Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #fake

රැප් ගායක ශාන් පුතා වරද පිළිගත්තා ද?

False
False

මාතර ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකට අදාළ ගිනි අවියක් ලඟ තබාගෙන සිටි බවට ලද තොරතුරක් මත ප්‍රසිද්ධ රැප් ගායකයෙකු වන " ශාන් පුතා " හෙවත් කෞශාන් ගුණරත්න පසුගිය 14 වෙනිදා හෝමාගම පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

by Anonymous |

මාර්තු 19, 2025

“ඔහු අත්අඩංගුවට ගත් අවස්ථාවේ වරද පිළිගන්නා අයුරු” යනුවෙන් සඳහන් කරමින් වීඩියෝවක් සමාජ මාධ්‍යවල සංසරණය වන බව FactSeeker නිරීක්ෂණය කළේය .

එම වීඩියෝව මෙතැනින්

https://www.facebook.com/share/r/16NbEaDkap/

https://www.instagram.com/reel/DHLi15Zi5KE/?utm_source=ig_web_button_share_sheet

මෙම වීඩියෝවට අනුව වෑන් රථයේ සිටින කෞෂාන් ගුණරත්නට පොලිස් නිලධාරියෙක් යම්කිසි දෙයක් පවසන අතර  ඔහු එයට ප්‍රතිචාර දක්වන බව පෙනෙයි. මේ සම්බන්ධයෙන් බොහෝ පරිශීලකයින් දක්වා තිබූ අදහස් විමර්ශනය කිරීමේදී ඔවුන් එය සත්‍ය යැයි පිළිගෙන තිබූ බව පෙනෙන්නට තිබුණි.

නමුත් මෙම වීඩියෝව factseeker විමර්ෂණය කර බැලීමේදී එහි පුද්ගල අංග චලන අනුව එය AI තාක්ෂණයෙන් නිර්මාණය කර ඇති බව පැහැඳිලි විය.

එමෙන්ම එය යම් ඡායාරූපයක් වීඩියෝවක් බවට පත් කිරීමෙන් සකස් කර ඇති බව පෙනෙන්නට තිබූ නිසා factseeker එම ඡායාරූපය සොයා බැලීය. එහිදී මෙම වීඩියෝව නිර්මාණය කළ ඡායාරූපය සොයාගත හැකිවිය.

ඡායාරූපයක් වීඩියෝ දර්ශනයක් දක්වා වැඩි දියුණු කිරීමට ඇති කෘත්‍රීම බුද්ධි පහසුකම්  සමාජ මාධ්‍ය හරහා ම ලබා දී තිබෙන අතර ඊට නිදසුනක් ලෙස Xහි එය Grook නමින් හඳුන්වනු ලැබේ.  මීට අමතරව ඡායාරූපයක් යොදාගනිමින් එය වීඩියෝවක් බවට පරිවර්තනය කළ හැකි ආකාරයේ  Deep Nostalagia AI, Fliki, Animaker වැනි කෘත්‍රීම බුද්ධි මෙවලම් ද මේ වන විට ප්‍රචලිත ව පවතී. මෙම වීඩියෝව එවැනි ආකාරයේ  කෘත්‍රීම බුද්ධි මෙවලම් උපයෝගී කරගනිමින් නිර්මාණය කරන ලද්දක් බවට හඳුනා ගත හැක්කේ එහි පුද්ගල අංග චලන අසාමාන්‍ය ලෙස නිරූපණය වන බව නිරීක්ෂණය කිරීමෙනි.

ඒ අනුව මෙය AI මෙවලම් භාවිත කර ඡායාරූපයකින් වීඩියෝවක්  නිර්මාණය කර ඇති බව Factseeker තහවුරු කරයි.

Latest updates

#fake

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

#misleading

ආපදාවට ලක්වූ දරුවෙකුගේයැයි දක්වමින් සංසරණය වන වීඩියෝව නිර්මාණාත්මක රංගනයක කොටසකි.

දෙසැම්බර් 18, 2025

#misleading

දැඩි සුළං හේතුවෙන් කඩා වැටී ඇත්තේ ලිබර්ටි ප්‍රතිමාවේ අනුරුවකි.

දෙසැම්බර් 17, 2025

#false

ලතා වල්පොල මියගොස් ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 16, 2025

Related Content

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

කා.වි.දෙ. නිල වෙබ් අඩවියේ දෙරණ නාලිකාවේ විකාශන දර්ශන ඇතුළත් බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 9, 2025

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

අලුත් ආදායම් ක්‍රමයක් පිළිබඳ කුමාර් සංගක්කාර කරන ප්‍රවර්ධන වීඩියෝව AI නිර්මාණයක්.

ඔක්තෝබර් 23, 2025

නව ආදායම් මාර්ගයකින් මුදල් උපයා ගත හැකි බව අගමැතිනි හරිනි ප්‍රකාශ කරන වීඩියෝ සියල්ල අසත්‍යයි!

ඔක්තෝබර් 22, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection