Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #fake

ලෝක බැංකුවේ හවුල්කාරීත්වයෙන් ජනපති අනුර කුමාර මුදල් ත්‍යාග පිරිනමන බව සඳහන් සබැඳි ව්‍යාජයි!

False
False

ලෝක බැංකුව සමග හවුල්කාරීත්වයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකාවේ දුප්පත් පුද්ගලයින්ට රුපියල් 10,000ක මුදල් ත්‍යාගයක් පිරිනමන බව සඳහන් කරමින් වට්ස්ඇප් සමාජ මාධ්‍ය වේදිකාව හරහා පණිවිඩයක් හුවමාරු වෙයි.

by Anonymous |

ජූනි 5, 2025

මෙය සත්‍ය දැයි පරීක්ෂා කර දෙන ලෙස FactSeeker ට ලැබුණු ඉල්ලීමකට අනුව අපි ඒ පිළිබඳ කරුණු පරීක්ෂා කළෙමු.

අදාළ මුදල් ත්‍යාගය ලබා ගැනීම සඳහා පහත සබැඳියට පිවිස එම ප්‍රශ්නවලට පිළිතුරු සපයන ලෙස මෙම පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් වී තිබුණි. මෙම සබැඳිය ඔස්සේ පිවිසිමේදී එම මුදල් ලැබුණු බවට අදහස් පළ කර තිබූ සියලු දෙනා විදෙස් ජාතිකයින් බවත්, භාවිත කළ සිංහල භාෂාවේ ව්‍යාකරණ දෝෂ සහ අපැහැදිලි තැන් රැසක් දැකගත හැකි විය.

එම පණිවිඩයේ සඳහන් සබැඳිය සත්‍ය සබැඳියක්ද? යන්න තහවුරු කර ගැනීම සඳහා URLVoid වෙබ් අඩවිය ඔස්සේ පරීක්ෂාවට ලක් කරන ලදී. එහිදී ලැබූ ප්‍රතිඵල අනුව තහවුරු වූයේ මෙය වංචනික සබැඳියක් බවයි.

මේ සම්බන්ධයෙන් අපි ජනාධිපති මාධ්‍ය අංශයෙන් කළ විමසීමකදී ප්‍රකාශ කළේ, එය ව්‍යාජ පණිවුඩයක් බවයි. එමෙන්ම මේ සම්බන්ධයෙන් ඔවුන් මෙම පණිවුඩය ව්‍යාජ බව ජනාධිපති මාධ්‍ය අංශයේ නිල ‌ෆේස්බුක් පිටුවේ නිවේදනයක් ද නිකුත් කර තිබිණි. එම නිවේදනය මෙතැනින්.

මේ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ශ්‍රී ලංකාවේ දුප්පත් පුරවැසියන්ට රු.10,000ක ත්‍යාග මුදලක් ලබා දෙන බවට සඳහන් වට්ස්ඇප් පණිවිඩය ව්‍යාජ බව සහ එහි අන්තර්ගත සබැඳිය වංචනික සබැඳියක් බව FactSeeker තහවුරු කරයි.

Latest updates

#false

ඉන්දීය හමුදාපතිවරයා ඉරාන නෞකාවක තොරතුරු ඊශ්‍රායලය සමඟ බෙදාගත් බවට පැතිර යන අසත්‍ය වීඩියෝව

මාර්තු 12, 2026

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

Related Content

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

කා.වි.දෙ. නිල වෙබ් අඩවියේ දෙරණ නාලිකාවේ විකාශන දර්ශන ඇතුළත් බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 9, 2025

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

අලුත් ආදායම් ක්‍රමයක් පිළිබඳ කුමාර් සංගක්කාර කරන ප්‍රවර්ධන වීඩියෝව AI නිර්මාණයක්.

ඔක්තෝබර් 23, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection