Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #fake

ලංකා සතොසේ මාර්ගගත දිනුම් ඇදීමක් නෑ

False
False

ලංකා සතොස හරහා මුදල් ත්‍යාග ලබාදීමේ දිනුම් ඇදීමක් කෙරෙන බව දැක්වෙන පණිවිඩයක් සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙයි.

by Anonymous |

ජූනි 5, 2025

මෙම දිනුම් ඇදීම සදහා 1970 ,1971 , 1972 හි උපන් ශ්‍රී ලාංකිකයන්ට සම්බන්ධ විය හැකි අතර කෙටි පෝරමයක් හරහා තොරතුරු ඇතුළත් කර රුපියල් 50 000 හෝ රුපියල් 100000 ක් වටිනා තෑගි කාඩ්පත් දිනා ගන්නා ලෙස මෙහි සදහන් වේ. එම පණිවිඩය පහතින්.

මෙම පණිවිඩයේ දිනුම් ඇදීම සදහා සම්බන්ධ විය හැකි වර්ෂයන් සඳහන් කළ බැලූන 3 ක් ඇති අතර එයින් අදාළ බැලූනය මත ක්ලික් කිරීම සදහා උපදෙස් දී තිබුණි.

මේ සම්බන්ධව පරිශීලකයින් බොහෝ දෙනෙක් අදහස් දක්වා තිබූ බැවින් මෙහි සත්‍ය අසත්‍යතාවය පිළිබද සොයා බැලීය. ඒ අනුව මේ සම්බන්ධයෙන් ලංකා සතොස ප්‍රධාන ශාඛාවේ මානව සම්පත් කළමණාකරන අංශයෙන් විමසීමක් කළේය. ලංකා සතොස මගින් මෙවැනි දිනුම් ඇදීමක් සිදු නොවන බව ඔවුන් එහිදී අනාවරණය කළේ ය.

මේ හා සමාන වෙනත් දිනුම් ඇදීමක් ක්‍රියාත්මක වන්නේ ද? යන්න පිළිබඳව ලංකා සතොස අලෙවිකරණ කළමනාකාරීවරියගෙන් විමසූ අතර එවැනි කිසිදු දිනුම් ඇදීමක් සිදුනොවන බව ඇය ද තහවුරු කළා ය. මේ සම්බන්ධයෙන් සතොස ෆේස්බුක් පිටුව හරහා පාරිහෝගිකයන් වෙත දැනුම්දීමක් ද කර තිබෙන බව ද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

ඒ අනුව මුදලින් රුපියල් 50 000 ක් සහ රුපියල් 100 000 ක් වටිනා තෑගි කාඩ්පත් ලබාදීම සදහා ලංකා සතොස මාර්ගගත දිනුම් ඇදීමක් කරන බව දක්වමින් සමාජ මාධ්‍ය හරහා සංසරණය වන පණිවිඩ ව්‍යාජ බව FactSeeker තහවුරු කරයි.

Latest updates

#false

ඉන්දීය හමුදාපතිවරයා ඉරාන නෞකාවක තොරතුරු ඊශ්‍රායලය සමඟ බෙදාගත් බවට පැතිර යන අසත්‍ය වීඩියෝව

මාර්තු 12, 2026

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

Related Content

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

කා.වි.දෙ. නිල වෙබ් අඩවියේ දෙරණ නාලිකාවේ විකාශන දර්ශන ඇතුළත් බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 9, 2025

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

අලුත් ආදායම් ක්‍රමයක් පිළිබඳ කුමාර් සංගක්කාර කරන ප්‍රවර්ධන වීඩියෝව AI නිර්මාණයක්.

ඔක්තෝබර් 23, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection