Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න

රුපියල් 692.78 කට KFC ප්‍රවර්ධන අවස්ථාවක් නෑ

False
False

KFC ආයතනය විසින් " Menu Bucket 9 chicken pcs (M) " යන මෙනුව රු. 692.78 ක මුදලකට ලබා ගත හැකි බව සඳහන් දැන්වීමක් සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙයි.

by Anonymous |

ඔක්තෝබර් 18, 2024

මෙහි රු.8314.29 වන මෙම මෙනුව රු. 692.78 ක් වැනි මුදලකට ලබාගත හැකි බව එම දැන්වීමේ සඳහන් වේ.

මෙය සත්‍ය බව පිළිගනිමින් බොහෝ දෙනෙකු සිය අදහස්  ප්‍රකාශ කර තිබෙන බව එය වැඩිදුරටත් නිරීක්ෂණය කිරීමේදී දැක ගත හැකි විය.

ඒ අනුව මෙහි සත්‍ය අසත්‍යතාව සොයා බැලීම සඳහා Factseeker  KFC හි නිල වෙබ් අඩවිය පරීක්ෂා කර බැලූ අතර  එවැනි ප්‍රවර්ධන අවස්ථාවක් ලබාදෙන බවක් එහි සඳහන් නොවුනි.

https://www.kfc.lk/menu/mains/hot-and-crispy-chicken

මේ පිළිබඳව KFC ශාඛා කිහිපයකින් විමසීමේදී ඔවුන් සඳහන් කළේ, මෙහි කිසිදු සත්‍යතාවයක් නොමැති බවත් මෙය ව්‍යාජ ලෙස සංසරණය වන දැක්වීමක් බවයි. මෙහි සඳහන් කරන ලද මෙනුව සඳහා එවැනි කිසිඳු ප්‍රවර්ධන අවස්තාවක් නොමැති බවත් වෙනත් මෙනු කිහිපයක්  සඳහා ප්‍රවර්ධන අවස්ථා ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ අනුව KFC හි ප්‍රවර්ධන අවස්ථාවක් තිබෙන  සඳහන් කරමින් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන මෙම දැන්වීම කිසිදු සත්‍යතාවක් නොමැති බව FactSeeker තහවුරු කරයි.

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ජනවාරි 30, 2026

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection