Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #misleading

ලතා වල්පොලට හදිසි සැත්කමක් කළා ද?

False
False

ශ්‍රී ලාංකේය ගීත කෝකිලාවිය ලතා වල්පොලට හදිසි සැත්කමක් කර ඇති බවට සඳහන්  යූ ටියුබ් නාලිකාවක් නිකුත් කර ඇති වීඩියෝවක් factseeker නිරීක්ෂණය කළේ ය.

by Anonymous |

මාර්තු 22, 2024

මෙය ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ ද හුවමාරු වී තිබිණි.

ලතා වල්පොල මහත්මිය ඉතාම සංකීරණ සැත්කමකට භාජනය වී රෝගාතුරව පසුවන බවත් පාපොච්චාරණයක් ලෙස ලිපියක් දියණියට ලබාදී ඇති බවත් මෙම විඩියෝවේ සඳහන් කර තිබේ.

එම ලිපිය හරහා පවුලේ සහ කලා කෂේත්‍රයේ යම් යම් සිදුවීම්ද සඳහන් කර ඇති බවට මෙම විඩියෝවේ සදහන් කර ඇත.

කෙසේවෙතත් මෙම විඩියෝවට සංස්කරණය කළ ඡායාරූප යොදාගෙන ඇති අතර ලතා වල්පොල මහත්මිය රෝහල් ගතකරන හෝ සැත්කමකට භාජනය කළ ඡායාරූප ඇතුළත් කර නොතිබිණි. එමෙන්ම මීට වසර කිහිපයකට පෙර ඇය පුවත්පතකට කර තිබු ප්‍රකාශයක් පදනම් කර ගනිමින් මෙම විඩියෝව සකස්කර ඇති බවක් පෙනෙන්නට තිබේ.

ඇයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් ඇගේ රසික රසිකාවියන් අදහස් දක්වා තිබිණි.

එමෙන්ම ලතා වල්පොල මහත්මියගේ ශරීර සෞඛ්‍ය සම්බන්ධයෙන් ඇගේ පවුලේ සමීපතමයෙක් (මුණුබුරා) වන තිසර බණ්ඩාරගෙන් විමසු විට ඔහු පැවසුයේ “ආච්චි ඉතාමත් සනීපෙන් සතුටින් ගෙදර ඉන්නවා. එයා අසනීපෙන් ඉන්නෙ, තීර්ණාත්මක සැත්කමක් කරා කියලා යන ප්‍රචාරය බොරුවක්.” යනුවෙන් සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් ද තබා තිබිණි.

ඒ අනුව ලතා වල්පොල හදිසි සැත්කමකට ලක්කළ බව කියැවෙන විඩියෝව අසත්‍ය කරුණු සහිත ව්‍යාජ එකක් බව factseeker තහවුරු කරයි.

Latest updates

#fake

ඉරානය අමෙරිකානු B-2 Spirit යානාවක් බිම හෙලූ බව දක්වන ඡායාරූප ව්‍යාජයි

ජූනි 24, 2025

#fake

Spa Ceylon වෙනත් නිෂ්පාදනයක් ප්‍රවර්ධනය කරන බව සඳහන් ප්‍රචාරය අසත්‍යයි

ජූනි 23, 2025

#fake

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම් නවතන ලෙස උද්ඝෝෂණ කරන වීඩියෝව AI නිර්මාණයක්!

ජූනි 20, 2025

#fake

TEMU හි නොමිලේ ඉලෙක්ට්‍රොනික උපාංග ලබාදෙන බවට පළවන පුවත අසත්‍යයි!

ජූනි 20, 2025

Related Content

ඉරානයේ ගුවන් ප්‍රහාර ලෙස නොමග යවන වීඩියෝ හුවමාරු වෙයි

ජූනි 16, 2025

හුවමාරු වන වීඩියෝව අනතුරට ලක් වූ ගුවන් යානයේ සිටි මගියෙකු ගත් දර්ශන නෙවෙයි.

ජූනි 13, 2025

මාලිනියගේ අවමගුල දා නළු නිළියන් සාදයක් පැවත්වූවා ද?

මැයි 28, 2025

විදෙස් සංචාරකයෙකුට පහරදෙන වීඩියෝව පැරණියි

මැයි 27, 2025

සමාජ මාධ්‍ය වල සංසරණය වන දළදා වහන්සේගේ වීඩියෝ අනුරූ පමණි.

අප්‍රේල් 25, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection