින්විය නොහැකි බවත් මෙය පිළිකා රෝගීන් ප්‍රතිකාර ගැනීමේදී හෝ පසුව වඩා යහපත් ජීවන තත්වයක් ලබාදීම සදහා නිර්දේශ කළ හැකි පෝෂක ඖෂධයක් , පෝෂණ අතිරේකයක් (Nutraceutical)පමණක් බවත් වැඩිදුරටත් සඳහන් කරයි.

මෙය නව නිෂ්පාදනයක් ලෙස වෙළඳපොළට නිකුත් කර ඇත්ද ? යන්න පිළිබදව කොළඹ විශ්ව විද්‍යාලයේ ජෛව රසායන , අණුක ජීව විද්‍යා සහ ජෛව තාක්ෂණ ආයතනයෙන් කළ විමසීමේදී එහි කාර්යයේ නියුතු සශික නෙරංජන් කළ අදහස් දැක්වීමේදී අනාවරණය වූයේ, මෙය නව නිෂ්පාදනයක් නොවන බවයි. 2022.08.23 වනදා මෙය ෆැඩ්නා ලයිෆ් සයන්ස් (Fadna Life Science) සමග බලපත්‍ර ගිවිසුමක් යටතේ වෙළඳපොළට නිකුත් කර ඇත. මෙය පෝෂක අතිරේකයක් බැවින් වෛද්‍යවරයෙකුගේ නිර්දේශ කිරීමකින් තොරව ලබාගත හැකි බවද වැඩිදුරටත් සඳහන් කළේය. මෙය ඖෂධයක් ලෙස සැලකිය නොහැකිදැයි කළ විමසීමේදී ඔහු සඳහන් කර සිටියේ ඖෂධයක් නම් එය වෛද්‍ය නිර්දේශයකින් ලබාගැනීම අනිවාර්ය බවයි. මෙය එසේ නොවන බැවින් ඖෂධයක් ලෙස සැලකිය නොහැකි බව ද වැඩිදුරටත් සඳහන් කළේ ය.

මේ වන විට මෙම පෝෂණ අතිරේකය විශ්ව විද්‍යාලයේ සුබසාධක අලෙවිසැලින් ද කරන ලද  අලෙවිසැල් කිහිපයකින් මෙන්ම මහරගම අපේක්ෂා රෝහල ඉදිරිපිට ඇති ඖෂධ අලෙවිසැලෙන්ද මිලට ගත හැකි බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ පිළිබදව තවදුරටත් කරනු ලැබූ සොයාබැලීම්වලදී මේ සම්බන්ධයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ Facebook පිටුව හරහා ද මෙම පෝෂණ අතිරේකය සම්බන්ධයෙන් පැහැදිලිකිරීමක් සිදුකර තිබුණි.
https://www.facebook.com/share/1FD8c4xuot/

එමෙන්ම විවිධ මාධ්‍ය නාලිකා ඔස්සේද මේ සම්බන්ධයෙන් පැහැදිලිකිරීම් පළකර තිබුණි.
https://www.facebook.com/share/v/1DNKn9SFua/

මෙම තොරතුරු අනුව පිළිකා රෝගය සදහා කොළඹ විශ්ව විද්‍යාලයෙන් පර්යේෂණ කර සාර්ථක වී ඇති බව කියන නිෂ්පාදනය ඖෂධයක් නොවන බවත් එය ප්‍රතිකාර වලින් ඇතිවිය හැකි ආහාර අරුචි සහ අයහපත් ජීවන තත්වයන්වලට පිළියම් ලෙස වෛද්‍ය නිර්දේශයකින් තොරව ලබාගත හැකි පෝෂණ අතිරේකයක් බව තහවුරු විය. එමෙන්ම එය මීට වසර 3 කට ඉහතදී හදුන්වා දෙනු ලැබූවක් බවද FactSeeker තහවුරු කරගන්නා ලදී.

Latest updates

#misleading

ආපදාවට ලක්වූ දරුවෙකුගේයැයි දක්වමින් සංසරණය වන වීඩියෝව නිර්මාණාත්මක රංගනයක කොටසකි.

දෙසැම්බර් 18, 2025

#misleading

දැඩි සුළං හේතුවෙන් කඩා වැටී ඇත්තේ ලිබර්ටි ප්‍රතිමාවේ අනුරුවකි.

දෙසැම්බර් 17, 2025

#false

ලතා වල්පොල මියගොස් ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 16, 2025

#false

ග්‍රීක බැඳුම්කර නඩුවෙන් චූදිතයන් නිදොස් කොට නිදහස් කර නොමැත.

දෙසැම්බර් 12, 2025

Related Content

ආපදාවට ලක්වූ දරුවෙකුගේයැයි දක්වමින් සංසරණය වන වීඩියෝව නිර්මාණාත්මක රංගනයක කොටසකි.

දෙසැම්බර් 18, 2025

දැඩි සුළං හේතුවෙන් කඩා වැටී ඇත්තේ ලිබර්ටි ප්‍රතිමාවේ අනුරුවකි.

දෙසැම්බර් 17, 2025

ශ්‍රී පාදස්ථානය ආශ්‍රිත ප්‍රදේශයේ නායයෑමක් සිදුවී ඇති බවට පළවන වාර්තා සත්‍යයි.

දෙසැම්බර් 2, 2025

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූප නොවැ.21 රැළියේ දී ගත් ඒවා නොවේ.

නොවැම්බර් 24, 2025

පොලිස් සේවයෙන් විසිදහසක් විශ්‍රාම යන බව චාමර සම්පත් කළ ප්‍රකාශය සාවද්‍යයි.

නොවැම්බර් 24, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection